• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධම්මික පෙරේරා ආයෙත් එළියට එයි! වැඩ පටන් ගනී! ‘පොහොසත් ගමක්-පොහොසත් රටක්’ හදන්න මොනරාගලින් ගමක්ම විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

April 18, 2024
in Exclusive
Reading Time: 22 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ “පොහොසත් ගමක් – පොහොසත් රටක්” සංකල්පය අනුව දිළිඳුකම අවසන් කිරීමේ විසඳුම වශයෙන් ගම පොහොසත් කිරීමේ වැඩසටහන පළමු වරට ප්‍රායෝගිකව එළිදැක්වීම අද (17) සිදුකෙරිණ .Sri Lanka Latest News

ඒ, මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑගම, ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතනය කේන්ද්‍ර කරගනිමිනි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක පාදක කරගනිමින් සකස් කර ඇති පොහොසත් ගමක් – පොහොසත් රටක් සංකල්පය අනුව ගම පොහොසත් කිරීම සඳහා වන පියවර 18ක් මෙහිදී අද සිට ක්‍රියාත්මක කෙරේ.

  1. ප්‍රජා මුළුතැන්ගෙය

ධම්මික පෙරේරා මහතා අතින් ප්‍රජා මුළුතැන්ගෙය විවෘත කිරීම සහ දරුවන්ට ආහාර ලබාදීම

පෝෂණයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ප්‍රජා මුළුතැන්ගෙය ගමේ පිහිටුවන අතර ගමේ සිටින එදිනෙදා ආහාර වේල සපයාගත නොහැකි මට්ටමේ ඉතාම දුප්පත් පවුල් සඳහා මෙයින් ආහාර සැපයීම සිදුකෙරේ.

  1. ඩීපී එඩියුකේෂන් පෙර පාසල

ධම්මික පෙරේරා මහතා අතින් ඩීපී එඩියුකේෂන් පෙර පාසල විවෘත කිරීම

ගුණාත්මක අධ්‍යාපනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව පිහිටුවා ඇති මෙම ඩීපී එඩියුකේෂන් පෙරපාසල තුළින් ගමේ කුඩා දූදරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ පෙරපාසල් අධ්‍යාපනයක් ලබාදීම සිදුකෙරේ. දියුණු රටවල පෙරපාසල්වල ඇති ආකාරයෙන්ම මේස පුටු, සෙල්ලම් බඩු සහ ඩිජිටල් තිර සහිත ස්මාර්ට් පන්ති කාමරයක් මෙම පෙරපාසලට ලබාදී තිබේ.

  1. ඩීපී එඩියුකේෂන් ස්මාර්ට් පන්ති කාමර

ධම්මික පෙරේරා මහතා අතින් ගමේ පාසලට / පිරිවෙනට ලබාදී ඇති ස්මාර්ට් පන්ති කාමර විවෘත කිරීම

ගුණාත්මක අධ්‍යාපනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ස්මාර්ට් පන්ති කාමර ලබාදීම සිදුකෙරෙන අතර ආසියාවේ අංක එකේ ඩිජිටල් පාසල් අධ්‍යාපන වැඩසටහන වන ඩීපී එඩියුකේෂන් හි පාඩම් මාලාවන් එම ස්මාර්ට් පන්ති කාමරවලින් ගමේ දරුවන්ට උගන්වනු ලැබේ. මේ ඔස්සේ කොළඹ ඉහළ පෙළේ පාසල්වල දරුවන් ලබන අධ්‍යාපනය හා සමානම අධ්‍යාපනයක් ගමේ දරුවන්ටත් ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් සකස් කර ඇත.

  1. ඩීපී එඩියුකේෂන් ඩිජිටල් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය

ධම්මික පෙරේරා මහතා අතින් ඩීපී එඩියුකේෂන් ඩිජිටල් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම

හැකියාවන්ගෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ඩීපී එඩියුකේෂන් ඩිජිටල් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර මේ ඔස්සේ ගමේ තරුණ තරුණියන්ට දේශීය හා විදේශීය වශයෙන් ඉහළ ඉල්ලුමක් පවතින විවිධ රැකියා සඳහා අවශ්‍ය න්‍යායික පුහුණුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ස්මාර්ට් පන්ති කාමර හරහා ලබාදීම සිදුකෙරේ.

  1. ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස්

ධම්මික පෙරේරා මහතා අතින් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව විවෘත කිරීම

තාක්ෂණයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන ක්‍රියාත්මක වන අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දස ලක්ෂයක් බිහිකිරීම මෙහි ඉලක්කය වී තිබේ. ඉහළ වැටුපක් ලබාගත හැකි තොරතුරු තාක්ෂණ රැකියා සඳහා අවශ්‍ය පරිගණක භාෂා අධ්‍යාපනය මොරටුව, කැළණිය සහ රුහුණ යන විශ්වවිද්‍යාල හා එක්ව ගමේ දරුවන්ට ලබාදීම මෙම ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවෙන් සිදුකෙරේ.

