• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

225ම එපා! හොරා කෑව සල්ලි දියව්! බලය දියවන්නාවෙන් එළියට! විධායකය එපා! බඩු මිල-බදු බර පහත හෙලනු! ජන අරගල සන්ධානය අලුත් අරගලයකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

September 23, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනපති මැදුරට පැන්නා කියපු නීතීඥ බෝපගේ වෙනුවෙන් සාලිය පීරිස් එක්ක නීතීඥවරු 50ක් පෙනී සිටී!
Share on WhatsAppShare on Facebook

2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය සහ ඉන් පසුව වන දේශපාලන තත්වය පිළිබඳව සහ ජන අරගල සන්ධානයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද (23) දින කොළඹ දී පැවැත්විණි. Sri Lanka Latest News

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ.

2024 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙලා නව ජනාධිපති විදිහට අනුරකුමාර දිසානායක පත්වෙලා ඉන්නෙ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි මැතිවරණය තුළදී යම් තරමින් හෝ නියෝජනය වෙන්නේ.

අපි දන්නවා 2015 ජනාධිපතිවරණයේදී යහපාලනයක් වෙනුවෙන් වංචාව දූෂණය නැති කිරීම වෙනුවෙන් සමාජය තුළ විශාල සාකච්ඡාවක් ඇති වුනා. අපි එදත් ජනතාවගේ ඒ අභිලාෂයන්ට ගරු කළා. හැබැයි අපි එදත් අවධාරණය කරපු දේ තමයි මේ පවතින දේශපාලන ආර්ථික ක්‍රමවේදය වෙනස් කිරීමඇතුලේ තමයි ජනතාවට ජයග්‍රහණය ලඟාකරගන්න පුලුවන් කියලා. අවසානයේදී ජනතාව බලයට ගෙනාව දේශපාලන තන්ත්‍රය ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළේ නෑ.

2019 ජනාධිපතිවරණයේදී විශාල වශයෙන් කතාවුනේ විනයගරුක පාල්නයක් මගින් රටේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් කියන ජනතාවගේ බලාපොරොත්තුව. අපි ජනතාවගේ ඒ අභිලාෂයට ගරු කළා. අපි දැක්කා තාප්පවල චිත්‍ර පවා අඳිමින් ඒ වෙනස තමන් තුලින් පවා ඇතිකරගන්න ජනතාව දැරූ උත්සහය. හැබැයි අපි ඒ වෙලාවෙත් කිව්වේ ආර්ථික දේශපාලන ක්‍රමය වෙනස් වීම මත තමයි ජනතාවට සැබෑ ජයග්‍රහණයක් දිනාගන්න පුලුවන් වෙන්නෙ කියන කාරණය. මොකද අපි දන්නවා මේ පවතින දේශපාලන ආර්ථික ක්‍රමය හැමවෙලාවෙම පක්ෂපාතී වෙන්නේ ධනකුවේරයන්ට. ජනතාවට ජයග්‍රහණය අත්කර දෙන්න මේ පවතින ක්‍රමයට පුලුවන් කමක් නෑ. වසර දෙකක් යන්නත් කලින් අපි කිව්ව දේ නිවැරැදි බව ඔප්පු වුනා. මේ ක්‍රමය මගින් ජනතාවට එල්ල කළ පීඩනයට එරෙහිව ජනතාවට පාරට බහින්න වුනා.

ඒ ජනතා අරගලය පැහැදිලිවම මේ රටේ දේශපාලන සිතියම වෙනස් කරන්න බලපෑව බව අපි දන්නවා. ගෝල්ෆේස් සටන් පාඨ සියල්ලම නියෝජනය කලේ ජනතාවගේ ඒ පරමාර්ථ. 225ම එපා ! හොරා කෑව සල්ලි දියව් ! බලය දියවන්නාවෙන් එළියට ! විධායකය එපා ! බඩු මිළ – බදු බර පහත හෙලනු ! මේ සියලු සටන් පාඨ වල නියෝජනය වෙන්නේ ආර්ථික දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන ඉල්ලීම.

මේ ජනාධිපතිවරණ තුළදී ජනතාවට අවශ්‍ය වුනේ තමන් විසින් ඒ ඉල්ලා සිටි ඒ දේශපාලන ආර්ථික වෙනස ඇති කිරීම. ඔවුන් ඡන්දය භාවිතා කලේ ඒ වෙනුවෙන්. මෙතෙක් පැවති සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ නායකයින් ප්‍රතික්ෂේප කරලා වෙනස්ම මාර්ගයක් ඔස්සේ ඒ අපේක්ෂාව ඉටු කරගැනීමට තමයි ජනතාව මේ සූදානම් වෙන්නේ. අපි වෙනදා වගේම ඒ ජනතාවගේ අභිලාෂයන්ට ගරු කරනව. හැබැයි මේ මැතිවරණය ඇතුලේ අපි දැක්ක දේ තමයි හොරකම වංචාව දූෂණය නැති කරනවා කියන කතාවෙන් ඔබ්බට ආර්ථික දේශපාලන ක්‍රමයේ පූර්ණ පරිවර්තනයක් ගැන කතාවක් අනුරකුමාර ප්‍රමුඛ මාලිමාව ගත්තෙ නෑ.

