• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයිඩෙන්ටි කාඩ් එක තිබ්බෙ නෑ කියලා පොලිසියට අත්අඩංගුවට ගන්න බෑ! එහෙම දෙයක් නීති පොතේ නෑ! මිනිස්සු හුඟාක් පටලව ගන්නවා මේ අයිඩෙන්ටි කාඩ් එක සාක්කුවේ දාගෙන යන්න ඕනා කඩේ යනකොට හරි හන්දියට යනකොට හරි කියලා! එහෙම දෙයක් නෑ! අයිඩෙන්ටි කාඩ් එක අල්මාරියේ තියලා තියන්න ඕන දෙයක්! I Sri Lanka Latest News

December 25, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
ID එකට 150ට ගහපු ෆොටෝ එක 250කින් වැඩි කරයි! දැන් ගාන 400යි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනන්‍යතාව හඳුනා ගැනීමේ හැඳුනුම්පතක් සන්තකයේ නොතිබීම හේතුවෙන් අතුරුගිරිය පොලිසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන අඩන්තේට්ටම් කළ බවට ලේඛකයෙකු සහ කලාකරුවෙකු වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.Sri Lanka Latest News

ඔහු පවසන්නේ, දෙසැම්බර් 20 හෝ ඊට ආසන්න දිනක රාත්‍රියේ තම නිවස අසල පිහිටි වෙළෙඳසලකට ගිය තමන්ව සිවිල් ඇඳුම් ඇඳ සිටි පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ අත්අඩංගුවට ගත් බව ය.

එම නිලධාරින් තම නිවස කොහේ දැයි විමසූ බවත් ඉන් පසුව හැඳුනුම්පත ඉල්ලූ විට “නිවස අසල කඩයට ඒමට අයිඩී කුමට දැයි” තමන් විමසූ විට “මූව දාගනින්” කියා බලහත්කාරයෙන් පොලිස් ත්‍රිරෝද රථයට නංවා ගෙන අතුරුගිරිය පොලිසිය වෙත රැගෙන ආ බව නීතිවේදියෙකු ද වන කසුන් පවසයි.

ශාරිරික හිංසාව සහ මානසික හිංසාව

එසේ රැගෙන යන අවස්ථාවේදී පොලිස් නිලධාරින් ඔහුව දැඩිව අල්ලා ගැනීම හේතුවෙන් ශාරීරික හිංසාවකට ලක්වූ බව ද ඔහු පවසයි.

කෙසේ වෙතත්, එම සිදුවීමෙන් පසුව තමන්ගේ හැඳුනුම්පත රැගෙන අතුරුගිරිය පොලිසිය වෙත පැමිණි තම බිරිඳ වන රංගන ශිල්පිනි මාධවී වත්සලාහට මෙන් ම කසුන් මහේන්ද්‍රගේ සොහොයුරියට ද අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් අසභ්‍ය ලෙස බැන වැදී මානසික හිංසාවකට ලක් කළ බව පොලිස්පතිවරයා වෙත පැමිණිළි කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ය.

“මාව පොලිසියට ගෙනිච්චට පස්සේ මගේ අනන්‍යතාව තහවුරු කරන්න, ගේ ඉස්සරහා කඩේ යද්දි මගේ ළඟ හැඳුනුම්පත නොතිබුණ නිසා මගේ බිරිඳට එන්න සිද්ධ වුණා හැඳුනුම්පතත් අරගෙන අතුරුගිරිය පොලිස් ස්ථානයට, මගේ අක්කත් එක්ක ආවේ මගේ බිරිඳ.”

    දින 18ක් වයසැති සිඟිති පුතුට මව් කිරි දෙන අතරවාරයේදී සිය බිරිඳට තම අනන්‍යතාව පැහැදිලි කිරිමට පොලිස් ස්ථානයට පැමිණීමට සිදුවූ බව ද නීතිවේදී, ලේඛකයෙකු හා කලාකරුවෙකු වන කසුන් මහේන්ද්‍ර හීනටිගල මාධ්‍ය වෙත පැවසීය.

    කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම් ප්‍රචාරය වීමත් සමග ම සෑම විට ම සන්තකයේ අනන්‍යතාව තහවුරු කළ හැකි හැඳුනුම්පතක් හෝ ලියවිල්ලක් තිබිය යුතු ද යන ගැටලු සමාජ මාධ්‍ය පුරා පැතිරෙමින් තිබේ.