  1. ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස්

ධම්මික පෙරේරා මහතා අතින් ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් ශාඛාව විවෘත කිරීම

ආර්ථික සංවර්ධනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සුදුසුකම් සම්පූර්ණ කළ ගමේ තරුණ තරුණියන්ට ගමේම සිටිමින් තොරතුරු තාක්ෂණ රැකියාවල නිරත වීම සඳහා අවශ්‍ය පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත කාර්යාලයක් ලබාදීම මෙයින් සිදුකෙරේ. ඔවුන්ට ගමේම සිටිමින් විදෙස් සමාගම්වලට සේවා සැපයිය හැකි අතර රටට අවශ්‍ය විදේශ විනිමය ඉපයීමට දායක වෙමින් ඉහළ වැටුපක් ද ලබාගැනීමට හැකියාව ලැබේ.

එසේම නවෝත්පාදනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ සංකල්පය මත තොරතුරු තාක්ෂණය හැදෑරූ ගමේ තරුණ තරුණියන්ට පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ද ලබාදෙනු ලැබේ.

  1. ඩීපී එඩියුකේෂන් භාෂා පාසල

ධම්මික පෙරේරා මහතා අතින් ඩීපී එඩියුකේෂන් භාෂා පාසල විවෘත කිරීම

ආර්ථික සංවර්ධනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ තවත් පියවරක් ලෙස ඩීපී එඩියුකේෂන් භාෂා පාසල පිහිටුවන අතර විදේශ රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් සඳහා ඉංග්‍රීසි, ජපන්, කොරියන් සහ ඉතාලි භාෂා ඉගැන්වීම මෙයින් සිදුකෙරේ. ජාත්‍යන්තර මට්ටමේ භාෂා ප්‍රවීණතා විභාගවලට පෙනී සිටිය හැකි මට්ටමෙන් යුත් මෙම අධ්‍යාපනය ලබාදෙන්නේ ඩිජිටල් තිර සහිත ස්මාර්ට් පන්ති කාමර ඔස්සේ ය.

  1. ඩීපී එඩියුකේෂන් ක්‍රීඩා පාසල

ධම්මික පෙරේරා මහතා අතින් ඩීපී එඩියුකේෂන් ක්‍රීඩා පාසල විවෘත කිරීම
ධම්මික පෙරේරා මහතා විසින් වොලිබෝල් ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාදීම

ක්‍රීඩාවෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඩීපී එඩියුකේෂන් ක්‍රීඩා පාසල ක්‍රියාත්මක කෙරෙන අතර මෙහිදී ගමේ පාසල් සහ ක්‍රීඩා සමාජවල සිටින වොලිබෝල්, ක්‍රිකට්, මීටර් 100, මීටර් 200, මීටර් 400, උස පැනීම සහ දුර පැනීම යන ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩකයින්ට අවශ්‍ය න්‍යායික දැනුම රටේ හොඳම පුහුණුකරුවන්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ස්මාර්ට් පන්ති කාමර හරහා ලබාදෙනු ලැබේ.

  1. වඳ වීගෙන යන ශාක ගමේ පොදු ස්ථානවල වගාකිරීම

ධම්මික පෙරේරා මහතා අතින් පන්සල් භූමියේ “කර” ශාකයක් සිටුවීම
වඳවී යාමේ තර්ජනයට ලක්වූ ශාක 60ක් ගමේ විවිධ පොදු ස්ථානවල සිටුවීම

තිරසර පරිසරයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව වඳ වීගෙන යන ශාක අතරින් ප්‍රදේශයට ආවේණික ශාක ගමේ පොදු ස්ථානවල වගාකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකාවේ ඇති වඳවී යාමේ තර්ජනයට ලක්වූ ශාක වර්ග 1496න් පැළ මිලියන 10ක් දිවයින පුරා සිටුවීම මෙහි ඉලක්කය වී තිබේ.

  1. එක ගමකට එක බෝගයක් – ස්ථිර බෝග

ධම්මික පෙරේරා මහතා අතින් ගම් වැසියෙකුගේ නිවසක සාදික්කා / දොඩම් පැළයක් සිටුවීම

අස්වැන්නෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව එක ගමකට එක බෝගයක් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ගමේ සියලුම පවුල්වලට තමන්ගේ ගෙවතුවල වගා කළ හැකි, දීර්ඝ කාලීනව අස්වනු ලැබෙන එක් බෝගයකින් පැළ සිටුවීමට ලබාදීම මෙහිදී සිදුකෙරේ. ගමේ සියලුම දෙනා එකම බෝගයක් වගා කරන නිසා මේවායේ අස්වනු විකිණීම පහසු වන අතර අස්වනු මිලදී ගන්නා අයටත් තමන්ට අවශ්‍ය තොග එකම තැනකින් ලබාගැනීමට හැකිවේ.

