2024 අයවැය විවාදයෙන් පසු වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණි.Sri Lanka Latest News
පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව එම පනත පිළිබඳ විවාදය පැවැත්වීමට විපක්ෂයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කථානායකවරයා විසින් ඡන්දය විමසීමට එළැඹුණි.
එහිදී පක්ෂව ඡන්ද 92ක්, විපක්ෂව ඡන්ද 41ක් සහ එක් අයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.









