• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිපති ව්‍යාපාරිකයා ආවේ අමෙරිකාවෙන් එවපු කුෂ් කිලෝ 5ක පාර්සලයක් ගන්න! කාර් එකේ තැපැල් සේවකයෙකුත්ද ඉඳලා! මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එන බවක් පොලිසියවත් දැනගෙන ඉඳලා නෑ! වෙඩි තියලා තියෙන්නේ අත්වැරදීමකින්! තැපෑලේ අයත් අල්ලගෙන කාලයත් තිස්සේ ගහන ගේමක්! කොළඹ වෙඩි තැබීමේ රහස් සියල්ල එළියට! I Sri Lanka Latest News

October 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කොළඹ මැද වෙඩි තැබීමේ තොරතුරු එළියට! වෙඩි තියලා තියෙන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන්ලු! BMW එකේ ගිහින් තියෙන්නේ කුඩු සැකකරුවන් දෙන්නෙක්ලු! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ව්‍යාජ ලිපිනයකින් කාන්තාවකගේ නමින් අමෙරිකාවේ සිට ගුවන් තැපැල් භාණ්ඩ ලෙස කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබුණු කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 05ක් පමණ ප්‍රමාණයක් රැගෙන යෑමට පැමිණි ව්‍යාපාරිකයකු සහ ඒ සඳහා ඔහුට සහාය දැක්වූ තැපැල් සේවකයන් දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

ව්‍යාපාරිකයා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට එක් තැපැල් සේවකයකු ද සමඟ ඊයේ (24) දහවල් පැමිණි අවස්ථාවේදී මධ්‍යම තැපැල් හුවමරුව ආසන්නයේදී ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි තැබීම් දෙකක් සිදුව තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ත්‍රිරෝද රථයකින් සිවිල් ඇඳුමින් සැරසී මධ්‍යම තැපැල් හුවමාරුව ආසන්නයේ රැක සිට ඇති බවත් එහිදී එම ස්ථානයට මෝටර් රථයෙන් පැමිණි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔවුන් කලහකාරී ලෙස හැසිරීමේදී පොලිස් නිලධාරින් ගිනි අවි සූදානම් කර තබාගෙන සිට ඇති බවත් වෙඩි පත්තු වී ඇත්තේ අත්වැරදීමකින් බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරු අනාවරණය කළේය.

මෙහිදී වෙඩි දෙකක් පත්තු වී ඇති බවත් එම වෙඩි දෙකම බිමට වැදී තිබෙන බවත් පොලිසිය කියයි. මෙහිදී කිසිවකුටත් එම වෙඩි වැදී නැත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයේ දමාගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ මෝටර් රථය එහි දමාය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරනු ලබන්නේ එම රථයේ යතුර පොලිස් භාරයට ගෙන තිබුණු බවත් රථය නඩුවට අදාළ නොවන බැවින් එය එම ස්ථානයේ තබා ගියේ පසුව රැගෙන යෑමේ අපේක්ෂාව ඇතිව බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ක් පමණ වයසැති අයෙක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ තොරතුරු සඳහන් කළේය.

ත්‍රිරෝද රථයකින් පැමිණි සිවිල් පුද්ගලයින් පිරිසක් මෝටර් රථයක් නතර කර වෙඩි තබා එම රථයේ සිටි දෙදෙනෙක් ත්‍රිරෝද රථයේ දමාගෙන යෑමත් මෝටර් රථය මහ මඟ දමා යෑමත් නිසා මෙය සංවිධානාත්මක අපරාධ කල්ලියකගේ වැඩක්දැයි සැකයක් ද මතු වී තිබුණි. ඒ මෙම සිදුවීම පැයක් පමණ කාලයක් ගත වන තුරු අදාළ සිදුවීම වූ ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුම්වත්ව නොතිබුණු බැවිනි. එබැවින් විශේෂ පොලිස් කණ්ඩායම් මෝටර් රථය අත්හැර ගොස් තිබුණු ස්ථානයට පැමිණ විමර්ශනයක් පවා ආරම්භ කර තිබුණේ පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයන් කවුරුන් දැයි සොයමිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පසුව ඒ බව අවශ්‍ය බලධාරීන්ව දැනුම්වත් කිරීමෙන් පසු මෙම සිදුවීම අපරාධ කල්ලියක වැඩක් නොවන බව තහවුරු වීමත් සමඟ ප්‍රාදේශීය පොලිසියෙන් සිදු කරනු ලැබූ විමර්ශන නවතා තිබුණි. ඒ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අදාළ ප්‍රාදේශීය පොලිසියට ගොස් ප්‍රකාශයක් පවා ලබා දී තිබුණි.

