• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ණය කේස් එකක්ද? වෙන කේස් එකක්ද? බිරියගේ ගෙල කපා දියණියවත් තරුලු කරන් ගිනි ගොඩට පැන්න හලාවත අබිරහස! Sri Lanka Latest News

October 26, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය 20 වැනිදා හලාවත සිංහපුර ගමට හිරු උදාවුණේ වෙනදා වගේ ප්‍රබෝධයක් සමග නෙවෙයි. ගමේ හැම කෙනකුගේ මුහුණුවල තිබුණු ශෝකාකූල බවක්. මහා මූසල පෙනුමකින් මුළු පරිසරයම වැසී ගිහින් තිබුණා. සිංහපුර ගමේ නිවසක් දුමාරයකින් වැසී යන්නට වුණා. ඒ වගේ අසාමාන්‍ය සිදුවීමක් මීට පෙර ගමෙන් අහන්න ලැබිලා නොතිබුණු නිසාම ගම්වාසී හැම කෙනෙක්ම ඒ ගැන විපරම් කරන්නට වුණා. නමුත් මේ ගින්නට නිශ්චිත හේතුව මොකක්ද කියලා ඒ කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. නමුත් මේ සිදුවීම අද වනවිට මුළු ලංකාවම දන්නා ඛේදජනක පුවතක් බවට පත්වෙලා අවසන්. අදාළ පුවතින් කියැවුණේ එම නිවසේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනෙක් අබිරහස් ලෙස පිලිස්සී මියගොස් සිටීමයි. (Sri Lanka Latest News)

මෙම සිදුවීම අසල්වාසීන් දැනගන්නා විට නිවසේ ඇතුළතින් දොරගුළු දමා තිබී ඇත. ඔවුන් මේ ගැන මුල්වරට දැක ඇත්තේ එදින අලුයම 5.30ට පමණය.
ඒ ගැන අසල්වාසී කාන්තාවක් පවසා සිටියේ මෙවැන්නකි.

‘මිනිස්සු දුම යනවා දැකලා කෑගහනකොට අපි 119ට කතා කළා. ගිනි නිවන හමුදාවටත් පොලිසියටත් කෝල් කළා….’

අසල්වැසි තරුණයකු එම සිදුවීම විස්තර කළේ මේ ආකාරයටයි.
‘මම ඊයේ රෑ නිදාගත්තේ නැහැ. එළිවෙනකල් ඇහැරිලා හිටියේ. කිසිම සද්දයක් ඇහුණේ නැහැ. උදේ 5.50 විතර වෙද්දී නැන්දා කෙනෙක් කතා කළා උදව් කරන්න එන්න කියලා. ගිහින් බලද්දී ගේ ගිනි ගන්නවා. ජනේල්වල වීදුරු පුපුරනවා. ගින්න සැර වැඩි නිසා දොර කඩලා ඇතුළට ගියා. එතැන කිචන් එකයි රූම් එකකුයි තිබ්බා. ලේඩි කෙනෙක් කාමරේ ඇඳ උඩ දාලා තිබ්බා. දෙන්නෙක් සාලේ මැද්දේ පිච්චෙමින් හිටියා…’

ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත පැමිණි ගිනි නිවන ඒකකය විසින් ක්ෂණිකවම ක්‍රියාත්මක වී ගින්න නිවාදමා තිබුණා. මෙම දෙමහල් නිවස තුළ තිබී පිරිමි මළ සිරුරක් සහ කාන්තා මළ සිරුරු දෙකක් හලාවත පොලිසිය විසින් සොයාගෙන තිබුණා. නිවසේ පහත මහලේ කාමරයක ඇඳක් මත තිබී පිලිස්සී ගිය කාන්තා මළ සිරුරක් සොයාගනු ලැබූ අතර, එහි ගෙල කපාදමා ඇති ආකාරයද දැකගන්නට ලැබුණා. එම මළ සිරුර නිවෙස් හිමියාගේ බිරිය බවට පොලිසිය හඳුනාගනු ලැබුවා. ඒ අතර පහත මහලේ ආලින්දයේ තිබී තවත් කාන්තාවකගේ සිරුරක් සහ පිරිමි පුද්ගලයකුගේ සිරුරක් සොයාගනු ලැබුවා. එම සිරුරු ගෙහිමි පුද්ගලයාගේ සහ ඔහුගේ දියණියගේ සිරුරු බවටයි හඳුනාගනු ලැබුවේ. ඒ අනුව විමර්ශන සිදුකරන හලාවත පොලිසිය නිගමනය කළේ එම තිදෙනා එකම පවුලේ පියා, මව සහ දියණිය බවටයි. ඔවුන්, සාමිදුලෑගෙදර සේනාරත්න (51), මුහන්දිරම් රාළගේ මංජුලා නිරෝෂනී බණ්ඩාර (44), සහ නෙත්මි නිමේෂා සේනාරත්න (15) බවට තහවුරු වුණා.

