• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෙළු පිපිලා… හෝර්ටන්තැන්නම හැඩිකරලා…! Sri Lanka Latest News

October 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
නෙළු පිපිලා… හෝර්ටන්තැන්නම හැඩිකරලා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උදේම වැටුණ පිනි මල් වැස්සෙන් තණ පියවිළි තෙමෙනවා. ඈත කඳු මුදුන් අස්සෙ ඉපදෙන හුළඟට හෝරටන්තැන්නට එන්න වෙලාවක් කලාවක් නෑ.
උසම අතු මුදුන්වල සින්දු කියන කුරුල්ලො තමයි හෝර්ටන්තැන්න ලස්සනටම දකිනවා ඇත්තෙ.Sri Lanka Latest News

හැමදාම වගේ එන දෙස් විදෙස් සංචාරකයො මේ සීතල වන උයනට අමුත්තක් නෙමෙයි. වෙලාවකට හෝර්ටන්තැන්නෙ සමතලා බිමක් හරහා ඉස්සරහට යන අපිට මතක් වෙන්නෙ වැලිතල අතරේ හෙමිහිට බසිනා කියන මහ බෝ වන්නම. බේකර්ස් ඇල්ලෙ චණ්ඩිකමත් එක්ක ඔට්ටු වෙන වෙලාවට විතරයි ටික වෙලාවකට හරි හිත හැඩිවෙන්නෙ. නැත්නම් මේ ගහක කොළක වැලක මලකම තියෙන්නෙ සුමුදු සිනිඳු බවක්. අවුරුදු ගානකට පස්සෙ එකම එක සැරයක්වත් මේ බිමේ නිහඬ බව හැඩිවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනෙ හැමෝම.

ඒත් අවාසනාවකට නෙළු පිපිලා. අවරුදු දොළහකට පස්සෙ වාසනාවට පිපුණු නෙළු අවාසනාවක් කරන්නෙ මිනිස්සු. නෙළු දෑසින් දකිනවා වෙනුවට ඒවා ගෙදර ගේන්නයි පැලයක් දෙකක් ගලවගන්නයි හිතෙන තරමටම අපේ හිත් නාස්ති වෙලා.

එහෙම උන්ට මොන එහෙකට මේ ගැන කිව්වද කියලා මේ ගැන ලියපු කියපු හැම එකාගෙන්ම අහන්නම ඕනෙ.

දැන් ඔය නෙළු පිපිලා, නෙළු බලලා, නෙළු දැකලා, කවුරු හරි සතුටු වුණාද? ඔව්, ගොඩක් වෙලාවට නෙළු බලන්න ආපු ලක්ෂ සංඛ්‍යාත පිරිස නිසා, ඒ අය සතුටු වෙන්න ඇති. හැබැයි ශ්‍රී ලංකාවේ තියෙන ජාතික වනෝද්‍යාන අතරින් ඉතාම සුමටව, සුරක්ෂිතව ආරක්ෂා කළ යුතු, ඉතාම සුන්දර පරිසරයක් තියෙන වනාන්තර කොටසක් තමයි හෝර්ටන්තැන්න. හෝර්ටන්තැන්න කියන්නේ ඉතාම සංවේදී පරිසර කලාපයක්. සාමාන්‍යයෙන් වියළි කලාපීය වනාන්තරයකට වඩා මේ තෙත් කලාපීය වනාන්තරවල, මේ මඳ වැහි වැටෙන පරිසර කලාපවල පිපෙන මලේ ඉඳලම සුමටයි. හරි සිනිඳුයි. මේකේ ජීවත් වෙන සත්තු කලබලයට හුරු නැහැ. ඒගොල්ලෝ ආරක්ෂා කරන්න, ඒගොල්ලන්ට පරිස්සම් සහිත පරිසරයක් හදන්න අපිට වගකීමක් තියෙනවා. හැබැයි දැන් මේකට එන මිනිස්සු පිස්සො පිහාට්ටෝ වගේ හැසිරෙන්න පටන් අරගෙන, එහෙ මෙහෙ කුණු දාගෙන, නාඩගම් නටාගෙන, හූ කියාගෙන, කෑගහගෙන, වාහන හෝන් ගහගෙන, නෙළු බලන්න ඇවිල්ලා.