    ID
    ඡායාරූප ශීර්ෂ වැකිය,”පොලිසියට අනන්‍යතාව මත අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා දෙයක් නැහැ.”

    ⁣පොලිසියට අත්අඩංගුවට ගන්න පුළුවන් ද?

    මෙම ගැටලුකාරී තත්ත්වය හා එහි නීතිමය තත්ත්වය පිළිබඳව බීබීසි සිංහල සේවය මානව හිමිකම් නීතිය පිළිබඳ ප්‍රවීණයෙකු වන නීතිඥ ලක්ෂාන් ඩයස්ගෙන් විමසීමක් කළේ ය.

    “පොලිසියට අනන්‍යතාව මත අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා දෙයක් නැහැ,” යැයි නීතිඥවරයා දුරකතනය ඔස්සේ කතා බහට එක්වෙමින් කියා සිටියේ ය.

    “රටේ පවතින නීතියක් උල්ලංඝණය කරන්නේ නැතුව අත්අඩංගුවට ගන්න බැහැ නේ කාවවත්. යම් කිසි නීතියක් උල්ලංඝණය කළොත්, උල්ලංඝණය කරපු නීතිය මොකක් ද කියලා ඉස්සෙල්ල කියන්න ඕන නේ. අනන්‍යතාව හෙළි නොකර නම් අන්‍ය අයෙකු සේ පෙනී සිටීම වෙන්න ඕනෙ. කෙනෙක් අන්‍ය අයෙකු සේ පෙනි සිටින්නේ නැති නම් එහෙනම් ඒගොල්ලෝ කියන්න ඕනා මොන නීතියද කඩ කළේ කියලා. නීතිය කඩ කළේ මොකක්ද කියන එක දැනුම් දෙන්නත් ඕනෙ.”

    අනන්‍යතාව හෙළි කර ගැනීමට නොහැකි වූවා යැයි අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නොමැති බව අවධාරණය කළ නීතිඥ ලක්ෂාන් ඩයස්, අනන්‍යතාව හෙළි කරන්නැයි ඉල්ලා සිටිය හැකි බව ද පැවසීය.

    “ඩ්‍රයිවින් ලයිසන් එක, තැපැල් අයිඩෙන්ටිටි එක, එහෙම නැති නම් රැකියා ආයතනයෙන් දීපු කාඩි එක එහෙම නැති නම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරපු මීඩියා අයිඩෙන්ටිටි එකක්, ජාතික හැඳුනුම්පත, පාස්පෝට් එක, මේ ඕනෑ ම ලේඛනයකින් තමන්ගේ අනන්‍යතාව පැහැදිලි කරන්න පුළුවන්.”

    ‘අයිඩෙන්ටි කාඩ් එක අල්මාරියේ තියලා තියන්න ඕන දෙයක්’

    එසේ ඉදිරිපත් කරන ලේඛන පිළිබඳව ගැටලුවක් ඇති වුවහොත් ජාතික හැඳුනුම්පත රැගෙන එන ලෙස ඉල්ලා සිටිය හැකි මුත් එය රැගෙන යා යුතු යැයි නීතියක් නොමැති බව ද නීතිඥවරයා කියා සිටි⁣යේය.

    “1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදංචි කිරිමේ පනතේ වගන්ති අනුව කොමසාරිස් නියම කරන හෝ එතුමාගේ බලය පැවරූ නිලධාරියෙක් නියෝග කරන දිනයක, වේලාවක ඒක තමන් ඉදිරිපත් කරන්න ඕනේ කියලා තියෙන්නේ. එතකොට ඉදිරිපත් කරන්න නම් ඒක කලින් ලිඛිතව කියන්න ඕනේ. මිනිස්සු හුඟාක් පටලව ගන්නවා මේ අයිඩෙන්ටි කාඩ් එක සාක්කු දාගෙන යන්න ඕනා කඩේ යනකොට හරි හන්දියට යනකොට හරි කියලා. එහෙම දෙයක් නෑ. අයිඩෙන්ටි කාඩ් එක අල්මාරියේ තියලා තියන්න ඕන දෙයක්.”

