• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සේයාගේ මරණයේදීත් මෙහෙම වුණා… කහවත්තේ ඝාතනයේදීත් එහෙම වුණා… අහිංසකයන් මිනීමරුවන් කරන ලංකාවේ ජඩමාධ්‍ය පාඩම් ඉගෙනගන්නේ කවදාද? I Sri Lanka Latest News

January 6, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මගේ පොඩි නංගි අම්මගේ බෙල්ල කපලා මැරුවා කියලා පැය ගණන් දැම්මා : නිවැරදිකාරියක් කියලා දැම්මේ තත්පර ගාණයි…

දින ගණනාවක් තිස්සේ රට පුරාම මහත් ආන්දෝලනයක් ඇතිකළ සිදුවීමක් වූ කහවත්තේ වැල්ලදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි විනීතා මහත්මිය ඝාතනයේ සැබෑ සැකකරු පසුගියදා හඳුනාගැනුණා. එතෙක් එම ඝාතනය සම්බන්ධයෙන් සැකය යොමුවී තිබුණේ ඇගේ දියණිය දෙසටයි. එම සැකය මත අත්අඩංගුවට ගත් විනීතා මහත්මියගේ බාල දියණිය වන, කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන මේනකා එදිරිසිංහ සිය මවගේ ඝාතනයට සම්බන්ධ නොමැති බව තහවුරු වී තිබෙනවා.(Sri Lanka Latest News)

ඝාතනයේ සැබෑ සැකකරු බවට මේ වන විට තහවුරු වී ඇත්තේ එම ගම් ප්‍රදේශයේම පදිංචි පෙදරේරුවකු වන ‘දොලේ බාස්’ නමැත්තෙකි. රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් විනීතා මහත්මිය සහ සැකකරු අතර බහින්බස් වීමක් සිදුව ඇති බවත්, එහිදී සැකකරු ඇයව තල්ලු කර ඇති බවත්, එහිදී ඇය බිත්තියක වැදී බිම ඇද වැටී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. පසුව සැකකරු ඇගේ ගෙල කපා ඝාතනය කර නිවෙසින් පිටව ගොස් ඇති බවයි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය සඳහන් කර ඇත්තේ.

සැකකාර දොලේ බාස් නමැත්තා කහවත්ත පලන්සූරියගම ගමගේවත්ත ප්‍රදේශයේ පදිංචි සංජීව විජේරත්න (55) නැමැති පස්දරු පියෙකු බවත්, ඔහු හමුදාවෙන් පලාවිත් පෙදරේරුවකු ලෙස සේවය කරමින් සිට ඇති බවත් මේ වන විට හෙළිකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් විනීතා මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ දියණියව සැක පිට අත්අඩංගුවට ගැනුණේ පසුගිය 15 වැනිදායි. ඒ අනුව, 38 හැවිරිදි මේනකා එදිරිසිංහ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණේ ඝාතනය වූ දින ඇය ප්‍රමාද වී රාජකාරියට වාර්තා කිරීම සහ නියමිත වේලාවට පෙර නිවෙසට පැමිණීම යන කරුණු පිළිබඳ මතුවූ සැකය හේතුවෙනි.

මෙම නිවෙසේ මව සහ දියණිය අතර නිතර අඬදබර සිදුවන බවට ප්‍රදේශවාසීන් විසින් පොලිසියට පවසා තිබීමද ඝාතනයේ සැකය ඇය වෙත යොමුවීමට තුඩුදී තිබුණා. කෙසේ වෙතත් මේනකාට සිදුවූ අසාධාරණය ගැන අදහස් පළකිරීමට ඉදිරිපත් වුණේ ඉතා සීමිත පිරිසක් පමණයි. නමුත් මේ වන විට පොලිසිය ප්‍රකාශ කර සිටින්නේ කොටකෙතන ඝාතන රැල්ල මෙන් සමාජයේ නොසන්සුන්තාවක් ඇතිවේ යැයි ඇතිවූ සැකය මත තරුණියගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඇයව අත්අඩංගුවට ගත් බවයි. මේ බව කහවත්ත පොලිසිය අධිකරණයේදීද පවසා තිබුණා.

