• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෙඩවලින් ගොඩයන බෙහෙත් මාෆියාව! Sri Lanka Latest News

November 22, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
රට බංකොලොත්ලු! ඒ වුණත් පහුගිය අවුරුද්දේ හදිසි මිලදී ගැනීම් යටතේ විතරක් ඖෂධ ගේන්න බිලියන 30ක් වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්ෆ්ලුවෙන්සා ඒ පොසිටිව්. මේක වෛද්‍ය වාර්තාවක් මගින් මට කිව්වා. ඉන්ෆ්ලුවෙන්සා ඒ එකට අමතරව තවත් පොසිටිව් වෙන්න පුළුවන් ඉන්ෆ්ලුවෙන්සා අවස්ථා 3ක් ගැන මේ අවුරුද්දෙ මේ මාස කීපය ඇතුළේ අපිට දැනගන්න ලැබුණා.Sri Lanka Latest News

ඉන්ෆ්ලුවෙන්සා කියලා කියන්නෙ මොන විදියෙ රෝගයක්ද, ඒකෙන් ඇති වෙන්න පුළුවන් සංකූලතා මොනවාද කියන එක සම්බන්ධව නිසි දැනුමක් සාමාන්‍ය වැඩිහිටියන්ට, සාමාන්‍ය දෙමවුපියන්ට නෑ. නමුත්, දරුවන් ලෙඩවෙන, හෙම්බිරිස්සාව හැදෙන, කාලයක් තිස්සෙ කැස්ස රැඳිලා තියෙන මේ අසනීපය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව දැන් බොහෝ දෙනෙක් දන්නවා.

මේ ලිපිය ලියන්නෙ, ජීවන පහන් තිළිණ වන මම, මගේ පුද්ගලික අත්දැකීම එකතු කරගෙන. මේ විදිහට ලිපියක් ලියන්න හේතුව, මට අමතරව, මගේ පරම්පරාවෙ දෙමවුපියන්ට මේ ප්‍රශ්නය කොච්චර දරුණුවට දැනෙනවාද කියන එක ගැන දන්න නිසයි.

මට වාසනාවට, මගේ පවුලේ වෛද්‍යවරයෙක් හිටියා. ඔහු කිසිසේත්ම මේ රෝගයෙන් හම්බකරගන්න හදන කෙනෙක් නොවන නිසාත්, ඔහුට මගේ පවුලේ අයත් එක්ක තියෙන ළෙන්ගතුකම නිසාත්, ඉතාම ආදරයෙන් මගේ දරුවාට ප්‍රතිකාර කිරීම සිද්ධ වුණා. ඒ ප්‍රතිකාරය නිසාවෙන්, අපිට පුළුවන් වුණා විශාල මුදලක් ඉතුරු කරගෙන මේ රෝගයෙන් ඇයව නිදහස් කරගන්නට යම් තරමකට. නමුත්, ඉන්ෆ්ලුවෙන්සා පොසිටිව් වීමත් එක්ක ලංකාවේ විශාල වෛද්‍ය මාෆියාවක් නිර්මාණය වෙලා තියෙනවා කියන එක අපිට පැහැදිලියි.

විශේෂයෙන්ම මේ රෝගය සම්බන්ධව සිද්ධ කරන විවිධ පරීක්ෂණ සඳහා, සාමාන්‍යයෙන් පවුලක කෙනෙකුට වැයවෙන මුදල රුපියල් 40,000ත්, 60,000ත් අතර විය හැකි බවට යම් විදිහකට සැකකරන්න පුළුවන්. ඒකට හේතුව, අපි දන්නවා සාමාන්‍යයෙන් අද වෙද්දි විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙ ගාස්තුව රුපියල් 4,000කට ආසන්න මුදලක් බවට පත්වෙලා තියෙනවා. අපේ රටේ ඉන්න ළමා රෝග විශේෂඥයෝ වැඩි පිරිසකගේ ගාස්තුව රුපියල් 4,000ට ආසන්නයි.

ඔවුන් ගාවට බෙහෙත් ගන්න ගියාම, බොහෝ වෙලාවට ඔවුන් අතින් සිද්ධ වෙන දේ තමයි අදාළ දරුවාව විවිධ පරීක්ෂණ සඳහා යොමුකරන එක. උදාහරණයට, ලේ බැලීම, එක්ස්-රේ ගැනීම, විවිධ පරීක්ෂණ කිරීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන්, උණක් ගැනිලා දවස් 3කට වඩා තියෙනවා නම්, ඒ උණ සම්බන්ධව ලේ බලන එක සාමාන්‍ය දෙයක්. හැබැයි සාමාන්‍ය දෙයක් වෙන්න කලිනුත්, අසාමාන්‍ය විදිහටත් ලේ බලපු, ලේ බලන තැනින් කීයක් හරි හොයාගත්තු අය අපි අහලා තියෙනවා.

