• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිට ආණ්ඩුකාරවරු හිතුමතේ ඉවත් කරන්න බෑ! ඉවත් කරන විදිහ ව්‍යවස්ථාවේ වගන්තිත් එක්ක හිටපු අගවිනිසුරු මව්රටට කියයි!

May 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රටම යන්න කියද්දී ගෝඨා යන්නෙත් නැතිනම් මහින්ද යන්නෙත් නැතිනම් යවන හැටි මෙන්න! පාර්ලිමේන්තුව ඇතුළෙන් වෙනස කරන්න පුලුවන් ක්‍රමය හිටපු අගවිනිසුරු ‘මව්රට’ට විග්‍රහ කරයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවත්, එසේ ඉවත් කරන්නේ නම් පළාත් සභාවේ තුනෙන් දෙකක යෝජනාවක් සම්මත කළ යුතු බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවසීය.

ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ආණ්ඩුකාරවරුන්ට ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් ‘මව්රට’ කළ විමසීමකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.

එහිදී හිටපු අගවිනිසුරුවරයා මෙසේද කියා සිටියේය.

‘පළාත් සභා පිහිටෙව්වේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ. එදා ඉදන් ලංකාවේ පළාත් සභා ඡන්ද දිගටම පැවැත්වුණා. නීතියට අනුව 2017 ඔක්තෝබර් මාසයේදීත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය එදා පාර්ලිමේන්තුවට පිටු 2ක පනතක් ගෙනාවා කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි කියලා. ඒක දෙවන වර කියවීමේදි සම්මත වුණත් කාරක සභා අවස්ථාවේදී ඒ පනතටම තවත් පිටු 20ක් වැඩි කරලා පළාත් සභා මැතිවරණයත් ඇතුළත් කරලා සංශෝධනයක් ගෙනාවා. ඒකට විරුද්ධව මම 2017 ඔක්තෝබර් මාසයේදි නඩුවකුත් දැම්මා. එදා සුමන්තිරන් මහතා මට විරුද්ධව උසාවිත් ගියා. ‌කොහොමහරි මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා.

හැබැයි අද වනතුරු පළාත් සභා නෑ. මහඇමැතිවරු නෑ. පළාත් සභා මන්ත්‍රීවරු නෑ. ආණ්ඩුකාරවරු විතරයි ඉන්නේ. 154/ආ වගන්තිය අනුව ආණ්ඩුකාරවරු පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ තත්ත්වය ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙනවා. 154/ආ/5 වගන්තියට අනුව ආණ්ඩුකාරවරුන්ගේ කාලසීමාව අවුරුදු 5ක්. ඒ වගන්තියේ තියෙන්නේ ‘ස්වකීය ධූරය බාරගත් දින සිට අවුරුදු 5ක කාලසීමාවක් ධූරය දැරිය යුත්තේය’ කියලයි. යම් අවස්ථාවක ආණ්ඩුකාරවරයා ඉවත් කරනවා නම් පළාත් සභාවේ තුනෙන් දෙකකින් යෝජනාවක් සම්මත කරලා ජනාධිපතිවරයාට උපදෙසක් දෙන්න පුලුවන් ආණ්ඩුකාරවරයා ඉවත් කරන්න කියලා. ඒ දුන්නත් ජනාධිපතිවරයාට ප්‍රසාදයක් තියෙනවා නම් විතරයි ආණ්ඩුකාරවරයාව ඉවත් කරන්න පුලුවන්. ඒ විදිහට ආණ්ඩුකාර ධූරය ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කරලයි තියෙන්නේ.

දැන් පළාත් සභා නොමැති නිසා ආණ්ඩුකාරවරු විතරයි ඉන්නේ. ඉතින් පළාත් සභාවේ යෝජනාවක් නැතිව ඔවුන් ඉවත් කරන්න බෑ. ඉල්ලා අස්වුණොත් විතරයි ධූරය හිස්වෙන්නේ. අනෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි මේ ආණ්ඩුකාරවරු පත්කළේ. එතුමා ජනතා ඡන්දයෙන් තේරී පත්වුණු ජනාධිපතිවරයෙක්. දැන් ඉන්න ජනාධිපතිතුමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඉතින් ජනතා ඡන්දයෙන් ආ ජනාධිපතිවරයා පත් කළ ආණ්ඩුකාරවරුන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ඉවත් කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නයත් එනවා.

ඊළග කාරණය තමයි මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ ආණ්ඩුකාරවරු 4 දෙනෙක් ඉවත් කරනවා කියලයි. එතකොට අනෙක් පළාත්වල ආණ්ඩුකාරවරුන් ගැන මොකද කියන්නේ. ඒ අයත් ඉවත් කරනවාද? නීතියේ සමානාත්මතාවය පිළිබද ප්‍රශ්නයකුත් මෙතන මතුවෙනවා…’ යැයිද හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේය.

SendShareShare
Previous Post

රාජ්‍ය ඇමැති ඉන්දිකගේ මැරයන් පහර දීමේ සිද්ධියට ඕමාන ජාතිකයා ඇඟලුම් කම්හල වසා දමයි! රස්සා නැතිව ‌කුපිත වුණු සේවකයන් ඉන්දිකගේ ගෙදර ඉදිරිපිට විරෝධතාවක! ‘ඇමැතියාට එන්න කියාපිය’! VIDEO

Next Post

ව්‍යවස්ථාවේ 154.B.2 යටතේ ජනාධිපතිතුමාට ආණ්ඩුකාරවරු පත්කරන්න පුලුවන්! අපේ පක්ෂයේ කලු පැල්ලම් නැති අයව ජනාධිපතිතුමා ඒ තනතුරුවලට පත් කරයි! හිටපු අගවිනිසුරු බෑ කියද්දී හිටපු ඇමැති නවීන් පුලුවන් කියයි! VIDEO

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.