අවසානයේ අත්අඩංගුවට ගත් දොලේ බාස් නම් සැකකරු විනීතා මහත්මියගේ නිවෙසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගිය ජුනි මාසයේදී ගොස් ඇති අතර, නිවෙසේ තිබූ රන් භාණ්ඩ කිහිපයක් සැකකරු එදින සොරාගෙන ගොස් ඇති බවද අනාවරණ වී තිබෙනවා. එම රන් භාණ්ඩ ජුනි 06 වැනිදා කහවත්ත ප්‍රදේශයේදී උකස් කර ජූලි 06 වැනිදා නැවත බේරාගෙන ඇති බවත්, පසුව එම රන් භාණ්ඩ රුපියල් 55,000ක මුදලකට විකුණා දමා ඇති බවත් හෙළිව ඇත.

මෙම රණ් භාණ්ඩ සොරකම ගැන විනීතා මහත්මිය පසුව දැනගෙන ඇති අතර, ඇය අවස්ථා ගණනාවකදී දොලේ බාස්ට දුරකතන ඇමතුම් ලබා දෙමින් ඒ පිළිබඳ විමසා තිබෙනවා. එහිදී ඔහු වරද පිළිගෙන ඇති අතර, රන් භාණ්ඩවල වටිනාකම ගෙවීමටද ඔහු විනීතා මහත්මියට පොරොන්දු වී ඇත. කෙසේ වුවද පොරොන්දු පරිදි ඔහු මුදල් ලබාදීම කල්දැමීම නිසා මේ පිළිබඳ පොලිසියට පවසන බව විනීතා මහත්මිය විසින් දොලේ බාස්ට පවසා ඇත. ඒ පිළිබඳ ඇතිවූ කෝපය හේතුවෙන් සැකකරු විසින් මෙම ඝාතනය කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

ඝාතනය සිදුවූ දෙසැම්බර් 13 වැනිදා පෙරවරු 11.16ට පමණ විනීතා මහත්මිය සැකකරුට දුරකතන ඇමතුම් 9ක් ලබාදී ඇතත්, ඔහු පිළිතුරු දී ඇත්තේ ඉන් එක් ඇමතුමකට පමණි. පසුව දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර, එහිදී සැකකරු විසින් මෙම කාන්තාව ඝාතනය කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. එහිදී සැකකරු මෙය ඝාතනයක් නොව, ඉනිමඟකින් වැටී තහඩුවකට කැපීම නිසා සිදුවූ මරණයක් බව ඇඟවීමට එම ස්ථානයට තහඩුවක් සහ ඉනිමඟක්ද තැබීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත් සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම් හමුවේ ඝාතනයේ අබිරහස හෙළිකර ගැනීමට පොලිසියට හැකිව තිබුණා. ඒ අනුව ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධයද සඟවා තිබියදී සොයාගැනීමට හැකිව ඇත.

විනීතා මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ බාල දියණිය වන මේනකා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම කනගාටුදායක තත්ත්වයක් ලෙස සඳහන් කළ යුතුයි. නිසි සොයාබැලීමකින් තොරව උපකල්පනයන් ඔස්සේ ඇය අත්අඩංගුවට ගැනීම හරහා ඇයට සමාජ මාධ්‍යවලින් දැඩි දෝෂාරෝපණයන් එල්ල වන්නට වුණා. තවමත් අවිවාහක ඇගේ ගෞරවයට, ආත්මගරුත්වයට එමගින් ඇතිවූ හානිය සුළුපටු නැහැ.

ඇය සිය මව ඝාතනය කළ තැනැත්තිය බව සිතන සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ පිරිසක් තවමත් සිටින බව දැකගන්නට ලැබෙනවා. සමාජය ඇයව ඝාතකයකු ලෙස හංවඩු ගසා අවසානයි. එසේ වුවද ඇයට සිදුවූ අසාධාරණය, අපකීර්තිය වන්දි මුදලකින් කිසිදා පියවීමට හැකියාවක් නැහැ. ඇය සමාජයට මුහුණ දීමේදී සිදුවන අපහසුතාව කොයි තරම්ද? කාන්තාවන් ලෙස අපටද එය හොඳින්ම දැනෙනවා. නොකළ වරදකට චෝදනා ලබා සිරගත වීම දරාගත නොහැකියි. මෙම සිදුවීමේදී ඇගෙන් උදුරාගත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන්ද?

නොකළ වරදකට මෙලෙස සැකපිට බන්ධනාගාරගත කර මුදාහළ පළමු තැනැත්තිය මේනකා පමණක් නොවෙයි. වසර කිහිපයකට ඉහතදී සේයා දැරිය ඝාතනය සම්බන්ධයෙන්ද මෙවැනිම ආකාරයට පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා. එහෙත් ඔහු එම ඝාතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බව පසුව තහවුරු වුණා.

