• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිල්ලියේ ජල්ලියක්! භෝගවලට සාධාරණ මිලක් ඉල්ලා දිල්ලියට පාගමනින් එන දහස් ගණන් ගොවීන්ට පොලිසිය කඳුළු ගෑස් ගහයි! ඇතුළට එන්න බැරිවෙන්න පැති තුනකින් වටකර දිල්ලිය බළකොටුවක් කරයි! ගොවියොත් වැඩේ අත්නොහරී! I Sri Lanka Latest News

February 14, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
දිල්ලියේ ජල්ලියක්! භෝගවලට සාධාරණ මිලක් ඉල්ලා දිල්ලියට පාගමනින් එන දහස් ගණන් ගොවීන්ට පොලිසිය කඳුළු ගෑස් ගහයි!  ඇතුළට එන්න බැරිවෙන්න පැති තුනකින් වටකර දිල්ලිය බළකොටුවක් කරයි! ගොවියොත් වැඩේ අත්නොහරී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය භෝග සඳහා අවම මිලක් ඉල්ලා විරෝධතාවයේ නිරත වන දහස් සංඛ්‍යාත ගොවීන් දිල්ලි නුවරට පාගමනින් යෑම වැළැක්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.Sri Lanka Latest News

විරෝධතා මැඩපැවැත්වීමේ අරමුණින් රේසර් කම්බි, සිමෙන්ති කුට්ටි ආදිය යොදා අගනුවර පැති තුනකින් වැටවල් වලින් වට කර ඇත.

2020 වසරේ දී සිදුවූ දේ නැවත සිදුවනු ඇතැයි ඉන්දීය රජය බියට පත්ව ඇත. වසරක් පුරා පැවති විරෝධතාවලින් පුද්ගලයින් රැසක් මිය ගිය අතර එය අවසන් වූයේ මතභේදාත්මක කෘෂිකාර්මික නීති අවලංගු කිරීමට ඇමතිවරුන් එකඟ වීමෙන් පසුව පමණි.

එහෙත් වසර තුනක් ගතවී ඇතත් අනෙකුත් ඉල්ලීම් ඉටුවී නොමැති බව ගොවීහු පවසති.

අඟහරුවාදා නවදිල්ලි අගනුවරට උතුරින් කිලෝමීටර් 200ක් (සැතපුම් 125ක්) පමණ දුරින් පිහිටි අම්බාලා නගරය ආසන්නයේ දී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර එය ඡායාරූප වලින් දැක ගත හැකි වුයේ තද වලාකුළු ලෙසය.

සදුදා දිනයේ පොලිසිය හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්ත අතර ෂම්බුහිදී ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් බහුතරයක් පවසන්නේ, ඔවුන්ට සාමකාමීව හර්යානා හරහා දිල්ලි වෙත ළඟා වීමට අවශ්‍ය බවයි. නමුත් ඔවුන්ට එසේ කිරීමට ඉඩ ලබාදී නොමැත. ෂම්බුහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් ද වාර්තා වී ඇති අතර එහි පවතින්නේ නොසන්සුන් වාතාවරණයකි.

බලධාරීන් මාර්ග අවහිර කිරීම සහ වාහන හරවා යැවීම හේතුවෙන් අඟහරුවාදා දිනයේ දිල්ලිය පුරා වාහන තදබදයක් සහ ගමනාගමන බාධා ඇතිවීම් වාර්තා විය.

ගොවි විරෝධතා හමුවේ බලකොටුවක් බවට පත්වූ දිල්ලිය

සිය අස්වැන්න සඳහා සහතික මිලක් ලබා ගැනීම උදෙසා දහස් ගණනක් වූ ගොවීන් අසල්වැසි ප්‍රාන්තවල සිට දිල්ලිය බලා විරෝධතා පාගමනක් ආරම්භ කර ඇත.

