• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙට කලින් කිව්වෙ පූර්ණ ණය විගණනයක් කරනවා කියලා! වංචා සහගත ණය ගෙවන්නේ නෑ කිව්වා! ප්‍රතිපත්ති ප්‍රකාශනේම තියෙනවා විකල්ප යෝජනාවක් ගැන IMF එක්ක සාකච්ඡා කරනවා කියලා! 95%ක ණය එකඟතාව වැරදියි.. ඒ කප්පාදුව වැඩිකරගන්නවා කිව්වා! දැන් ඒ කතා මොනවත් නෑ! රනිල්ටත් එහා ගිහින් අලුත් බැඳුම්කර නිකුතුවකට ‘සිටි බෑන්ක්’ එක නම් කරලා! මේක නරියට කුකුල්ලු බාර දුන්නා වගේ වැඩක්! ජනතාව අනුරට ජනවරම දුන්නේ රනිල් කරපු දේ කරන්න නෙමෙයි! පෙරටුගාමීන්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

October 7, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව එළඹ ඇති ගිවිසුමේ අහිතකර බව ගැන දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය විසින් නුගේගොඩ දී කැඳවන ලදී. ජාවාරම්කාර සමාගම් විසින් පැහැරහැර ඇති සුරාබදු සම්බන්ධයෙන් ද මෙහිදී තොරතුරු හෙලිදරව් විය.Sri Lanka Latest News

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජනාධිපති විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මේ බ්‍රහස්පතින්දා ලංකාවට ඇවිල්ලා ආණ්ඩුව එක්ක සාකච්ඡා කළා. නමුත් තවම IMF එකත් එක්ක සාකච්ඡා කළ නිශ්චිත එකඟතාවයන් ගැන ආණ්ඩුව ප්‍රකාශ කරල නෑ. රනිල් වික්‍රමසිංහ අගෝස්තු මාසෙදි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ඇතිකරගත් ගිවිසුම නැවත ක්‍රියාත්මක කරන්න තමයි මේ සාකච්ඡාවලදි එකඟ වෙලා තියෙන්නෙ. අපි දන්නවා ලංකාවේ ජනතාවට ඉතාම අවාසි සහගත විදෙස් ධනකුවේර සමාගම් සනසන ගිවිසුමකට තමයි රනිල් වික්‍රමසිංහ එළඹිල තිබුණෙ.

දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවෙදි කිව්වෙ මේ කතාව නෙමෙයි. ඔවුන් කිව්වේ පූර්ණ ණය විගණනයක් කරනවා කියලා. අවභාවිතා කළ හෝ වංචා සහගත ණය තියනවනං ඒවා නොගෙවා ඉන්න කටයුතු කරන්න සූදානම් කියලා තමයි ඒ වෙලාවෙ කිව්වෙ. දෙවෙනි කාරණය තමයි ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේම සඳහන් කරල තියනවා විකල්ප DSA එකක් “ණය තිරසරකරණ විශ්ලේෂකයක් ” කරල ඒ ගැන IMF එක එක්ක සාකච්ඡා කරනවා කියලා කිව්වා. ජනාධිපති ආර්ථික උපදේශක විදිහට පත් කරල ඉන්න මහාචාර්ය අනිල් ජයන්ත කිව්ව කතාව තමයි දළ දේශීය නිශ්පාදනයෙන් 95%ක ණයක් තියාගන්න ආව එකඟතාවය වැරදී IMF එකත් එක්ක සාකච්ඡා කරලා ඒ ණය කප්පාදුව වැඩිකරගන්න කටයුතු කරනව කියලා. හැබැයි දැන් ඒ කතා ඔක්කොම පැත්තක තියලා පරණ පාරෙම යන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.

දැන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තියටත් එහාට ගිහිල්ලා ආණ්ඩුව අලුත් බැඳුම්කර නිකුත්තුව සඳහා නම් කරල තියෙන්නෙ ” සිටි බෑන්ක් ” එක. මේ ඇමරිකානු බැංකුව 2008 ලෝක ආර්ථික අර්බුදය වෙලාවේ ඉතාම මෙලේච්ඡ විදිහට ජනතාව සූරාකෑමට ලක් කරපු බැංකුවක්. මේ නරියට කුකුල් කොටුව බාරදුන්නා වගේ වැඩක් තමයි කරල තියෙන්නෙ. ගෝලීය මූල්‍ය බූවල්ලන් පිනවන එක විතරයි මෙතන වෙන්නෙ. ලංකාවේ ජනතාවට කිසිම සහනයක් ලබාදෙන්න සිටි බෑන්ක් එකවත් IMF එකවත් කටයුතු කරන්නෑ.

