‘ගහලා VAT… රටම FLAT…!’ යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් ලබන 30 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගී වීම සදහා පාක්ෂිකයන්ගේ විශාල උනන්දුවක් නිර්මණය වී ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News
සජබ ආසන සංවිධායකවරුන් විසින් මේ බව පක්ෂ මූලස්ථානයට දැනුම් දී ඇති අතර ඊට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස එහිදී ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව ඊට අදාළ පහසුකම් සැපයීමට මේ වනවිටත් පක්ෂයෙන් තීන්දුවක් ගෙන ඇති බවද වාර්තා වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙසේ ආරම්භ කරනු ලබන ආණ්ඩු විරෝධී අරගලය මැතිවරණයක් දක්වාම අඛණ්ඩව පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
ජනතාව පීඩාවට පත් කරන බදු ඉහළ දැමීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම, ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම, වංචාව, දූෂණය යනාදී වශයෙන් කරුණු රැසක් මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිතව ඇත.