2020 වසරේදී ඉදිරිපත් කළ මතභේදාත්මක කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට එරෙහිව ගොවීන් විසින් දිල්ලි අගනුවර සීමාවල කඳවුරු බැඳගෙන සිටියහ.

වසරක් පුරා පැවති විරෝධතාවලදී පුද්ගලයින් රැසක් මිය ගිය අතර එම නීති ඉවත් කිරීමට රජය එකඟ වීමෙන් පසුව විරෝධතා අතහරින ලදී.

සිය ප්‍රධාන ඉල්ලීම් ඉටු නොවීම හේතුවෙන් ගොවීන් නැවතත් විදීවලට පැමිණ තිබේ.

දිල්ලි අගනුවර හා අසල්වැසි ප්‍රාන්තයන් සම්බන්ධ කෙරෙන ජාතික අධිවේගී මාර්ග පද්ධතිය අවහිර කරමින් 2020 වසරේදී මාස ගණනාවක් පුරාවට පැවති විරෝධතාව නැවත සිදුවීම වැළැක්වීමේ අරමුණින් දිල්ලියට පිවිසිය හැකි මාර්ග තුනක් පොලිසිය විසින් දැනටමත් සම්පුර්ණයෙන් වසා දමා තිබේ.

මෙම විරෝධතා ව්‍යාපාරය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එල්ලවූ විශාලතම අභියෝගයක් ලෙස සැලකේ.

ගොවි වෘත්තීය සමිති නායකයින් සහ ෆෙඩරල් අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡා වට දෙකකින් අනතුරුවද එම ගැටලුවලට විසඳුම් ගෙන ඒමට අසමත් වී තිබේ.

ගොවීන් ඉල්ලා සිටින්නේ සහතික කළ බිම් මිලට හෝ අවම ආධාරක මිල (MSP) යටතේ තම නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් රජය විසින් පාලනය කරන තොග වෙලඳපොලවල හෝ වෙළෙඳසැල්වල විකිණීමට ඉඩ සලසන ලෙසයි.

ගොවීන්ගේ ආදායම දෙගුණ කරන බවට රජය දුන් පොරොන්දුව ඉටු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

විරෝධතාකරුවන් අගනුවරට ඇතුළුවීම වැළැක්වීම සඳහා නගර සීමාමායිම ආසන්නයේ කටුකම්බිවලින් වට කර සිමෙන්ති වලින් සෑදු බැමි ඇතුළු බාධක යොදවා ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය,විරෝධතාකරුවන් අගනුවරට ඇතුළුවීම වැළැක්වීම සඳහා නගර සීමාමායිම ආසන්නයේ කටුකම්බිවලින් වට කර සිමෙන්ති වලින් සෑදු බැමි ඇතුළු බාධක යොදවා ඇත.

මෙම ගොවි පා ගමන පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය මෝදි ගේ භාරතීය ජනතා පක්ෂය (BJP) තෙවැනි වරටත් බලයට පත්වීමට අපේක්ෂා කරන ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීමට මාස කිහිපයකට පෙරයි. ගොවීන් ඉන්දියාවේ වඩාත්ම බලගතු ඡන්ද සමූහයක් වන අතර විද්වතුන් පවසන්නේ මැතිවරණයට පෙර ඔවුන්ව දුරස් කර ගැනීමට රජය උත්සාහ නොකරනු ඇති බවයි.

ෆෙඩරල් අමාත්‍යවරුන්, ගොවි සමිති නායකයින් සමඟ පැය හයක දීර්ඝ සාකච්ඡාවක් සඳුදා පැවැත්වීය. 2020 වසරේ පැවති උද්ඝෝෂණවලට එක්වූ විරෝධතාකරුවන්ට එරෙහිව ගොනුකර ඇති නඩු ඉල්ලා අස්කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී එකඟතාවයකට පැමිණි බව වාර්තා වේ.