මියගොස් සිටි 44 හැවිරිදි මංජුලා නිරෝෂනී බණ්ඩාර නමැති කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කරමින් සිට ඇති අතර, ඇගේ සැමියා වූ මියගොස් සිටි 51 හැවිරිදි සේනාරත්න නමැත්තා ඉඩම් වෙන්දේසි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයකු බවද, ඔවුන්ගේ දියණිය වූ 15 හැවිරිදි නෙත්මි නිමේෂා සේනාරත්න හලාවත ආනන්ද ජාතික පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබා ඇති බවද පොලිසිය විසින් වැඩිදුරටත් අනාවරණ කරගනු ලැබුවා.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී සේනාරත්න නම් ව්‍යාපාරිකයා පවත්වාගෙන ගිය ඉඩම් සමාගම මූල්‍ය ගැටලු රැසකට මුහුණපා තිබී ඇති බවත්, එම තත්ත්වය මත බිරියගෙන් ලබාගත් මුදල්ද ව්‍යාපාරයට යොදවා ඇති බවත්, අවසානයේ එම ව්‍යාපාරය බංකොලොත් වී ඇති බවත් හෙළිකර ගැනුණා.
කෙසේ වෙතත් මෙම තිදෙනාගේ අබිරහස් මරණ පිළිබඳ හලාවත පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන පවත්වමින් සිටියි. තිදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා හලාවත රෝහල වෙත යොමු කෙරුණු අතර, එහිදී පළමුව පරීක්ෂණයට ලක්කර තිබුණේ 44 හැවිරිදි මවගේ සිරුරයි. එහිදී අනාවරණ වී තිබුණේ තියුණු ආයුධයකින් ඇගේ ගෙලට පහර 6ක් එල්ල කර ඇති බවත්, අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් ඇගේ මරණය සිදුව ඇති බවයි. පසුගිය 19 වැනිදා පෙරවරුවේ එම ඝාතනය කරන්නට ඇතැයිද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ කරගෙන ඇත.
15 හැවිරිදි දියණියගේ ගෙලටද තියුණු ආයුධයකින් පහරවල් දෙකක් එල්ලකර ඇති බව පෙනීයන තුවාල ඇති බවත් දැකගන්නට ලැබී ඇත. නමුත් මියගොස් සිටි 51 හැවිරිදි ව්‍යාපාරිකයාගේ සිරුරේ එක් සීරීම් තුවාලයක් හෝ දැකගන්නට නොලැබුණු බවත්, පිලිස්සීම හේතුවෙන් ඔහු මියගොස් තිබූ බවත් මරණ පරීක්ෂණයෙන් හෙළිව තිබුණා.

එසේම වැඩිදුරටත් අනාවරණ වී තිබුණේ සැමියා විසින් තම බිරියගේ ගෙල කපා, ඇයව නිරුවත් කර සිරුර පිලිස්සීමට ලක්කර ඇති බවයි. එම ඝාතනය සිදුවන අවස්ථාවේ ඔවුන්ගේ දියණිය උපකාරක පන්තියකට සහභාගි වීමට ගොස් සිට ඇති අතර, ඇය යළි නිවසට පැමිණීමට පෙර පියා විසින් ඇයව හලාවත මැල්පුරේ පිහිටි ඇගේ දහම් පාසල් මිතුරියකගේ නිවස වෙත රැගෙන ගොස් ඇති බවද සඳහන්ය. ඒ, මව අසනීප තත්ත්වයකින් පසුවන බව දියණියට පවසමිනි. අනතුරුව රාත්‍රී 8.15ට පමණ පියා විසින් දියණියව නැවත තම නිවෙස වෙත කැඳවාගෙන විත් තිබේ. එලෙස නිවෙසට පැමිණි දියණිය රාත්‍රී නින්දේ පසුවෙද්දී ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති බව හෙළිව ඇත.

ඒ වනවිට අධික ලෙස මත්පැන් පානය කර සිටි පියා නිවස තුළ ගිනිගොඩක් අවුළුවා දියණියගේ සිරුරටද භූමිතෙල් වත්කර ගිනිගැනීමට සලස්වා ඇති බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. අනතුරුව ඔහු තමන්ගේ සිරුරටද භූමිතෙල් වත්කරගෙන ගිනි අවුළුවා, සියදිවි හානිකරන්නට ඇතැයිද පොලිසිය සැක පළකරයි.

කෙසේ වෙතත් තිදෙනාගේ මළ සිරුරු දින 14ක් මෘත ශරීරාගාරයේ තබා ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන්නැයි අධිකරණ වෛද්‍ය අයි.එම්. ඉලංගරත්න මහතා විසින් පොලිසියට දන්වා ඇත. පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ පොලිස් අධිකාරී පාලිත අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

මෙම පුද්ගලයා සිය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් විවිධ පුද්ගලයන්ගෙන් ණයට මුදල් ලබාගෙන ඇති බවත්, එම මුදල් නැවත පියවීමට නොහැකි වීම හේතුවෙන් සිත් තැවුලෙන් සිට ඇති බවත්, අවසානයේ ඔහු එම ණය මුදල් පියවීම සඳහා බිරියට අයත් කොක්කාවිල ප්‍රදේශයේ පිහිටි අක්කර 05ක ඉඩමක් විකිණීමට උත්සාහ දරා ඇති බවත්, ඒ හේතුවෙන් දෙදෙනා අතර කලක පටන් අඬදබර සිදුව ඇති බවත් සඳහන්ය.