අමෙරිකාවෙන් පැමිණි කුෂ් මත්ද්‍රව්‍ය පාර්සලය මධ්‍යම තැපැල් හුවමාරුවෙන් පසුගිය 21 වැනිදා නිදහස් කරගෙන ඇති බව ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ තොරතුරු අනාවරණය කළේය. එය නිදහස් කරගෙන ඇත්තේ එම පාර්සලය මෙරටට එවා ඇති කන්තාවගේ බලයලත් නියෝජිතයා යැයි කියමින් පැමිණි පුද්ගලයකු විසිනි. බලය පවරනු ලැබූ ලිපියක් රැගෙන විත් ඇත්තේ තැපැල් සේවකයෙක් බව ද අනාවරණය වී ඇත. එම පාර්සලය රේගු පරීක්ෂාවෙන් පසු මුදා හැර පිටතට රැගෙන යෑමට සූදානම් වන අවස්ථාවේදී ඒ තුළ ඇත්තේ කුෂ් නමැති මත්ද්‍රව්‍ය බව අනාවරණය වීමත් සමඟ එම තැපැල් සේවකයා එම ස්ථානයෙන් පැන ගොස් ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගෙන සිටින තිදෙනාගෙන් එක් අයෙක් වන්නේ එම තැපැල් සේවකයාය.

කොළඹ 15, මෝදර ප්‍රදේශයේ ලිපිනයක් සඳහන් කරමින් අදාළ පාර්සලය අමෙරිකාවේ සිට මෙරටට එවා ඇති අතර එවන් ලිපිනයක් සොයා ගැනීමටත් නොමැති බව පසුව කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම පාර්සලය මුදා ගැනීමට පැමිණ තැපැල් සේවකයා අදාළ කාන්තාවගේ යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ ලියවිලි සහ හැඳුනුම්පත් පිටපත් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඒ හැම දෙයක්ම ව්‍යාජ ඒවා බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නිරතව සිට ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කුෂ් තොගයේ මෙරට ඇණවුම්කරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ව්‍යාපාරිකයා මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ ඇත්තේ කුෂ් මත්ද්‍රව්‍ය තොගය හසු වී ඇති බව නොදැන බවත් එම මත්ද්‍රව්‍ය තොගය මුදාගෙන රැගෙන යෑමට ඔහු තවත් තැපැල් සේවකයකු රැගෙන විත් සිටි බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මධ්‍යම තැපැල් හුවමාරුව ආසන්නයේ දී මෝටර් රථය නවතා ත්‍රිරෝද රථයට දමාගෙන ඇත්තේ ඔවුන් දෙදෙනාවය. විමර්ශනයේදී හෙළි වී ඇත්තේ කාලයක් තිස්සේම මෙසේ තැපෑල ඔස්සේ මෙම ව්‍යාපාරිකයා මත්ද්‍රව්‍ය ගෙන්වා ඇති බවය. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු වන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි. -දිනමිණ

SendShareShare
Previous Post

ඩයනා හැසිරිච්ච විදිහ රටම දැක්කා! රෝහණගේ කලිසම ගලවනවා කිව්වා! අපි එයාට ගහන්න ගියේ නෑ! දැන් කාන්තා හිංසනය අස්සේ හැංගෙන්න යනවා! එයා හැමදාම කළේ අනෙක් අයට නින්දා අපහාස කරන එක! ඩයනා මාධ්‍යයට කියපු කතාවලට සුජිත් සංජය උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

චීන සංචාරයේදී ජනාධිපතිට ලොකු දෙයක් චීනයෙන් ලොකු දෙයක් ලැබුණෙ නෑ! මහ සමුලුවේදී ඉතියෝපියානු නායකයාට කතාවක් ලැබුණත් ලංකාවේ ජනාධිපතිට ලැබුණෙ නෑ! විශේෂ ආරාධනාවකින් චීන සමුලුවට ගිය විමල් ලංකාවට ඇවිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.