එහෙත් අවම ආධාරක මිල සම්බන්ධයෙන් එහිදී එකඟතාවයක එළෙඹී නොතිබුණි. 2021 වසරේ දී, ගොවි නීති අවලංගු කිරීමෙන් පසු, සියලුම ගොවි නිෂ්පාදන සඳහා සහය මිල සහතික කිරීම සඳහා ක්‍රම සෙවීම සඳහා මණ්ඩලයක් පිහිටුවන බව රජය පවසා තිබුණි. එහෙත් කමිටුව තවමත් සිය වාර්තාව ඉදිරිපත් කර නැත.

බලධාරීන් මාර්ග අවහිර කිරීම සහ වාහන  හරවා යැවීම හේතුවෙන් අඟහරුවාදා දිනයේ  දිල්ලිය පුරා වාහන තදබදයක් සහ ගමනාගමන බාධා ඇතිවීම්  වාර්තා විය.
ඡායාරූප ශීර්ෂ වැකිය,බලධාරීන් මාර්ග අවහිර කිරීම සහ වාහන හරවා යැවීම හේතුවෙන් අඟහරුවාදා දිනයේ දිල්ලිය පුරා වාහන තදබදයක් සහ ගමනාගමන බාධා වාර්තා විය.

මේ අතර, විරෝධතාකරුවන් අගනුවරට ඇතුළුවීම වැළැක්වීම සඳහා නගර සීමාමායිම ආසන්නයේ කටුකම්බිවලින් වට කර සිමෙන්ති වලින් සෑදු බැමි ඇතුළු බාධක යොදවා ඇත.

අගනුවර තුළ මෙන්ම දිල්ලියට මායිම්ව පිහිටා ඇති උත්තර් ප්‍රදේශ් සහ හර්යානා ප්‍රාන්ත තුළ විශාල රැස්වීම් ආදිය පැවැත්වීම ද පොලිසිය විසින් තහනම් කර ඇත.

පාලක භාරතීය ජනතා පක්ෂයේ බලය සහිත හර්යානා ප්‍රාන්ත රජය විසින් අඟහරුවාදා දක්වා එහි පිහිටි දිස්ත්‍රික්ක හතක අන්තර්ජාල සේවා අත්හිටුවා ඇත.

මෙම පාගමනට ගොවි සංගම් 200කට අධික සංඛ්‍යාවක් සහභාගි වෙති.”අපි සාමකාමීව ගමන් කරන අතර අපගේ පරමාර්ථය වන්නේ රජය අපගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීමයි” පන්ජාබ් කිසාන් මස්දූර් සංඝර්ෂ් කමිටුවේ ප්‍රධාන ලේකම් සර්වාන් සිං පන්දර් ANI ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

ගොවීන් සහ වෘත්තීය සමිති පෙබරවාරි 16 වැනි දින ග්‍රාමීය වැඩ වර්ජනයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාලය තුළ කෘෂිකාර්මික කටයුතු සිදු නොකෙරේ. එදින ගොවීන් රට පුරා පිහිටි ප්‍රධාන මාර්ග අවහිර කරන අතර සියලුම ගම්වල වෙළඳසැල්, වෙලඳපොලවල් සහ කාර්යාල වසා දමනු ඇත.

SendShareShare
Previous Post

හැම දරුවෙක්ම ලක්ෂ 12ක ණයකාරයෙක් කරලා! උනුත් එකයි මුනුත් එකයි කියලා අවුරුදු 75ක් දෙගොල්ලොම රට විනාශ කළාද? එහෙමත් නැත්නම් යුද්ධයෙන් පසු සාපය රට විනාශ කළාද? ස්මාර්ට් පන්ති කාමරයක් වීගොඩ මහා විද්‍යාලයට ලබා දෙමින් සජිත් කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

කෙහෙළියගෙ නම දාපු ඉස්කෝලෙන් ආ විරෝධය පළදරයි! ජීවත් වෙලා ඉන්න සියලුම දේශපාලකයන්ගේ නම් ඉස්කෝලවලින් ගැලවෙයි! මහින්දගේ නමත් ගලවලා දමයිද? I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.