• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාවෙලා යන වාහන හීනේ – ඉටුවෙන එක නෑ පේන මානේ! Sri Lanka Latest News

January 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පාවෙලා යන වාහන හීනේ – ඉටුවෙන එක නෑ පේන මානේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ මිනිස්සුන්ට හීන තියෙන්නේ හරි පොඩි ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් නිවාඩු දවසට ගෙදරට වෙලා දවල්ට නිදාගන්න එක විතරක් හීනයක් කරගත්ත මිනිස්සු ටිකක් තමයි ලංකාවේ ඉන්නේ. විවේක දවසක් ලැබුණොත් රෙදි ටික හෝදලා වේළගන්න එක හීනයක් කරගත්ත මිනිස්සු ලංකාවේ ඉන්නේ. සාමාන්‍යයෙන් ලෝකේ අනෙක් රටවල මිනිස්සුන්ට තියෙනවට වඩා අපේ රටේ මිනිස්සුන්ට තියෙන වැඩ ප්‍රමාණය වැඩි වුණාට, හීන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒකට හේතුව තමයි ලංකාවේ මිනිස්සු හීන දකින්න බයයි. ලංකාවේ මිනිස්සුන්ට හීන දකින්න ඉඩ දීලා නෑ. නිතරම අපේ රටේ ඉන්න පාලකයෝ, දේශපාලකයෝ ඉතිරි වෙලා තියෙන හීන ටික තමන්ගේ කරගෙන, ඒගොල්ලන්ගේ හීන ඒගොල්ලෝ දැක්කට ඒ හීන අපෙන් දුරට අරගෙන ගිහිල්ලා අවුරුදු ගානක් තිස්සේ අපිව පාලනය කරපු මිනිස්සු කළේ පවුල් කීපයකට අවශ්‍ය වරප්‍රසාද සියල්ල හිමිකරගනිමින් මිලියන ගණනකට හීන අහිමි කරපු එක. කියවන ඔබත්, ලියන මමත් ඒ හීන අහිමි පරම්පරාවේ අයිතිකාරයෝ. දැන් අපි උත්සාහ කරන්නේ කාලා ඇඳලා ජීවත් වෙන්න. පහුගිය කාලේ අපි ඒකට හුරු වුණා. බත් ටික උයන්න පොල් ගෙඩියක් හොයාගන්න එක හීනයක් වෙච්ච තැනට අපි පත්වුණා. ගෑස් සිලින්ඩරයක් හොයාගන්න එක හීනයක් වෙච්ච තැනට අපි පත්වුණා. තෙල් ටිකක් හොයාගන්න එක හීනයක් වෙච්ච තැනට අපි පත්වුණා. Sri Lanka Latest News

ලෝකෙ අනෙක් රටවල ජීවත් වෙන අයට නොමිලේ ලැබෙන, ඉතාම සරල පහසුකම් ටිකක් පවා හොයාගෙන ගිහිල්ලා අමාරුවෙන් අයිති කරගන්න තැනට පත්වෙච්ච රටක මිනිස්සුන්ට එතැනින් එහාට හීන කියලා ජාතියක් ගැන හිතන්නවත් වෙලාවක් නෑ. ඒ නිසා මේ ලිපිය ඇතුළේ පාවිච්චි කරන මේ වචනයට මෙලෝ රහක් නෑ කියලා අපි දන්නවා. ඒත්, අපි හොරෙන් දැක්ක ඉටු නොවෙන බව දැන දැන දැක්ක හීනයක් තමයි වාහන හීනය කියලා කියන්නේ.

තරුණයෙක් තරුණියක් වැඩිමහලු වයසට පත්වෙනකොට අපි පුංචි කාලේ හදාගෙන තියෙනවා පොඩි රාමුවක්. ගෙයක් හදාගෙන, රස්සාවක් හොයාගෙන, වාහනයක් අරගෙන, සාමාන්‍ය සරල ජීවිතයක් ගතකරන මිනිස්සු සාමාන්‍යයෙන් සම්පූර්ණයි. වාහන තුන හතරක් තියෙන, දේපළ තියෙන, මිල මුදල් තියෙන, ලොකු වතුපිටි තියෙන මිනිස්සු කියලා කියන්නේ ඊළඟ අවස්ථාව. සරලව ගත්තම ශ්‍රී ලංකාවේ මනුස්සයකුට වාහනයක් තියෙනවා කියලා කියන්නේ ඔහුගේ ජීවිතය යම් තරමකට සම්පූර්ණයි. ඒ නිසා තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ මනුස්සයෙක් වාහනයක් ගත්තාම ඔහුට සුබ පතන්න. ලෝකෙ අනිත් රටවල වගේ නෙවෙයි අපේ රටේ මනුස්සයෙක් වාහනයක් ගත්තම ඒක ෆේස්බුක් එකේ දානවා. අපි ඒ වාහනය ගත්ත මනුස්සයට කතාකරලා සුබ පතනවා. ඒකට හේතුව වාහනයක් ගන්න එක ලංකාවේ හරිම අමාරු දෙයක්. ඒ තරුණ තරුණියන්ගේ හීනේ ලංකාවේ දේශපාලකයෝ කාලයක් තිස්සේ ඉතාම හොඳින් පාවිච්චි කරන්න පටන් අරගත්තා. ඒගොල්ලෝ දැනගෙන හිටියා වාහනයක් ගන්න උඹට අපි අවස්ථාවක් දෙනවා කිව්ව ගමන් මිනිස්සු පිස්සුවෙන් වගේ ඡන්දේ දෙනවා කියලා.

