ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.Sri Lanka Latest News
එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
කෙසේවෙතත් මෙහිදී වසන්ත සමරසිංහ මහතා කළ ප්‍රකාශයක් වූ තෙල්වලින් සංස්ථා ප්‍රධානියකුගේ සාක්කුවට රුපියල් 50ක කොමිස් මුදලක් යන්නේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට සභාපතිවරයා කියා සිටියේ තමන් එවැන්නක් පිළිබදව නොදන්නා බවකි.










