හම්බන්තොට මහරෝහලට සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ද රට හැරගොස් ඇති බව වාර්තා වේ. (Sri Lanka Latest News)
අදාල විශේෂඥ වෛද්‍යවරයා රට හැරගොස් ඇත්තේ පෙර දැනුම් දීමකින් තොරව බව පැවසේ.
දින කිහිපයක නිවාඩුවක් ලබාගන්නා බව පවසා ඇති වෛද්‍යවරයා, අද දිනයේ දී ඔහුගේ මිතුරන්ට එවා ඇති කෙටි පණිවුඩ මගින්, තමන් එක්සත් රාජධානිය බලා පැමිණි බව දැනුම් දී තිබේ.
නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා නොමැතිව, සදුදා දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබෙන ශල්‍යකර්ම සිදුකරන්නේ කෙසේද යන ගැටළුවට, මේ වන විට හම්බන්තොට මහරෝහලේ පාලනාධිකාරිය මුහුණ දී සිටින බව පැවසේ.
headlinenews