ඝාතනයක් සිදුවූ වහාම සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් විද්‍යුත් මාධ්‍යවලින් ඊට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීමද මෙවැනි අසාධාරණයන්ට තුඩු දෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මතුපිටින් පෙනෙන්නට ඇති දේ පිළිබඳ සැක කරමින් එම සැකය තහවුරු වන ආකාරයේ පුවත් විද්‍යුත් මාධ්‍යවල නැවත නැවත පළකිරීම නිසා මේනකාට සිදුව ඇති අසාධාරණය සුළුපටු නැහැ. යූටියුබ් චැනල් හිමිකරුවන් තමන්ගේ නැරඹුම් වාර සංඛ්‍යාව වැඩිකර ගැනීමේ අපේක්ෂාවෙන් මෙවැනි සිදුවීම්වලට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීමද කනගාටුවට කරුණක් බව සඳහන් කළ යුතුය.

ඝාතනය ලක්වූ විනීතා මහත්මියගේ වැඩිමහල් පුතු වන ජනක සුනෙත් බණ්ඩාර මහතා මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අතර, සිය සහෝදරියට සිදුවූ අසාධාරණය ගැන ඔහු සඳහන් කර තිබුණේ මෙවැන්නකි.

‘ජනවාරි පළමුවැනිදා උසාවියේදි මගේ අම්මා මරාදැමීමට අදාළව වැදගත් සාක්ෂි රැසක් සමග සැකකරු වන දොලේ බාස් ළඟ තිබී සොයාගත් රන් ආභරණ කිහිපයක් භාරගැනීමට මම අධිකරණය වෙත ගියෙමි. අම්මා මැරූ දොලේ බාස් සමග එක වහලේ යට සිටීම දුෂ්කර වුවද ඒ සියල්ල ඉවසා දරා සිටියෙමි. නිරපරාදේ පොඩි නංගි අපහසුතාවට පත්වූ කාලයේ මාධ්‍යවේදීන් උසාවි ගේට්ටුව අසල පොරකමින් රැඳීසිටියද, ඒ එක් අයෙක්වත් අද දැකගන්නට නොසිටියේය.

මගේ පොඩි නංගි අම්මාගේ බෙල්ල කැපුවා කියා දිගින් දිගටම කිසිදු පදනමක් නොමැතිව වාර්තා කළත්, අද වන විට ඇය නිවැරැදිකාරියක් බව ප්‍රකාශ කළත්, එය මාධ්‍යවල ප්‍රචාරය වුණේ තත්පර කිහිපයක් පමණක් බව නැවත මතක් කරමි. මාධ්‍යයෙන් නංගිට සිදුවූ අගතියට සාධාරණයක් ඉටුකරගත හැකි මාධ්‍ය සදාචාරයක් තිබේද සැක සහිතය. මට මෙසේ කළා නම් මේ රටේ අහිංසකයන්ගේ ජීවිත සමග කෙසේ නම් සෙල්ලම් කරනවා ඇත්ද? එසේම ජඩ මාධ්‍ය ක්‍රමය වෙනස් කළ යුතු යැයි කියමි. මගේ පෞද්ගලික ගැටලුවක් පමණක්ම නොව ඔවුන්ගේද ජීවිතවලට දැනෙන බැවිනි….’

විනීතා මහත්මි ඝාතනය කළේ ඇගේ දියණිය විසින් බව පුන පුනා ප්‍රකාශ කළ විද්‍යුත් මධ්‍යවල සදාචාරය ගැන කතාකරන්නේ කවුද? මෙවැනි අමානුෂික මාධ්‍ය වාර්තාකරණයන් කෙතරම් නම් සදාචාරසම්පන්නද?

ඕනෑම අපරාධයක විමර්ශන හරිහැටි නිමවන තුරු එහි තොරතුරු මාධ්‍යයට මුදා නොහැරීමෙන් මෙවැනි කනගාටුදායක සිදුවීම් යම්තාක් දුරකට හෝ වළක්වාගත හැකිවනු ඇති බව අපගේ විශ්වාසයය.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

නවසීලන්ත මහකොමසාරිස්වරයා විපක්ෂ නායක කාර්යාලයටම ඇවිත් සජිත්ව හමුවෙයි! රටේ තියෙන ප්‍රශ්නත් කතා කරයි! PHOTOS I VIDEO I Sri Lanka Latest News

Next Post

ඔය ලොකු ලොකු ටෝක්ස් ‌දාන වී මෝල්කාරයෝ තුන්දෙනෙක් ගැන හෙළිදරව්වක්! ඒ තුන්දෙනා තමයිලු කීරි සම්බා හංගගෙන ඉන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.