එතකොට ඉන් පස්සෙ, මේ සාමාන්‍ය රෝගී තත්ත්වයේ ඉන්න දරුවාව හෝ කෙනාව අරගෙන ගිහිල්ලා එක්ස්-රේ එකක් ගන්නවා. ඒකට හේතුව, ඔහුගේ හෝ ඇයගේ පපුවෙ සෙම තත්ත්වය කොහොමද කියලා බලන්න. අඩුම තරමෙ දොස්තර නළාවක්වත් නොතියන විශේෂඥ වෛද්‍යවරු, මේ දරුවන්ගෙ විවිධ පරීක්ෂණවලින් නිගමනය කරන්න උත්සාහ කරනවා දරුවා ඉන්න තත්ත්වය මොකක්ද කියලා. අපි දන්නවා අපේ ගම්වල ඉස්සර වෙද මහත්තුරු, අත අල්ලගෙන ඉඳලා නාඩි බලලා තමයි රෝගියාගේ තත්ත්වය පිළිබඳ නිගමනවලට ආවෙ. හැබැයි අද වෙද්දි එහෙම එකක් නෑ.

රෝගියාගෙ තත්ත්වය ගැන කිසිම නිගමනයකට එළඹෙන්න පුළුවන්කමක් වෛද්‍යවරුන්ට නැහැ. රෝහල සම්බන්ධව හෝ රෝහලේ කාර්ය මණ්ඩලය සම්බන්ධව අපි කෙනෙක් ඉලක්ක කරලා, කණ්ඩායමක් ඉලක්ක කරලා කියනවා නෙමෙයි. අපි මේ කතාකරන්නෙ සමස්තය ගැන. සමස්තය ඇතුළෙ තියෙන අකාරුණික තත්ත්වය ගැන. ඉතින් මේ වෛද්‍යවරුන්ගෙ විවිධ පරීක්ෂණවලින්, විවිධ කතන්දරවලින් පස්සෙ, අපිට සිද්ධ වෙනවා අදාළ දරුවට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාදෙන්න.

මේ වෙනකොටත්, වෛද්‍යවරයාව චැනල් කිරීමේ සිට, එක්ස්-රේ ගැනිලි, ඊළඟට ලේ බැලිලි ඇතුළු විවිධ කාරණාවලට රුපියල් 10,000කට වඩා වැය වෙලා අවසානයි. ඉන් පස්සෙ ඔහුට හෝ ඇයට, අපි දන්නවා, විවිධාකාර බෙහෙත් හේත් ෆාමසිවලින් ගන්න දෙනවා.

මේ අතර තියෙනවා රුපියල් 2,000 – 3,000 බෙහෙත්. හේතුව, දරුවෙක් වුණාම, දරුවා වෙනුවෙන් කරන්න බැරි දෙයක් දෙමවුපියන්ට නැති නිසා, දෙමවුපියෝ ඉඩකඩම් උකස් තියලා හරි, දරුවට ප්‍රතිකාර කරන්න යොමුවෙනවා. ඒක දන්න රජයේ සහ පෞද්ගලික අංශයේ විශේෂඥ වෛද්‍යවරු බොහෝ දෙනෙක් මේ වගේ අවස්ථාවලදී බොර දියේ මාළු බානවද කියලා හිතෙන බව ඇතැම් අය කියනවා.

ඉන් පස්සෙ තමයි හොඳම සෙල්ලම පටන් ගන්නෙ. ඒ, රෝගියා සඳහා, නැත්නම් දරුවා සඳහා විශේෂිත ප්‍රතිකාරයක් නියම කිරීම. ඒ ප්‍රතිකාරයෙ නම, මේ බෙහෙතෙ නම මම කියන්නෙ නෑ. ඒකට හේතුව, එහෙම කියන එක සදාචාරාත්මක නෑ කියලා හිතන නිසා සහ මේ බෙහෙත ගැන තවදුරටත් සමාජය දැනුවත් නොකළ යුතු නිසා.