අවුරුදු 12කට පස්සේ පිපිච්ච නෙළු, තව අවුරුදු 120කටවත් නොපිපෙන්න, වැඩ කරන්නේ නැතුව කරුණා කරලා, කෑවා නම්, බිව්වා නම්, ආතල් එකක් ගත්තා නම්, ගෙදරට වෙලා ඉන්න මහත්තයෝ. වන්නි වනාන්තරවල ගිහිල්ලා දාන සෙල්ලම් මේ සීතල පරිසරයේ තියෙන වනාන්තරවල දාන්න බැහැ. වන්නි වනාන්තරවලවත් ඔයාලට සෙල්ලම් දාන්න අයිතියක් නැහැ. අපි දැක්කනේ යාල ගිහිල්ලා, පාරේ ඕෆ් රෝඩ් පැදලා, තැන් තැන්වල පිස්සු නටලා, හෝන් ගහලා, හූ කියලා කෑගහලා එන සමහර අයියලා, අක්කලා. මේක බොහොම පරිස්සමට, ආරක්ෂා කරගන්න ඕනෙ දෙයක්. නෙළු පිපුණු බව ඇත්ත, නෙළු යාය විවිධ වර්ණවලින් පිපිලා, නෙළු ගැන අපි මේ රටට, මේ මිනිස්සුන්ට කිව්වේ, මේක මේ රටේ මිනිස්සු දැනගන්න ඕනෙ හින්දා. හැබැයි අපි විශ්වාස කළා, මේ රටේ මිනිස්සු පරිසරයට ආදරය කරනවා කියලා. සමහර අය කිලෝමීටර් ගණන් දුර ගෙවාගෙන, දුර්ග මාර්ග ඔස්සේ අසීරුවෙන් මෙතෙන්ට ආවේ ආදරයෙන් නෙළු බලලා, ආදරයෙන් වැලඳගෙන, ඒ ආදරය වනාන්තර ඇතුළේ තියලා, ආපහු ගෙදර යන්න.
වනාන්තරවලට පිවිසෙන මග බෝඩ් ගහලා තියෙනවා ඔබේ පියසටහන් පමණක් තියලා යන්න කියලා. හැබැයි අන්තිමට පැළෙත් ගලවගෙන යන්න හදන තැනට අපේ රටේ මිනිස්සු පත්වෙලා. මේක නරක තත්ත්වයක්. මේ තත්ත්වයෙන් මේ අයව ගලවගන්න, නැත්නම් වනාන්තර බේරගන්න, සත්තු ආරක්ෂා කරගන්න, වනජීවී එකට, වන සංරක්ෂණයට අපි හැමදාම චෝදනා කරලා වැඩක් නැහැ. සීමිත නිලධාරී පිරිසක් ඉන්න, සීමිත කණ්ඩායමක් විසින් ආරක්ෂා කරන, සීමිත කණ්ඩායමක සහයෝගය ලැබෙන මේ පරිසර ආරක්ෂණ පද්ධතියට, සොබාදහම මුරකරන්න, සොබාදහමේ අයිතිකාරයෝ වෙච්ච වනාන්තරවල ඉන්න සතා සීපාවන්ට වගේම, සොබාදහමේ අනෙක් පංගුකාරයෝ වෙච්ච මිනිස්සුන්ටත් උවමනාවක් තියෙන්න ඕනේ. එහෙම නැතුව ලක්ෂ ගානක් මිනිස්සු එක දිගටම වනාන්තරයේ බලන්න එන්න පටන් අරගෙන, නෙළු මල් බලන්න එන්න පටන් අරගෙන, පාරේ ට්‍රැෆික් හැදුණම, පාරේ විශාල කලබලයක් නිර්මාණය වුණාම, එක දිගට හෝන් ගහන්න ගත්තම, අතරමග යන්න බැරුව හිර වෙන්න ගත්තම, වාහන පාකින් පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න ගත්තම, ඒවට උත්තර හොයන්න වනජීවී එකට, වන සංරක්ෂණයට, අඩවි වන නිලධාරීන්ට චෝදනා කරලා වැඩක් නැහැ. මේ තත්ත්වය පාලනය කරන්න ඕනේ අපිමයි. මේ තත්ත්වයෙන් මිදෙන්න ඕනේ අපිමයි.

හෝර්ටන්තැන්නට ඇතුළු වෙන තැන ඉඳලාම නෙළු පිපිලා තියෙනවා. ඒක ඇත්ත. හැබැයි මේ වගේ සංවේදී පරිසර කලාපවල ප්‍රවෘත්තිවලදී, අපි සමාජය දැනුවත් කරද්දී, අපි ඒ අයට තේරුම් කරලා දෙද්දී, අපි මිනිස්සුන්ට කියලා දෙන්න ඕනෙ දේ තමයි, මේ මල්, මේ පරිසරය, මේ වනාන්තර, ඔබ එක දවසක් දැකගත්තට ඇති වෙන්නේ නැහැ. මේක තව දවසක, තව මොහොතක, තව මේ විදිහකට බලන්න, විඳින්න, තව අයට රැකගන්න ඉඩ තියලා අපි ඒව ආරක්ෂා කරමු. ඔබ වනාන්තරයට ගිහිල්ලා හැසිරිච්ච විදිහ ගැන ඔබ සතුටුද කියලා ඔබම කල්පනා කරලා බලන්න. ඔබ කරපු කියපු දේවල් ගැන ඔබ තෘප්තිමත්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඔබ අරගෙන ගියපු දේවල් ඔබ මේ කැලේ පුරා දාලා, තැන් තැන්වල විනාශ කරලා, වනාන්තරයට රිදවලා නම් ආවේ, නෙළු බැලුවට වැඩක් නැහැ. මේ නිසා මතක තියාගන්න, අපි අපේ පරිසරය ආරක්ෂා කළොත් විතරයි, පරිසරය අපිව ආරක්ෂා කරන්නේ කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හැටන් ටවුම මැද ප්‍රසිද්ධ ඉඩම් වෙන්දේසියේ ලොකු අවුලක්! එක්කෙනෙක් ඇවිත් ඔක්කොම ඉඩම් කොටස් ලක්ෂ 30කට අරන්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

බලාගෙන… ඒඩ්ස් හැම තැනම…! Sri Lanka Latest News

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.