කළුතර ලැගුම් හලක පස්වන මහලින් බිමට වැටී පාසල් සිසුවියක් මරණයට පත්වීම සම්බන්දයෙන් මේ වනවිට කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පාසල් සිසුවිය ලැගුම් හලට රැගෙන ආ මෝටර් රථය භාරයට ගත්බව කළුතර දකුණ පොලිසිය පැවසුවා.
මේ මරණය සම්බන්දයෙන් පලවන අසත්‍ය මාධ්‍ය වාර්තා සම්බන්දයෙන් සහ මේ තරුණිය රැගෙන ගිය යෙහෙළිය සම්බන්දයෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ මව මාධ්‍ය වෙත අදහසක් පලකලා.
ඇය පැවසුවේ අදාළ යෙහෙළිය බලහත්කාරයෙන් තම දියණිය දන්සල් කන්න කියමින් රැගෙන ගිය බවයි.










