• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතා නැගිටීම් හමුවේ ඉන්දියාව අගමැතිවරියන් දෙදෙනකු ආරක්ෂා කළ හැටි! Sri Lanka Latest News

November 22, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
Indian Foreign Secretary led delegation arrived in Sri Lanka this morning.

Sri Lanka and India flags together textile cloth, fabric texture

Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක පසුගියදා ඉන්දියාවේ අසල්වැසියන්ට හිතන්න ප්‍රකාශයක් කළේය. එනම්, දුර්වල රාජ්‍ය පාලනය නිසා ජනතා නැගිටීම් ඇතිවී බංග්ලාදේශයේ, නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩු මාරුවීම් සිදුවූ බවය. ඔහු කී ප්‍රකාශය ඇත්තය. මේ ජනතා නැගිටීම් ශ්‍රී ලංකාවේ, බංග්ලාදේශයේ, නේපාලයේ පමණක් නොව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිවද ඇතිවිය. ඒ නැගිටීම් සුළඟ ඉන්දියාවට පමණක් හැමුවේ නැත. එයට හේතුව ඉන්දියාවේ ආණ්ඩු පාලනයය. ඒ නැගිටීම් රැල්ල ඉන්දියාවට හැමුවේ නැති වුණත් රැල්ලට බයවූ රාජ්‍ය නායකයන් ඉන්දියාවෙන් දේශපාලන රැකවරණ ඉල්ලීමෙන් ඉන්දියාවත් අර්බුදයකට ලක්විය. ජනතා නැගිටීම් හමුවේ පළමුව දේශපාලන රැකවරණ ඉල්ලුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. Sri Lanka Latest News

පසුව ගෝඨාභය මාලදිවයිනට ආරක්ෂාව පතා ගිය විට ඔහු මාලදිවයිනට පැනයෑමේ සැලසුම ක්‍රියාත්මක කළේ ඉන්දීය මැදිහත්වීමෙන් යැයි විදේශ මාධ්‍ය වාර්තා කළ විට ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එය ප්‍රතික්ෂේප කළේය. එහෙත් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරෙහිව ජනතාව නැගී සිටි විට ඇය ඉන්දියාවේ ආරක්ෂාව පැතුවාය. ඉන්දියාව ඇයට ආරක්ෂාව දුන්නේ ඇය මෝදිගේ සමීප මිතුරියක් වූ නිසාය. ඇයට ආරක්ෂාව දීම නිසා ඉන්දියාව සහ බංග්ලාදේශයේ අන්තර් පාලන ආණ්ඩුව අතර අර්බුද ඇතිවුණත් ඉන්දියාව ඇයට රැකවරණය දුන්නේය. දැන් බංග්ලාදේශ අධිකරණය හිටපු අගමැතිනියට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා සඳහා මරණ දඬුවම නියම කර තිබේ. බංග්ලාදේශ ආණ්ඩුව බංග්ලාදේශය සහ ඉන්දියාව අතර අස්සන් කොට ඇති උදර්පන ගිවිසුම අනුව ඇයව බංග්ලාදේශයට භාරදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම නිසා ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා අර්බුදයකට ලක්ව තිබේ.

1980 දශකයේ ඉන්දිරා ගාන්ධි ආණ්ඩුවද ප්‍රභාකරන් ඇතුළු ලංකාවේ දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලට රැකවරණ දීමෙන් ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා පලුදු විය. ඉන්දිරා ගාන්ධි එලෙස රැකවරණ දුන්නේ ලංකාවේ ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමෙරිකානු ගැති විදේශ ප්‍රතිපත්තියටත් වඩා ලංකාවේ ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මහත්මිය සහ ඇයත් අතර තිබුණු පෞද්ගලික මිතුරුකම නිසාය. ජේ.ආර්.ගේ ආණ්ඩුව ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යද්දී ඉන්දිරා ගාන්ධි එසේ නොකරන ලෙස ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළාය. ජේ.ආර්. එය නොසලකා හැරීම නිසා ඇයගේ සිත රිදුණි. ඉන් පසු බණ්ඩාරනායක මහත්මිය ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමෙරිකානු ගැති ප්‍රතිපත්තිය ගැන කේළාම් කියා ඉන්දිරාව ඇවිස්සුවාය.

අසල්වැසි රාජ්‍ය ප්‍රතිපත්තිය පසුපසට දමා ඉන්දියාව අවස්ථා දෙකකදී ඉන්දියාවට හිතවත් දකුණු ආසියාවේ කාන්තා අගමැතිවරියන් දෙදෙනෙක් ආරක්ෂා කළේ එලෙසය.

SendShareShare
Previous Post

පළමු පාර දැම්මා.. පරාදයි..! දෙවැනි පාර දැම්මා.. ඒත් පරදායි..! මාලිමාවට පදියතලාව අයවැය දිනාගන්නම බෑ වගේ..!  I Sri Lanka Latest News

Next Post

ලෙඩවලින් ගොඩයන බෙහෙත් මාෆියාව! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.