ලෝකෙ අනෙක් රටවල වාහනයක් ගන්න එක හරිම පොඩි දෙයක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ වගේම මිනිහෙක්ට වාහනයක් තිබුණත් ඔවුන් වැඩිපුර සාමාන්‍ය ගමන් බිමන් යන්නේ මෙට්‍රෝ එකේ. එහෙම නැත්නම් කෝච්චියේ. එහෙම නැත්නම් බස් එකේ. සරලව ගත්තොත් පොදු ප්‍රවාහන සේවයේ. පොදු ප්‍රවාහන සේවයේ තඹේකට වැඩක් නැති, රෑ වෙනකොට පළවෙනි අඳුරු රැල්ලත් එක්ක බස් අතුරුදන් වෙන, සත පහකට විශ්වාස කරන්න බැරි බස් සේවයක් තියෙන, පාරෙ තොටේ මිනිස්සු මරලා දාන ත්‍රස්තවාදී බස් කල්ලි ඉන්න රටක වාහන ගන්න එකත් දැන් පුදුමාකාර ආතල් එකක් වෙලා. අපිට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක වෙලාවක අපිට දැන්වීමක් පෙන්නනවා. පොඩි කාර් එකක් ගන්න ඕනේ කෙනකුට පුළුවන් වෙන ආර්ථිකයක් රටේ හදනවා කියපු එක. එතැනින් පස්සේ විශ්වාස කරන්න ඒ ටීවී එකේ ඇඩ් එක බලලා වාහනයක් ගන්න හිතාගෙන හිටපු එවුන්ට තාමත් ඒක ගන්න බැරිවෙලා තියෙනවා. කාලයක් තිස්සේ විවිධ හැලහැප්පිලිවලට පත්වෙලා වාහනය අපෙන් ඈතට ගියා. අපිට මතකයි පාර්ලිමේන්තුවේ හිටපු බොහොම වයෝවෘද්ධ දේශපාලකයෙක්, දැන් ඔහු පාර්ලිමේන්තුවේ නෑ. ඔහු කියලා තිබුණා හැමෝටම කාර් ගන්න බෑ, කාර් එකක් ගන්න නම් මිනිහෙක්ට ඒ සඳහා අවශ්‍ය කරන වටිනාකමක් තියෙන්න ඕනේ කියලා. නැත්නම් හැම එකාම වාහන ගත්තොත් එහෙම මේ වැඩේ වටින්නේ නැතුව යනවා. දැන් එහෙම වෙලා වාහන මිල වැඩිවෙලා, අපිට කිට්ටු වෙන්න බැරි තරමට වාහන මිල ඉහළ ගිහිල්ලා, වාහන අපෙන් ඈතට යන්න පටන් අරගත්තා.