  1. එක ගමකට එක බෝගයක් – අතිරේක බෝග

ධම්මික පෙරේරා මහතා අතින් ගම් වාසීන්ට දඹල වගාව සඳහා බීජ ලබාදීම

පෙර සඳහන් කළ ස්ථිර බෝග වගාවෙන් ආදායමක් ලබාගැනීම සඳහා යම් කාලයක් ගතවන හෙයින් ඒ දක්වා ගම්වාසීන්ට අමතර ආදායමක් ඉපයීම සඳහා තම ගෙවතුවල වගා කළ හැකි අතිරේක බෝග හඳුන්වාදීම සිදුකෙරේ. මේවා ද මුළු ගමේම පවුල් එකම බෝගයක් වගා කරන නිසා අස්වනු විකුණා ගැනීම පහසු වන අතර අස්වනු මිලදී ගන්නා අයටත් තමන්ට අවශ්‍ය තොග එකම තැනකින් ලබාගැනීමට හැකිවේ.

  1. නිදහස් වයිෆයි කලාපය – Free wifi

ධම්මික පෙරේරා මහතා අතින් නිදහස් වයිෆයි කලාපය විවෘත කිරීම

තාක්ෂණයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම නිදහස් වයිෆයි කලාප පිහිටුවනු ලබන අතර වැඩිදුර අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට, රැකියාවක් සොයාගැනීමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැනුම සොයන තරුණ තරුණියන්ට, රාජ්‍ය ආයතනවලින් අන්තර්ජාලය ඔස්සේ ලබාගත යුතු සේවාවන් ලබාගැනීමට අවශ්‍ය අයට මෙම ස්ථානයට පැමිණ නොමිලේ අන්තර්ජාලය භාවිතා කළ හැකිය.

  1. තරුණ නායකත්ව සමාජය

තරුණ නායකත්ව සමාජයේ තරුණ තරුණියන් ධම්මික පෙරේරා මහතා හමුවීම

හැකියාවන්ගෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම තරුණ නායකත්ව සමාජය පිහිටුවන අතර ඔවුන්ට තමන්ගේ හැකියාවන් අනුව වඩාත් ඉහළ වැටුප් ලැබෙන රැකියාවන් කරා යාමට අවශ්‍ය මඟ පෙන්වීම මෙයින් සිදුකරනු ලැබේ.

එමෙන්ම ව්‍යාපාරයන්ගෙන් පොහොසත් රටක් බිහිකිරීමේ සංකල්පය මත ගමේ තරුණ තරුණියන්ට තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම හා දැනුම ලබාදීමත් සිදුකෙරේ.

  1. සෞඛ්‍ය අධ්‍යාපන පාසල

ධම්මික පෙරේරා මහතා අතින් සෞඛ්‍ය අධ්‍යාපන පාසල විවෘත කිරීම

සෞඛ්‍යයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම සෞඛ්‍ය අධ්‍යාපන පාසල පිහිටුවන අතර විවාහයේ සිට නීරෝගීමත් දරුවකු බිහිකිරීම දක්වා අවශ්‍ය වන සෞඛ්‍යමය දැනුම ලබාදීමත් තම දරුවා නීරෝගීමත් සහ බුද්ධිමත් දරුවකු වශයෙන් වයස අවුරුදු 5 දක්වා රැකබලා ගතයුතු ආකාරය පිළිබඳ දැනුම ලබාදීමත් මෙයින් සිදුකෙරේ. මෙය ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ ස්මාර්ට් පන්ති කාමර හරහා සිදුකෙරෙන වැඩසටහනකි.

  1. ඩීපී එඩියුකේෂන් පිරිවෙන් අධ්‍යාපනය

ධම්මික පෙරේරා මහතා අතින් ඩීපී එඩියුකේෂන් පිරිවෙන් අධ්‍යාපනය විවෘත කිරීම

සාරධර්මයන්ගෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඩීපී එඩියුකේෂන් පිරිවෙන් අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ගමේ පිරිවෙනේ ස්වාමීන් වහන්සේලාට බුද්ධ ධර්මය, සංස්කෘත, පාලි භාෂා ඇතුළු පිරිවෙන් අධ්‍යාපනය ස්මාර්ට් පන්ති කාමර ඔස්සේ ලබාදීම මෙහිදී සිදුකෙරේ.