මීට කලිනුත් මේ රටේ නව පරිවර්තනයක් කරන්න කියලා ආව දේශපාලන පක්ෂ එකක්වත් මේ ආර්ථික ක්‍රමය දේශපාලන ක්‍රමය වෙනස් කරන්න කැප වුනේ නෑ. ජාතික ගැටලුවට නිශ්චිත විසඳුමක් දෙන්න කැප වුනේ නෑ. ඒ නිසා මේ මැතිවරණය තුලින් ජයග්‍රහණය කල පාර්ශවයත් ඒ සඳහා කටයුතු කරයි කියලා අපිට පූර්ව නිගමනයකට එන්න පුලුවන් කමක් නෑ.

පහුගිය කාලේ ඉදලම අපි මේ රටේ දැකපු ප්‍රධාන සතුරෙක් හිටියා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ. අපි දැකපු ඒ සතුරා මේ මැතිවරණය තුළ පරාජය වුනා. ඒක ජනතාවගේ ජයග්‍රහණයක් . අපිට පෙනෙන සතුරා රනිල් වික්‍රමසිංහ වුනාට ඔහුව මෙහෙයවන ඇත්තම සතුරා තමයි IMF, ඉන්දියානු ආර්ථික උපාය,ඇමරිකානු වටලෑම් වැනි දේවල්. හැබැයි මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අනුර හෝ සජිත් එම සතුරා ගැන කෙලින් වේදිකාවල කතාකරන්න පැකිලුනා. ඒ නිසා ඔවුන් ඒ සතුරා සමග ඉදිරියේදී කටයුතු කරන විදිහ ගැන අපි අවධායෙන් ඉන්නේ. මොකද අපි දන්නවා IMF වැඩපිළිවෙළ එක්ක, ඉන්දියානු මැදිහත් වීම් එක්ක යන ගමනක් ජනතාවට පක්ෂපාතී වෙන්නෙ නෑ.

අනිත් කාරණය තමයි මේ ජනාධිපතිවරණයේදී උත්තරේ ප්‍රශ්නය ගැන වතුකරයේ දෙමළ ජනතාව ගැන දේශපාලන පක්ෂ දක්වපු ආකල්පය. ජාතික ගැටලුවලට නිශ්චිත විසඳුමක් ඉදිරිපත් කරනවා වෙනුවට අපි දැක්කේ ඡන්ද දිනාගැනීමේ තරඟයක් විතරයි. උතුරට එක කතාවක් කියන ගමන් දකුණට තව එකක් කියන ප්‍රතිපත්තියක් තමයි හැමෝටම තිබුණේ. ඒ ජනතාවගේ අයිතිවාසිකම් ගැන සාකච්ඡාව මේ මැතිවරණය තුළ ප්‍රදර්ශනය වුනේ නෑ..අපි හිතනවා උත්තරේ මැතිවරණ ප්‍රතිඵල තුල පිළිඹිබු වුනේ ඔවුන්ව රැවටීමට එරෙහි විරෝධය.

ජයග්‍රහණය ගන්න මහන්සි වෙන්න.

අපි අරගලය කරනවා

පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න නියමිතයි . ඒ මැතිවරණය තීරණාත්මකයි . අපි මුලින් කතාකල ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න මෙතනින් එහාට විසඳෙන්නෑ. ඒ ප්‍රශ්න එද්දි පාර්ලිමේන්තුව ඇතුලේ ජනතාව වෙනුවෙන් සටන් කරන්න ජනතාවගේ නියෝජනයක් පාර්ලිමේන්තුව ඇතුලෙ තියෙන්න ඕන. ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ජනතාව නිශ්ක්‍රීය වෙන එක. ජයග්‍රහණය කළ පාර්ශ්වය පවා අපි කළේ නැත්තං අපිවත් යවන්න වගේ කතාවක් තමයි කියන්නේ. ජනතාව සක්‍රීයව දේශපාලනයට සම්බන්ධ කරගන්න ක්‍රමවේදයක් කාටවත් නෑ.

අපිට මේ වෙලාවේ ඡන්ද දුන්න ඡන්දය ඉතාම වැදගත්. ඒ ප්‍රතිඵල අපිට ලබා දුන්න ජනතාව එක්ක ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීමේ සටනක් අපි ඉස්සරහ තියනවා. ජනතාව දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරන්න ඕන. අපි ඒ සඳහා ජනතාව දැනුවත් කරනවා. ඒ සඳහා අපේ දේශපාලන වැඩපිළිවෙළ මේ රටේ සියලු ජනතාව වෙත ගෙනියන්න ඕන. ඉදිරියේදී ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් වෙමින් ඉන්නේ.

SendShareShare
Previous Post

පොලිස් අමාත්‍යංශයේ අලුත් ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අදම ගිහින් වැඩ බාරගනී! ඉස්සරහට කරන්න යන දේ ගැන කෙටියෙන්ම කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ශිෂ්‍යත්ව පේපර් එක ලීක් කරපු සිද්ධියට ජාතික අධ්‍යාපන ආයතනයේ ලොක්කෙක් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.