මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ‘උරුමය’ සින්නක්කර ඔප්පු ප්‍රදානෝත්සවය මෙම මස 16 වැනි දිනජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී පැවැත්වීමට නියමිතය. Sri Lanka Latest News
ඒ සම්බන්ධව මාතර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන්, හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්, කොට්ඨාස සංවිධායකවරුන් සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයින් දැනුවත් කිරීම සහ ඉදිරි දේශපාලන කටයුතු පිලිබඳව සාකච්ඡාවක් සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මීට පෙර සැලසුම් කොට තිබුණේ 16 වැනි දින කංචන විජේසේකර අමාත්‍යවරයා විසින් දැවැන්ත රැස්වීමක් මාතර සංවිධාන කොට ඊට ජනාධිපතිවරයා ගෙන්වා ගැනීමටය.
බොහෝ දුරට මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින බවට වූ නිල ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබූ බවක්ද වාර්තා විය.
කෙසේවෙතත් මේ වනවිට එම රැස්වීම ඔප්පු ප්‍රදානය කිරීමක් දක්වා වෙනස් කිරීමට කටයුතු කොට ඇත.









