යුක්තිය මෙහෙයුමට සමගාමීව ගතවු පැය 24 කාලය තුළ දිවයිනපුරා සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝ 2 ක් සහ ග්‍රෑම් 232, අයිස් ග්‍රෑම් 769, ගංජා කිලෝ 178 ක් සහ ග්‍රෑම් 916, ගංජා පැල 30,550 ක් ,ඈෂ් කිලෝ 35 ක් සහ ග්‍රෑම් 89, මාවා ග්‍රෑම් 626, තූල් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 102 ක් සහ මත්පෙති 3489 ක් සමග සැකකරුවන් 2121 ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 12 දෙනකු අධිකරණයෙන් ලබාගත් රැදවුම් නියෝග මත විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.
තවත් සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 133 දෙනෙකු යොමු කර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
තවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව එම අමාත්‍යාංශය පවසයි.