මීට මසකට පෙර මෙම නිවස තුළ තිබුණු රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුතු රන් ආභරණ කිහිපයක් අතුරුදන්ව තිබූ අතර, එම භාණ්ඩ තම සැමියා විසින් සොරකම් කරන්නට ඇතැයි ඇය සැක කළ බවද පොලිසිය සඳහන් කර ඇත.

මියගිය ව්‍යාපාරිකයාගේ සහෝදරයකු පවසා සිටියේ මෙවැන්නකි.
‘පවුලේ මෙයාට බාල නංගියෙක් ඉන්නවා. අපි නිකවැරටියේ ජීවත් වුණේ. මියගිය මල්ලි අපේ පවුලට හයියක් වුණා. මල්ලි අවුරුදු 7කට කලින් හලාවත පදිංචියට ආව‌. මේගොල්ලෝ හරි ආදරෙන් හිටියේ..’

කෙසේ වුවත් දැන් ඒ සියලු දෙනාම ජීවිතවලින් සමුගෙන ගොස් අවසානය. අපට දැනෙන අපට හැඟෙන කාරණාව නම් මවගේ සහ පියාගේ ගැටුමකට මැදිවූ කිසිවක් නොදන්නා අහිංසක දරුවෙකුගේ ජීවිතය උදුරා ගත්තේ ඇයිද යන්නයි.

මෙම නිවසට බාහිර කිසිවකු හෝ සැකකටයුතු ලෙස ඇතුළු වී ඇති බවක් පොලිසියට අනාවරණ කරගන්නට හැකිවී නැහැ. පොල්ලෙලි සහ දර කැබැලි නිවස තුළටම ගෙනැවිත් ගිනි දල්වා තිබීමත්, නිවස ඇතුළතින් දොරගුළුලා තිබීමත් හේතුවෙන් මෙම ඝාතනයන් අදාළ ව්‍යාපාරිකයා විසින් සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන ගිය ධනවත් ව්‍යාපාරිකයකුව සිටි එම පියා යම් කාලයක ව්‍යාපාර බංකොලොත් වීම හමුවේ මානසික පීඩාවකට ලක්වී අවසානයේ මෙම ඝාතන සිදුකර තමන්ද සියදිවි නසාගත්තද යන්න සැකයට තුඩු දෙන කාරණයකි. එහෙත් බැලූ බැල්මට පෙනී යන්නේ එම පවුල ස්ථාවර ආර්ථිකයක් සහිතව ජීවත් වී ඇති බවයි. එසේ වුවද ඔවුන් පත්ව තිබූ මානසික සහ ආර්ථික ප්‍රශ්න පිළිබඳ දන්නේ ඔවුන්ම පමණි.

ඒ කෙසේ වෙතත්, වැඩිහිටියන්, මවුපියන් තමන්ගේ ආරවුල්වලට, ප්‍රශ්නවලට අහිංසක දරුවන් ඈඳාගත යුතු නැහැ. මවුපියන්ගේ ගැටුම් ඔවුන් විසින්ම විසඳාගත යුතුයි. කිසිවක් නොදන්න අහිංසක දරුවන් නිකරුණේ ඝාතනය කිරීම කොයි තරම් අසාධාරණයක්ද?

ඔබේ අම්මා තාත්තා හෝ කුමන හෝ අයෙක් යම් මානසික පීඩනයකින් සිටින බව ඔබට දැනේ නම් එය මහා ඛේදවාචකයකින් අවසන් වීමට පෙර වහාම ඒ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් හෝ මනෝ වෛද්‍ය උපදේශනයක් මගින් හෝ විසඳාගැනීමට උත්සාහ දැරීම නුවණට හුරුය. එවැනි ඕනෑම මානසික ගැටලුවකට නොමිලේ උපදේශන සපයන ආයතන කිහිපයක්ම අප රටේ තිබේ. මේ දුරකතන අංකවලින් එම ආයතන සම්බන්ධ කරගත හැකියි.

සුමිත්‍රයෝ 077 472 8881 / 0112 674 436
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය 0112578234 / 1926

මානසික උපදේශනය ලබාගෙන සෑම කෙනකුටම යහපත් ජීවිතයක් කරා ළඟාවිය හැකියි. අපේ ප්‍රාර්ථනාව නම් මෙවැනි ඛේදවාචක නැවත නැවතත් අසන්නට නොලැබේවා යන්නයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අනුර කුමාර රටේ ප්‍රශ්නවලට දෙනවා කියපු කෙටිකාලීන විසඳුම් කෝ? චන්න ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හොරුන්ගේ හොර වාහන හොර බොරු එක්කම එළියට එයි! නුවරින් – කුරුණෑගලින් සැප වාහන මතුවෙයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.