• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලාගෙන… ඒඩ්ස් හැම තැනම…! Sri Lanka Latest News

October 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
HIV ආසාදිත සංඛ්‍යාව ඉහළට! බාල වයස්කරුවන් රැසකුත් ආසාදිතයන් වෙලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

HIV රෝගය යනු ලෝකය තුළ දැඩි ව්‍යසනයක් ඇතිකරනු ලබන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතරින් ප්‍රධාන වෛරසයකි. මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය නමින්ද 11මෙය හඳුන්වනු ලබයි. රෙට්‍රො වෛරසයක් වන අතර එමගින් නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා හෙවත් ඒඩ්ස් රෝගය ඇතිවේ. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම ප්‍රහාර එල්ල කර ශරීරය දුර්වල කිරීම මෙමගින් සිදුවන අතර කැස්සක්, හෙම්බිරිසාවක් වැනි කුඩා හෝ රෝගයක් වැළඳීමෙන් මරණය පවා සිදුවීම මෙහි ඇති භයානක තත්ත්වයකි. මෙහිදී මිනිසුන් තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රිය වීම ආරම්භ වන අතර, එමගින් මාරාන්තික අවස්ථාවාදී ආසාදන ඇති වෙයි. මින් පෙර මෙම වෛරසය සඳහා මානව වසා සෛල වෛරසය, වසා ගැටිති විශාල වීම හා සම්බන්ධ වෛරසය හා ඒඩ්ස් සම්බන්ධ රෙට්‍රෝ වෛරසය නමින් හඳුන්වා ඇත. මේ පිළිබඳ හුදෙක් සමාජ කතිකාවක් ඉදිරිපත් කිරීමට මෙනයින් මා උත්සුක වනුයේ වර්තමානය තුළ බහුලවම, අවුරුදු පහළොවක් විසිනවයක් යන වයස් කාණ්ඩ අතරින් ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන් වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබීම හේතුවෙනි.Sri Lanka Latest News

HIV ආසාදන බෝවීමක් සිදුවනු ලබන්නේ රුධිරය,ශුක්‍ර තරල, යෝනි මාර්ගයේ ශ්‍රාවයන්, ශුක්‍ර මෝචනය හෝ මව් කිරි මගිනි. මෙම දේහ තරල,තුළ ්HIV නිදහස් වෛරස අංශු ලෙස සහ ආසාදිත ප්‍රතිශක්තීකරණ සෛල තුළ අන්තර්ගතව ඇත. ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම සිදුවනු ලබන ප්‍රධාන මාර්ග හතර වනුයේ අනාරක්ෂිත ලිංගික සංර්ගයක් මගින්, අපවිත්‍ර වූ එන්නත් කටු මගින්, මවු කිරි මගින් හා දරු ප්‍රසූතියේදී ආසාදිත මවගෙන් දරුවාට ගමන් කිරීම යන ක්‍රමවලිනි. ්‍HIV සඳහා රුධිරය හා එහි නිෂ්පාදනයන් පරීක්ෂණයට ලක්කිරීම මගින් HIV ආසාදනය සංවර්ධිත රටවල බොහෝ දුරට අවම වී ඇත.

මිනිසුන් තුළ HIV ආසාදන ඇතිවීම වසංගත රෝග තත්ත්වයක් බවට වර්තමානය තුළ පත්වී ඇත. 2006 ජනවාරි මාසයේ දී HIVහි ඒකාබද්ධ එක්සත් ජාතීන්ගේ වැඩසටහන මගින් හා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තක්සේරු කර ඇති අන්දමට 1981 දෙසැම්බර් පළමුවැනිදා ඒඩ්ස් රෝගය මුල්වරට හඳුනාගත් දිනයේ සිට පුද්ගලයන් මිලියන 25කටත් අධික සංඛ්‍යාවක් මරණයට පත්වී ඇත. එමගින් එය ඉතිහාසය තුළ වඩාත් විනාශකාරී වසංගත තත්ත්වයක් බවට පත්වී ඇත. තක්සේරු කර ඇති අන්දමට ලෝක ජනගහනයෙන් 0.6%ක් HIV මගින් ආසාදනයට ලක්වී ඇත. 2005 දී පමණක් ඒඩ්ස් මගින් ජීවිත මිලියන 2.4 – 3.3 අතර සංඛ්‍යාවක් බිලිගෙන ඇති අතර එයින් 570,000කට අධික සංඛ්‍යාවක් කුඩා ළමුන් බව වාර්තා වී ඇත. මෙමගින් වන මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක්ම අප්‍රිකානු රටවල සිදුවන අතර ඒ මගින් ආර්ථික වර්ධනය අඩපණ කර දරිද්‍රතාව ඉහළ නංවනු ලබයි. නූතන තක්සේරු කිරීම්වලට අනුව HIV මගින් අප්‍රිකාවේ පුද්ගලයන් මිලියන 90ක් ආසාදනයට ලක්ව ඇති අතර, මිලියන 18ක් පමණ අනාථයන් බවට පත්ව ඇති බවද වාර්තා වී ඇත.

