ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණ පසුගිය 26 වැනිදා සිට අතුරුදන් වූ ඊශ්‍රායල ජාතික තරුණිය යම් මානසික ව්‍යාකූලතාවයක් සහිතව නිලාවේලි ප්‍රදේශයේ කැලයක් තුළ සිටියදී විමර්ශන කණ්ඩායම් විසින් ඊයේ (29) පස්වරුවේ සොයාගෙන ඇතැයි වාර්තා වේ. (Sri Lanka Latest News)
ඒ වනවිට ඇය අතුරුදහන් වී දින තුනක කාලයක් ගත වී තිබිණි.
තමර් අමිතායි නැමැති 25 හැවිරිදි එම ඊශ්‍රායල ජාතික තරුණිය නවාතැන්ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හෝටලයක් සතියක කාලයක් සඳහා ඇය වෙන් කරවාගෙන ඉකුත් 22 වනදා ශ්‍රී ලංකාවට සංචාරයක් සඳහා පැමිණ තිබුණාය.
අනතුරුව උප්පුවේලි පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, උප්පුවේලි ප්‍රාදේශිය සභාව සහ නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය එක්ව තරුණිය සොයා විමර්ශන ආරම්භ කළේය.
ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (29) පස්වරුවේ නිලාවේලි ප්‍රදේශයේ කැලයක් තුළ සිටියදී ඇයව සොයා ගැනුණි.
උප්පුවේලි පොලීසිය උපුටා දක්වමින් “අද දෙරණ” වාර්තා කරන්නේ තරුණිය යම් මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙන බවය. ඇය විසින්ම අදාළ කැලෑ ප්‍රදේශයට යන්නට ඇතැයි අනුමාන කරන බවත් පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවමත් තරුණියගෙන් ප්‍රකාශයක් ලබාගෙන නැත. ඇය මේවන විට ත්‍රිකුණාමලය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
lankasara