ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර ඇති කාලසීමාවේදී සභා ගර්භයේ විශේෂ අලුත්වැඩියාවක් සිදුකරන බව වාර්තා වේ.
විශේෂයෙන්ම එහි සන්නිවේදන පද්ධතියේ සහ මන්ත්‍රීවරුන්ගේ ආසනවල අඩුපාඩු සහ දෝෂ නිවැරදි කිරීමේ කටයුතු දැනටමත් අරඹා ඇති බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු රැස්වීම් පසුගිය කාලයේදී දිගටම පැවැත්වුණු හෙයින් මන්ත්‍රීවරුන්ගේ මේස මත විවිධ පොත් සහ ලිපි ද්‍රව්‍ය පිරී ගොස් ඇති හෙයින් ඒවා ඉවත් කිරීමටද පාර්ලිමේන්තු ප්‍රධානීන් සේවකයන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇත.
මෙයට අමතරව පාර්ලිමේන්තු සංකීර්ණයේද අලුත්වැඩියා කටයුතු කිහිපයක් දැනට ආරම්භ කරනු ලැබ ඇත.










