“දමිළ දේශපාලකයන්ගේ ඉල්ලීම් මුළුමනින්ම ජාතිවාදියි. පුරාවස්තු ඇති කිසිම බිමක් කුඹුරු කිරීමට ලබාදීමේ හැකියාවක් නැහැ. ජනපතිවරයා මහා විහාර පිළිබඳ දැනුවත් නැහැ. අනුරාධපුර පූජා නගරය අක්කර දෙදහසකින් සමන්විත වනවා. නමුත් ජනාධිපතිවරයා කියන්නේ අක්කර සියයක් නෑ කියලා. රාජ්‍ය නිලතලයක් ජාතිවාදීන් ඉදිරියේ හෑල්ලු කිරීම සුදුසු නැහැ. කුරුන්දි විහාරයට හෝ ඒ අවට කිසිම භූමියකට අයිතිවාසිකම් කියන්න දමිළ ජාතිකයන්ට කිසිම පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක් නැහැ. මේ බිම්වල අවුරුදු ගණන් වගා කළ අය ඉන්න බවට ඔවුන් කියන්නේ මුසාවාද. කුරුන්දි විහාරයට අයත් හෙක්ටයාර 1200 ක් පමණ මේ වන විටත් කපා දමා තිබෙනවා. මෙය විල්පත්තුව කැපුවාටත් වඩා ජාතික අපරාධයක්. මේ රක්‍ෂිත ගැසට් පත්‍ර මගින් නම්කරලා තිබෙන්නේ 1932 දී. උතුර – නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව කරනු ලැබූ අදාළ සාකච්ඡාවම පදනම් විරහිතයි.“ යැයි උතුරු පළාත් ප්‍රධාන සංඝනායක කුරුන්දි විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි නාහිමියෝ පවසා ඇත.
දිවයින පුවත්පතට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කොට තිබේ.
Kurundi Temple Galgamuwe Saththabodhi Himi










