ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට සියලු ම පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය.Sri Lanka Latest News
සියලු ම ආණ්ඩුකාරවරුන් එළඹෙන සිකුරාදා (පෙබ. 16) හමුවී මෙම තීරණය දැනුම් දෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.
එසේ ම ,ජීවතුන් අතර සිටින කිසිවකුගේ නමක් මින් ඉදිරියට පාසල්වලට නොයොදන ලෙසට එහිදී උපදෙස් දෙන බව ද හෙතෙම කීය.
පාසල් ආදි ශිෂ්‍ය සංගම්වල ඉල්ලීම අනුව පසුගිය කාලයේදී දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් ජීවත්ව සිටියදී පාසල්වලට නම් යොදා තිබෙන බව පැවසූ ඇමතිවරයා මින් ඉදිරියට එය සිදුකිරීමට ඉඩ නොදෙන බව ත්, ඒ සඳහා අවශ්‍ය නීති ගෙන එන බ වත් ප්‍රකාශ කළේ ය.
මේ අතර, දේශපාලනඥයන් පාසල්වලට ගොස් ආධාර ලබා දෙන මුවාවෙන් සිදු කරන දේශපාලන කතා නතර කිරීමට පියවර ගන්නා බව ද ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
කෙහෙළිය රඹූක්වැල්ල මහතා බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඒ මහතාගේ නමින් නම් කොට ඇති පාසලක නම ඉවත් කරන ලෙස බොහෝ පිරිස් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වී තිබිණ.