ඉතාම සාමාන්‍ය හෙම්බිරිස්සා තත්ත්වයක් වැනි රෝගයකට, හැබෑවටම මේ තරම් මුදලක් වියදම් කරලා පෙත්තක්, කරලක් දෙන්න ඕනෙද? මේ කරල, ටික දවසකින් මුළු රටේම හොයාගන්න බැරි තැනට පත්වෙනවා. පිස්සුවෙන් වගේ මේ කරල දරුවන්ට දෙනවා. මේ කරල කියලා කියන්නෙ සෙම් රෝගය වැඩිවෙලා අවසාන මොහොතෙ, දෙන්න තියෙන බෙහෙත බව තමයි සාමාන්‍යයෙන් කියන්නෙ. හැබැයි දැන්, අවසාන මොහොතෙ දෙන්න තියෙන බෙහෙත කලින්ම දීලා ඉවරයි.

සාමාන්‍යයෙන්, මේ කරලක මිල රුපියල් දහසක් කියලා කිව්වා. හැබැයි, මේ වෙනකොට, ඒ දහසෙ කතාව ඉක්මවා ගිහිල්ලා, 2,000ක් බවට පත්වෙලා තියෙනවා. ඒ සම්බන්ධව කතාකරද්දි, අපි හොඳාකාරවම දන්නවා, මේ බෙහෙතේ මිල හිතුමතේට වැඩිකරන බව. 1,000යි කියන කරල, තව පැය දෙකකින් ගිහිල්ලා හරි 2,000යි කියලා කියනවා. ඒකට හේතුව, ඔවුන් දන්නවා හැම තැනම බෙහෙත නෑ. තියෙන්නෙ අපි ගාව විතරයි. ඒ නිසා 1,000ට දෙන්නෙ නැතුව අපි 2,000ට දෙමු කියලා.

දරුවන්ගෙ දෙයක්නෙ කලින් කිව්වා වගේ. මිනිස්සු ගෙදර පොදි ගහගෙන ඉන්න සියල්ල වියදම් කරලා, දරුවා සනීප කරගන්න උත්සාහ කරනවා. දරුවාව රෝහල් ගතකරන්න, දරුවට අවශ්‍ය කරන බෙහෙත දෙන්න, දරුවාව පෞද්ගලික අංශයේ රෝහලක වගේ නතර කරන්න ගොඩක් වෙලාවට දෙමවුපියෝ උත්සාහ කරනවා. තමන් කවදාවත් පෞද්ගලික රෝහලකට ගිහිල්ලා නැතත්, ඒ පෞද්ගලික රෝහලක නතර කරන්න හදන්නෙ දරුවගෙ පහසුව සඳහා. අන්න ඒ පහසුව වෙනුවෙන්, විශාල මිලක් නියම කරන්න, පැකේජ් එකක් හදන්නත් අද ගොඩාක් පෞද්ගලික අංශයෙ රෝහල් කටයුතු කරලා තියෙනවා.

ඇත්තටම මේ තත්ත්වය භයානක වෙන්නෙ, මේ කරල, මුළු රටේම හොයාගන්න බැරි තැනට අතුරුදහන් වෙද්දි. අපි දන්නෙ නෑ ඒ මොකද කියලා. හැබැයි, ඒ හා සමාන කරල් කීපයක් අපිට ගම්පහ සහ සීදූව ප්‍රදේශවලින් හොයාගන්න ලැබුණා. ගම්පහ රුපියල් 300 ගානක් වුණේ. සීදූවෙ රුපියල් 190කට 200කට ආසන්න මුදලක් කියලා තමයි දැනගන්න ලැබුණේ. එහෙම තැනුත් නැතුවා නෙමෙයි. නමුත්, මේ බෙහෙත් මාෆියාව ඇතුළේ, අද 1,000යි කියපු එක හෙට 2,000ට දෙන තැනට මේ රට පත්වෙලා ඉවරයි. බොහෝ දෙනෙක් හිතන්නෙ මේ බෙහෙත නොදුන්නොත් දරුවට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. ඒ නිසා, මෙවැනි තත්ත්වයකදි ප්‍රශ්න කරන්නවත්, සාකච්ඡා කරන්නවත්, ඒ ගැන විමසා බලන්නවත්, බොහෝ දෙනෙක් යන්නෙ නෑ. හේතුව, හැමදේටම වඩා වටින්නෙ තමන්ගෙ දරුවා නිසා. අන්න ඒ තර්කය අවබෝධ කරගත්ත මිනිස්සු තමයි මේ මාෆියාව ඇතුළේ හරිහම්බකරගන්න ලොකු ලොකු ගේම් ගහන්නෙ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජනතා නැගිටීම් හමුවේ ඉන්දියාව අගමැතිවරියන් දෙදෙනකු ආරක්ෂා කළ හැටි! Sri Lanka Latest News

Next Post

තිරිකෝණමලේ… අවනඩුව වෙලේ… මොනවාද බොලේ… උනේ කලබලේ…!Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.