නවසීලන්ත මහකොමසාරිස්වරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නවසීලන්ත මහකොමසාරිස් Micheal Appleton මහතා අතර හමුවක් (04) විපක්ෂ නායක කාර්‍යාලයේදී සිදුවිය.
නවසීලන්ත මහකොමසාරිස්වරයා මෙරට තුළ සිය සේවා කාලය අවසන් කර සිය රට බලා යාමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ අතර එහි දී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වත්මන් රජය ජනතාව පීඩාවට පත් කරමින් පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කල අතර බදු පැනවීමෙන් තොරව රාජ්‍ය ආදායම වැඩි කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නවසීලන්ත මහකොමසාරිස්වරයාව දැනුවත් කළේය.