    අනන්‍යතාව හෙළි කිරිම නීතියේ අත්‍යවශය කාරණයක් නොවන බව මෙන්ම එය ප්‍රයෝගික කරුණක් පමණක් බව ද ඔහු සඳහන් කළේය.

    ID
    ඡායාරූප ශීර්ෂ වැකිය,”පොලිසියට නිකං සැක කරලා මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න බෑ. ඒක පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවල කියලා ති⁣යෙනවා.”

    සැකපිට අත්අඩංගුවට ගත හැකි වන්නේ කෙසේ ද?

    කෙසේ නමුත් පොලිසියට යමෙක් සැකපිට අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව නීතිඥවරයා පෙන්වා දෙයි.

    “ඒ සැකය මොකක් ද, පොලිසියට නිකං සැක කරලා මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න බෑ. ඒක පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවල කියලා ති⁣යෙනවා.”

    අනන්‍යතාව පැහැදිලි කර ගැනීම, සැකය නිවැරදි කර ගන්නා එක් මාර්ගයක් පමණක් බවත්, අනන්‍යතාව හෙළි කළ පමණින් සැකය අවසන් නොවන බවත් ඔහු කියා සිටියේ ය.

      ජාතික හැඳුනුම්පත කියවා ගත යුත්තේ පුද්ගලයන් ලිංයාපදිංචි කිරීමේ පනතේ අරමුණුවලට යටත්ව මිස ජාතික ආරක්ෂාවේ අරමුණු යටතේ නොවන බව ලක්ෂාන් ඩයස් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

      අනන්‍යතාව හෙළි කර ගත නොහැකි වු පමණින් යමෙකු අත්අඩංගුවට ගත හැකි යන්න වැරදි මතයක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍ය නොවන දෙයක් බව ද නීතිඥවරයා සඳහන් කළේය.

      “හොරකමේ යනකොට හොරා අයිඩෙන්ටි කාඩ් එක අරන් ගියොතින් අනන්‍යතාවය තිබුණා කියලා ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑනේ. අයිඩෙන්ටි කාඩ් තිබුණත් නැතත් පොලිසියට සැක නම් අත්අඩංගුවට ගන්න පුලුවන්. හැබැයි පොලිසියට නිකරුණේ අත්අඩංගුවට ගන්න බැහැ.” ලක්ෂාන් ඩයස් නීතිඥවරයා අවධාරණය කරයි.

      පොලිසියේ ප්‍රතිචාරය කුමක් ද?

      කසුන් මහේන්ද්‍ර හීනටිගල⁣ගේ සිද්ධියට අදාළව මෙන් ම අනන්‍යතාව හෙළි කර ගත නොහැකි අවස්ථාවලදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රතිචාරය දැන ගැනීමට බීබීසි සිංහල සේවය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ්‍ය පොලිස් අධිකාරි බුද්ධික මනතුංගගෙන් විමසීමක් සිදු කළේ ය.

      අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අඟහරුවාදා වන විට විමර්ශන වාර්තාවක් ලැබීමට නියමිත බැවින් එතෙක් මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දිය නොහැකි බව ඔහු පැවසුවේ ය.

      එම වාර්තාව ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග වැඩිදුරටත් පැවසීය.

      BBC NEWS සිංහල

      SendShareShare
      Previous Post

      අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News

      Next Post

      අපහසුතාවයට පත් කළා කිව්වා! CIDයට ගියා! අන්තිමට බලද්දී අධිකරණ ඇමැතිට ‘ආචාර්ය’ පට්ටම දීලා තියෙන්නේ බිමල් රත්නායකගේ සභානායක කාර්යාලයෙන්මයි! VIDEO I Sri Lanka Latest News

      MORE NEWS

      පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
      Exclusive

      රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
      Exclusive

      රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

      අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
      Exclusive

      අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

      කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
      Exclusive

      කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

      සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
      Exclusive

      සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

      පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

      Load More
      පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
      Exclusive

      පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

      තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

      Read more
      රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

      රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

      අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

      අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

      කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

      කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

      සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

      සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

      • About us
      • Contact us

      Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

      No Result
      View All Result
      • Home
      • ePaper
      • Exclusive
      • News
      • Politics
      • Mahawanshaya
      • Astrology
      • Holiday
      • Heart
      • Business
      • ENGLISH

      Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.