ස්විට්සර්ලන්ත කාන්තාවක් සමග පෙමින් බැදී රුපියල් ලක්ෂ 60ක් හා රන්භාණ්ඩ තොගයක් වංචා කළ යාපනය පොලීසියේ දෙමළ පොලිස් නිලධාරියෙකු 16 දා සිට අතුරුදහන් වී තිබේ. (Sri Lanka Latest News)
කලින් යාපනයේ පදිංචිව සිටි තරුණියක් ස්විට්සර්ලන්තයට ගොස් එහි ජීන්‍ත් වන අතරවාරයේ ඇගේ ඉඩකඩම් කීපයක් පවුලේ ඥාතීන් විසින් ඇයට හොර රහසේ වංචනික ලෙස ඔවුන්ගේ නම්වලට හරවාගෙන තිබේ.
මීට වසර තුනකට පෙර ඇය ස්විට්සර්ලන්තයේ සිට යාපනයට පැමිණි අවවස්ථාවක ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිල්ලක් කොට තිබේ.
පැමිණිල්ල විභාග කිරීමට ගිය පොලිස් නිලධාරියා හා එම කාන්තාව අතර ඉතා සමීප සබදකමක් ඇතිකරගෙන ඇති අතර පසුව එය ආදරයක් දක්වා වර්ධනය වී ඇත.
ඇයට ආදරය කළ පොලිස් නිලධාරියා එක් ඉඩමක අයිතිය ආපසු කාන්තාව අතට පත්ිරීමෙන් පසුව ඇය හා පොලිස් නිාලධාරියා අතර ආදරය තවත් වැඩිවී ඇති අතර කාලයක් යෑමේදී විවිධ අවශ්‍යතා කියමින් යාපනය පොලිස් නිලධාරියා ස්විට්සර්ලන්ත කාන්තාවගෙන් ණයට මුදල් ඉල්ලාගෙන ඇත.
ඇය පොලිස් නිලධාරියාට ලබාදී ඇති ණය මුදල පමණක් රුපියල් ලක්ෂ 60ක් වන අතර ඊට අමතරව රන් භාණ්ඩ තොගයක්ද සාද හා තෑග සදහාද කාන්තාව තවත් මුදලක් වැයකොට තිබේ.
කාලයත් සමග පොලිස් නිලධාරියා ඇය සමග පැවැත්වූ පෙම් සබදතාවයෙන් දුරස් වීමට පටන්ගෙන ගැනීම නිසා කාන්තාව ඇගෙන් ණයට ගත් මුදල් ආපසු ඉල්ලා ඇත.
මේ සමග පොලිස් නිලධාරියා දුරකතන අංක වෙනස් කිරීම නිසා ස්විට්සර්ලන්ත කාන්තාව ඇගේ ණය මුදල ලබාදෙන මෙන් මෙවර යාපනයට පැමිණි අවස්ථාවේදී යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
එම පැමිණිල්ල දැමීමත් සමග අදාළ පොලිස් නිලධාරියා යාපනයෙන් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
lankasara