ආසාදිතයන්ගේ වාර්තාවීම සැලකිල්ලට ගැනීමේ දී ශ්‍රී ලංකාවේ 2021 වර්ෂයේ දී මෙරටින් ආසාදිතයන් 411ක්, 2022 දී 607ක්, 2023 දී 697ක්, 2024 දී 824ක් සොයාගෙන තිබේ. ඒ අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ පුරුෂයන්ගෙන් වීමත් විශේෂත්වයකි. එය අනුපාතයක් ලෙස ගතහොත් 7:1කි. ඒ අනුව ගතවූ ජනවාරි සිට මාර්තු දක්වා හඳුනාගත් නව ආසාදිතයන්ද ඇතුළුව මේ වනවිට මෙරට තුළ HIV ආසාදිතයන් 6,740ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මෙය හුදෙක් ඛේදනීය තත්ත්වයකි. මන්දයත් රටේ තරුණ පරම්පරාව අවිනිශ්චිත තත්ත්වයකට පත්කිරීමට මෙම රෝගකාරකය වර්තමානයේදී සමත් වී ඇති බව හේතුවෙනි.

HIV වෛරස ආදාසාදිතයන්ගේ කඳුළු හා මුත්‍රාවල අඩු සාන්ද්‍රණවලින් අන්තර්ගත වේ. නමුත් මෙම ශ්‍රාවයන් මගින් රෝග ඇති වූ අවස්ථාවක් පිළිබඳ වාර්තා වී නොමැත. තවද මෙමගින් රෝග ඇතිවීමේ අවදානමද නොසලකා හැරිය නොහැක. ශුක්‍රාණු විනාශයට පත්කිරීමට භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගයට ඇතුළත් කරනු ලබන බාධක උපත් පාලන ක්‍රම හෝ නොමැතිව භාවිත කිරීම මගින් යෝනි මාර්ගය ආසාදනයට ලක්වීම මගින් රෝග ආසාදන ශීඝ්‍රතාවය ඉහළ යනු ලබයි.

රට තුළ සමාජයේ නීතිගත වූ ක්‍රමවේදයන් බිහි වී තිබුණද තරුණ පිරිස් හමුවේ සිදුවන විවිධාකාර අනවශ්‍ය ගැටලු හේතු කොටගෙන මෙවැනි සමාජීය රෝග වර්ධනය වීමේ දැඩි අවදානමක් මේ වනවිටත් හටගෙන හමාරය. සම්බන්ධතා හේතුකොට ගෙන බොහෝ සෙයින් තරුණ ගැහැනු ළමයින්ගේ අනවශ්‍ය ගැබ්ගැනීම් නිරන්තරයෙන් සමාජයෙන් අසන්නට ලැබේ. වයස අවුරුදු 18ට අඩු ගැහැනු ළමයින්ද මෙවැනි අනවශ්‍ය ගැබ්ගැනීම්වලට ලක්වීම මගින් මෙවැනි සමාජීය රෝග වර්ධනය වීමට දැඩි අවදානමක් පවතී. මන්දයත් කිසිදු සෞඛ්‍යමය වශයෙන් පිළිවෙත් අනුගමනය නොකර එවැනි නීතිගත ක්‍රමවේදයන් හමුවේ ගැටලු හටගැනීම හේතුවෙන් මෙවැනි සමාජමය රෝග වර්ධනය වනු ලබයි.
එමෙන්ම උසස් අධ්‍යාපනය හමුවේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව පවතින හෝටල් පරිශ්‍රය හා කාමර (ROOMS) හේතු කොට ගෙනද මෙවැනි තත්ත්වයන් වර්ධනය වීම හඳුන්වාදිය හැකිය. තවද ගණිකා වෘත්තියද එක් පසෙකින් මේ සඳහා තවත් එක් ගැටලුවකි. එමෙන්ම ස්පා ආදී ස්ථාන හරහාද මෙවැනි සමාජීය රෝග වර්ධනයට හේතුවනු ඇත.