  1. සූර්ය කෝෂ බලශක්ති පද්ධතිය

ධම්මික පෙරේරා මහතා අතින් සූර්ය කෝෂ විදුලිබල පද්ධතිය විවෘත කිරීම

බලශක්තියෙන් පොහොසත් රටක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව මෙම සූර්ය කෝෂ විදුලිබල පද්ධති ස්ථාපිත කරන අතර ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවට සහ සියලුම ස්මාර්ට් පන්ති කාමරවලට විදුලිය ලබාදෙන්නේ මෙම සූර්ය කෝෂ මගිනි. මෙයින් නිපදවන විදුලිය බැටරි පද්ධතියක ගබඩා කරමින් ලබාදෙන බැවින් විදුලිය විසන්ධි වීමක් සිදුවන්නේ ද නැත.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත වැඩ

  1. ගෙවතු වගාව

අස්වැන්නෙන් පොහොසත් රටක් බිහිකිරීමේ සංකල්පය අනුව පෙර කී පරිදි ආදායම් ලබාගැනීම සඳහා ස්ථිර බෝග සහ අතිරේක වගා කරන අතරේම ගම්වැසියන්ට තම නිවසේ පරිභෝජනය සඳහා පමණක් අවශ්‍ය එළවලු වර්ග, පළා වර්ග ආදිය ගෙවතු වගාවන් වශයෙන් වගාකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ඔවුන්ව ඊට යොමුකරනු ලැබේ.

  1. එක ගමකට එක නිෂ්පාදනයක්

ආර්ථික සංවර්ධනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව එක ගමකට එක නිෂ්පාදනයක් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර මෙහිදී ගමේ කාන්තාවන්ට සහ තරුණියන්ට තම නිවෙස්වලම සිටිමින් යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැනුම හා මූලික පහසුකම් ලබාදීම සිදුකෙරේ. උදාහරණ – විසිතුරු මසුන්, පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන, ඇඳුම් මැසීම, හඳුන්කූරු නිෂ්පාදනය, බිම්මල් වගාව. ගමේ සියල්ලන්ම එකම භාණ්ඩයක් නිෂ්පාදනය කරන නිසා මෙහිදී ද තම නිෂ්පාදන විකුණා ගැනීම ඔවුන්ට පහසු වන අතර නිෂ්පාදන මිලදී ගන්නා අයට ද එකම ස්ථානයකින් තමන්ට අවශ්‍ය තොග මිලදී ගැනීමට හැකිවේ.

මෙම පළමු ආදර්ශ ගම්මානය බිහිකෙරෙන්නේ බිබිල, වෑගම පළාත් පාලන මැතිවරණ කොට්ඨාසය තුළ ය. ඊට වෑගම උතුර සහ වෑගම දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙක අයත් වේ. දිවයින පුරා මෙවැනි පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 4235ක් පවතින අතර ඒවා යටතේ පවතින ගම්මාන එකතු කරමින් පොකුරු ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීම “පොහොසත් ගමක් – පොහොසත් රටක්” සමස්ත ව්‍යාපෘතියේ ඉලක්කය වී තිබේ.

වෑගම ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවේ මේ වනවිට පරිගණක භාෂා පාඨමාලාව හදාරණ සිසු සිසුවියන් 1600 දෙනෙක් සිටින අතර තරුණ තරුණියන් 16 දෙනෙක් රැකියා සුදුසුකම් දක්වා පාඨමාලාව සම්පූර්ණ කර ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් රැකියා මධ්‍යස්ථානයෙහි මෘදුකාංග ඉංජිනේරුවරුන් වශයෙන් රැකියා පුහුණුව ලබමින් සිටිති.

ගම පොහොසත් කිරීම සම්බන්ධයෙන් මෙවැනි සංයුක්ත වැඩසටහනක් මේ ආකාරයෙන් ප්‍රායෝගිකව එළිදැක්වෙන්නේ ලෝකයේ පළමු අවස්ථාවට ය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ව්‍යාපෘතිය හරහා දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන දිවයින පුරා ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර දැනට විවෘත කර, පවත්වාගෙන යනු ලබන ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛා සංඛ්‍යාව 131 කි.

SendShareShare
Previous Post

ජාත්‍යන්තර ණයහිමියන් ආණ්ඩුවට දූෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා පිළිගත් ක්‍රමවත් වේගවත් යාන්ත්‍රණයක් හදන්න කියලා කොන්දේසියක් දාලා! ආණ්ඩුව ඒකට එකඟ නොවීම නිසා දිගින් දිගටම ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වෙනවා! ඇයි ආණ්ඩුව හොරකම් කිරීම නවත්වන්න කැමැති නැත්තේ? ආණ්ඩුව ගහපු ගැහිලිවලින්ම ‌මරික්කාර් උදාහරණ පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ස්විස් කාන්තාවක් එක්ක යාලු වෙලා රත්තරන් තොගයකටයි ලක්ෂ 60කටයි විද්ද පොලිස් පෙම්වතා ෂේප් එකේ මාරු වෙලා! පොලිසියටම පැමිණිල්ලක් ඇවිත්! Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.