වන්නි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ටනි එමානුවල් සිල්වාගේ නිවසට හා ඔහුගේ සිරුරට ගිනි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි මන්ත්‍රීවරයාගේ බිරිය ඇතුලු තුන්දෙනෙකු වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් විසින් ඊයේ 10 දා නිදොස් කොට නිදහස් කරණු ලැබීය. (Sri Lanka Latest News)
2002 වසරේ මාර්තු මස 3 දා හෝ ඊට ආසන්න දිනයකදී වවුනියාවේ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට ගිනි ඇවිලීමෙන් පසුව ඔහුද එම ගින්නට හසුව මියගොස් තිබුණි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද පොලීසිය මන්ත්‍රීවරයාගේ බිරිය ඇතුලු තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් තුන් දෙනාට එරෙහිව වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයේදී හා මහාධිකරණයේදී නඩුවක් ඉතා දීර්ග කාලයක් තිස්සේ විභාග වුණි.
හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට ගිනි ඇවිලුන ආකාරයත් එම අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයාගේ බිරිය නිවසේ ඒකාන්තයෙන්ම සිටි බවත් ඔප්පු කර ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොවීම නිසා හිටපු මන්ත්‍රීවරයාගේ බිරිය හා නඩුව ගොනු කොට තිබූ සෙසු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා වවුනියාව මහාධිකරණයේදී බැහැර වුණි.
හිටපු මන්ත්‍රීවරයාගේ බිරියට මීට වසර ගණනාවකට ඉහතදී අධිකරණයෙන් ඇප නියම වීමෙන් පසුව ඇය දරුවන් සමග විදේශ රටක පදිංචියට ගොස් සිටි අතර අදාල නඩුව විභාග වූයේ ප්‍රධාන විත්තිකාරිය වූ හිටපු මන්ත්‍රීවරයාගේ බිරිය නොමැතිවය.
lankasara