ශ්‍රී ලංකාව HIV ව්‍යාප්තිය අඩු මට්ටමක පවතින රටක් ලෙස සැලකුණත් පසුගිය වසරේදී නව ආසාදිතයන් වාර්තාවීම සැලකිය යුතු ලෙස වැඩිවීම අනතුරුදායක තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලබයි. අවුරුදු පහළොව විස්ස යන වයස්වල පසුවන තරුණ පිරිස් අතර HIV ආසාදනය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතැයි හඳුනාගැනීම මෙහිදී අප අවධානයට ලක්කළ යුතුම කරුණකි. බොහෝ පාර්ශ්වයන්හි අදහස නම් පාසල් දරුවන් පවා මෙම තත්ත්වයට ගොදුරු වෙමින් පවතින බවයි. 2024 වර්ෂයේදී HIV ආසාදිතයන් 824ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවට අනාවරණ වී තිබේ. ඉන් හතළිස්හත්දෙනකුට දිවි අහිමි වී ඇත්තේ එය ඒඩ්ස් තත්ත්වය දක්වා වර්ධනය වීම හේතුවෙනි. නිතැතින්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් හුදෙක් කොළඹ අවට පවතින විශ්වවිද්‍යාල ආසන්නයේ පවතින ස්පා හා රූම් යනාදිය ගණනය කළහොත් ඉතාමත් ඉහළ සංඛ්‍යාවක් එම ස්ථාන පවතිනු ඇත. එවැනි අනාරක්ෂිත තත්ත්ව හමුවේ මෙවැනි සමාජ රෝග ව්‍යාප්ත වීම නිසැකවම සිදුවනු ඇත. මෙවැනි වාතාවරණයක් තුළින් පවතින රජය හමුවේ සමලිංගික ක්‍රියාවන් නීතිගත කිරීම හා ඊට උඩගෙඩිදීම් හුදෙක්ම රට සංස්කෘතික වශයෙන් හා සමාජීය වශයෙන් අනාගත තාරුණ්‍යයට මෙන්ම අනාගත දරු පරපුරට සිදුකරනු ලබන කනගාටුදායක තත්ත්වයකි. මන්දයත් මෙය රටේ තාරුණ්‍යයට සිදුකරනු ලබන බරපතළ ව්‍යසනයකි. එවැනි සමලිංගික ක්‍රියාවන් විදේශීය රටවලට සරල දෙයක් වනුයේ ඔවුන්ගේ රටේ පවතින්නාවූ සංස්කෘතිය හේතුකොට ගෙනය. නමුත් ගෝලීයකරණ සංකල්පය හේතු කරගෙන එවැනි සංකල්පයන් අපේ රටටත් රැගෙන ඒම හරහා අපේ නමින් අප හඳුන්වන දේශීය සංස්කෘතියට හා දේශීය ආගමට විශේෂයෙන් බෞද්ධ ආගමට සිදුකරනුයේ අපහාසයකි. මේ වෙනුවෙන් ආගමික නායකයන්ද ඔවුන්ගේ අදහස් විරෝධතාවකින් ඉදිරිපත් කොට ඇත. මෙවැනි සමාජ රෝගයක් බහුලවම ව්‍යාප්ත වෙන කාලසීමාවක් හමුවේ හුදෙක් රජය විසින් කරනු ලැබිය යුත්තේ මෙම රෝගය පාලනයට පියවර ගැනීමයි. එනමුත් මෙවැනි ක්‍රියාදාමයන් එනම්, සමලිංගික ක්‍රියාවන් නීතිගත කිරීම් සිදු හුදෙක් රට තවදුරටත් අගාධයට ඇදදැමීමට ඔවුන් උත්සුක වනවා යැයි සිතනු හැකිය.

රජය කෙසේ ක්‍රියා කළද ඔබ ඔබේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙම රෝගයෙන් ආරක්ෂාවීම නිතැතින්ම සිදුකළ යුතුය. ඒ සඳහා මෙහිදී ඔබ HIV ආසාදිතයෙක් නම් එය හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් මේ සඳහා නොමිලේ සහ පෞද්ගලිකත්වය සුරකින පරිදි පරීක්ෂණ හා ප්‍රතිකාර සේවා සපයන අතර ශ්‍රී ලංකාව පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග සායන හතළිස්එකකදී ්HIV ආසාදිතයන්ට නොමිලේ ප්‍රතිවෛරස් ප්‍රතිකාර ලබාදෙනු ලබයි. එමෙන්ම ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ක්ෂණික දුරකතන අංකය (+94 703 733 933) අමතා රහසිගත සේවාවක් ලබාගැනීමද තවත් ක්‍රමයකි. සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක KNOW FOR SUREයෙදුම හරහා මේ පිළිබඳ සියලු තොරතුරු මනාව ඔබට දැනගත හැකි වේ. එසේම HIV TEST KIT භාවිතයෙන් ස්වයං මුඛ තරල පරීක්ෂාවක් හරහා ්‍HIVආසාදිතයෙක් ද නැද්ද යන්න ඔබට හඳුනාගත හැකිය. ඔබත් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින්න. එය රටේ අනාගතයටත් සුබදායී වනු ඇත.

පී.එම්.සඳලි සත්සරණි රත්නායක.
ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

SendShareShare
Previous Post

නෙළු පිපිලා… හෝර්ටන්තැන්නම හැඩිකරලා…! Sri Lanka Latest News

Next Post

අපේක්ෂාවේ අපේක්ෂාව…! Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.