ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ළමා ආරක්ෂණ සතිය නිමිත්තෙන් අද (31) දින නෝර්වුඩ් මැනෙලු වතුයයේ දරුවන් දැනුවත් කිරීමේ සාමකාමී රැලියක් පැවැත්විණි.Sri Lanka Latest News
ළමා ආරක්ෂණ සතිය නිමිත්තෙන් මානෙලු සිමර්නා පල්ලිය විසින් සංවිධානය කරන ලද සහ දේවගැති යෝගරාජා මහතාගේ නායකත්වයෙන් යුත් අද දින රැලියට ළමුන් සියයකට අධික පිරිසක් සහභාගී වූහ.
ළමා ආරක්ෂාව, ළමා අපයෝජන සහ ළමා අයිතිවාසිකම් සහතික කිරීම වැනි කරුණු සහිත බැනර් රැගෙන සාමකාමී රැලිය පැවැත්විණි.
මෙම රැලියට නෝර්වුඩ් පොලිස් සමාජ ආරක්ෂණ ඒකකය, ළමා හා කාන්තා ඒකකය, පොලිස් නිලධාරීන්, ගුරුවරුන් සහ මහජනතාව ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූහ.