අපි ආණ්ඩුවට කියන්නේ ඔබට ජනතාවට ජන වරම දුන්නේ මේ දේවල් කරන්න නෙමෙයි. IMF එකට කඩේ යන නන්දලාල් මහබැංකු අධිපති විදිහට තියාගෙන ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන් කමක් නෑ. ඒක නිසා වහාම නන්දලාල් ගෙදර යවන්න. රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕන නම් ජනතාව අනුරකුමාර ජනාධිපති කරන්න ඕන නෑනෙ. ජනතාවට සහන දෙන්න ඕන නම් මේගොල්ලො රනිල් වික්‍රමසිංහ සම්මත කරපු ආර්ථික පරිවර්තන පනත අහෝසි කරන්න වෙනවා. මොකද ඒ පනතට අනුව ජනතාවගේ සුබසාධන කටයුතු වලට යොදනවන මුදල් සීමා කරන්න වෙනවා. ඒක නිසා මේ පනත තියාගෙන ජනතාවාදී ආර්ථිකයක් හදන්න පුලුවන් කමක් නෑ.

මේ ආර්ථික අර්බුදයට ඇත්ත උත්තරේ තියෙන්නෙ ධනකුවේර සමාගම් විසින් පැහැර හැරපු බදු අයකරගැනීම ඇතුලේ. ලංකාවේ සුරාබදු පැහැරහැරීම් කෝටි ගාණක් තියනවා. ඇයි ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ?

මෙන්ඩිස් සමාගම රුපියල් බිලියන 1.2ක බදු ප්‍රමාණයක් 2022 අවුරුද්දේ ගෙවල නෑ. 2023 අවුරුද්ද වෙද්දි මේ ප්‍රමාණය 3.6ක්. 2024 සැප්තැම්බර් මාසේ වෙද්දි බිලියන 5.2ක සම්පූර්ණ සුරාබදු රජයට ගෙවල නෑ. රුපියල් කෝටි 5200ක් මෙන්ඩිස් සමාගම බදු පොලු තියලා. ඊලඟට ජෝන්ස්ටන්ට අයිති සමාගම් මහාපරිමාණයෙන් සුරාබදු ගෙවල නෑ. මේ වෙද්දි ලංකාවේ සමාගම් නොගෙවා පැහැරහැරපු සමස්ථ සුරාබදු ප්‍රමාණය රුපියල් කෝටි 6700ක්. මෙතනින් 58%ක් අර්ජුන් ඇලෝසියස්ට අයිති මෙන්ඩිස් කොම්පැනිය නොගෙවපු බදු. 37%ක් ජෝන්ස්ටන්ගෙ කොම්පැනිය තමයි නොගෙවා ඉදල තියෙන්නෙ. එතකොට 95%ක් බදු නොගෙවලා තියෙන්නෙ මේ සමාගම් දෙක. අනිත් සමාගම් 8ම නොගෙවපු බදු ප්‍රමාණය 5%යි.

රටේ සාමාන්‍යය ජනතාව ගන්න හාල් ටික පරිප්පු ඇටේ ඉඳලා බදු ගහන ආණ්ඩුවට ඇයි බැරි මේ සමාගම්වලින් මේ බදු අයකරගන්න ? ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ රනිල්ලගෙ රාජපක්ෂලගෙ ඔඩොක්කුවේ හුරකල් වෙච්ච කුක්කෝ හුරතල් කරන්න තවදුරටත් ලෑස්ති වෙන්න එපා. වහාම මේ ජවාරම්කාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න. “

SendShareShare
Previous Post

ඇමැති විජිත කරපු පත්කිරීමක් මැතිවරණ කොමිසමෙන් වහාම නවත්වයි! I Sri Lanka Latest News

Next Post

ඩුබායි ගිණුම්වල සල්ලි මාරු වෙච්ච තැන්! සීෂෙල්ස්වල සල්ලි මාරු වෙච්ච තැන්! බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්වල තිබ්බ ගිණුම්වල සල්ලි මාරු වෙච්ච හැටි! සිංගප්පූරුවේ සල්ලි ආපු ගියපු තැන්! ක්‍රිෂ් ගනුදෙනුවේ සල්ලි ආපු ගියපු තැන්! පිටකෝට්ටේ යෝෂිත ඉඩම් 3ක් කෝටි 78කට ගත්ත හැටි! මේ ඔක්කොම එළියට එනවා! දැන් රනිල්ලා-නාමල්ලා බබ්බු වෙලා මරු කියවනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.