ඒ අතරතුරේ මේ ආර්ථික අර්බුදයත් එක්ක අපිට කොහොමටවත් වාහන ගන්න බැරි තරමට පත්වුණා සහ වාහන මිල අසීමාන්තිකව ඉහළ ගියා. සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝකේ අනෙක් රටවල වාහන මිලට වඩා අපේ රටේ වාහන මිල ඉතාම වැඩියි. ඒකට හේතුව තමයි ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකමම නෙවෙයි, ශ්‍රී ලංකාවේ වාහන මිල බවට පත්වෙන්නේ. වාහනයක් රටට ඇතුළු වෙන තැනදී විශාල බද්දක් ඒ වාහනවලට එකතු වෙනවා. සමහර වාහනයකට 600%ක්, 500%ක් වගේ විශාල ප්‍රමාණයකින් මේ මිල වැඩිවෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිල තුන්ගුණයක්, හතරගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒ නිසා අපිට වාහනයක් ගන්න එක බොහොම අමාරු වෙලා තියෙනවා. ඒකට හේතුව රටේ පරිභෝජනය සඳහා තියෙන සාමාන්‍ය දේවලට වඩා වාහනයක මිල ගොඩක් වැඩියි. මේ සියල්ලත් එක්කම අපි දැක්කා පොඩිම කාර් එකක්, ඇල්ටෝ, මරුටි වගේ කාර් එකක් පවා ලක්ෂ 15කින් 20කින් ඉහළ ගියා. ත්‍රිරෝද රථයක මිල ලක්ෂ 10 පැන්නා. විවිධ මාදිලිවල යතුරුපැදි පවා ලක්ෂ ගණන්වලින් තමයි තමන්ගේ මිල සඳහන් කරගෙන තිබුණේ. ඒ කියන්නේ ලක්ෂ 10 පැනපු ලක්ෂ 10න් එහා ගියපු වටිනාකම් සහිත යතුරුපැදි ලංකාවේ දැන් තියෙනවා. මේ තත්ත්වයත් එක්ක ලංකාවේ වාහන මිල ඉහළ යනකොට ඇල්ටෝ එකක මිල ලක්ෂ 30 පනිනකොට සාමාන්‍යයෙන් හොඳ වාහනයක මිල ලක්ෂ 50, 60, 70 වෙනකොට සමහර වාහන කෝටිය ඉක්මවා යනකොට ලංකාවට වාහන ගෙන්වන එක සීමා කරන්න අයි.එම්.එෆ්. එක මැදිහත් වුණා. අයි.එම්.එෆ්. එක ඒ වෙලාවේ යම් යම් නීති රීති පනවන්න පටන්ගත්තා. ඒවායේ එක කොනක් තිබුණේ ලංකාවට වාහන ගෙන්වන එක නතර කරන තැනක.

වාහන ලංකාවට ගෙන්වන එක ඇත්තටම නතර වුණා. අදටත් මෝටර් රථයක් සාමාන්‍ය වෑන් එකක් ලංකාවට ගෙන්වන්න බෑ. විශේෂයෙන් ලබාදුන්නු යම් නිදහසක් තමයි මේ දිනවල පවා තියෙන්නේ. දැන් ලංකාවට වාහන ගෙන්වනවා කියලා ඇතැම් තැන්වල අපි දැක්කා විවිධ දැන්වීම් පළවෙමින් තිබුණා. මේ දැන්වීම් එක්කම යම් මානසික නිදහසක් දැනෙන්න ගත්තා. මොකද හේතුව, අපි සල්ලි තිබුණත් වාහනයක් ගන්න බැරි තැනට පත්වෙච්ච රටක් නිසා. ඔය අතරතුරේ තමයි සුබ ආරංචියක් එන්නේ. ඒ, වාහන ආනයනය සඳහා තියෙන බදු මුදල් ඉහළ යන බව. සමහර එකක මිල 600%කින්, 400%කින්, 500%කින් විතර වැඩිවෙලා තියෙන බව තමයි මේ දේවල් දකින අහන අපිට දකින්න ලැබෙන්නේ. මේක ගණන් හිලව් දාලා, ඇල්ටෝ එකක මිල කීයකින් වැඩි වෙයිද, සාමාන්‍යයෙන් විට්ස් වර්ගයේ වාහනයක් කීයකින් වැඩිවෙයිද වගේ කියලා පැහැදිලි කිරීම් කරන්න දෙයක් නෑ. මොකද එහෙම කළා කියලා අපිට විශ්වාසයි ඔබට ඒ ගණන් තේරෙන්නෙත් නෑ. සරල කරලා කිව්වොත් මේ ආණ්ඩුව පත්වෙනකොට අපි හිතාගෙන හිටියනේ ලංකාවේ හැමෝටම කාර් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. නෑ.

මේගොල්ලොත් අපිට දීලා තියෙන්නේ පරණ ලණුවම තමයි. මේගොල්ලෝ වාහන මිලට කරපු දේ තමයි සාමාන්‍යයෙන් වාහන මිල අපේ රටේ තිබුණේ වටිනාකම වගේ හතර ගුණයකින් වැඩිවෙලා. මේගොල්ලෝ ඒක පස්ගුණයකින් වැඩි කළා. ඒක තමයි කළේ. දැන් අපිට වාහනයක් ගන්න එක හිතන්න පුළුවන්කම තිබුණා නම්, හිතන්නවත් බැරි තැනට පත්වෙලා ඉවරයි. සාමාන්‍යයෙන් ලක්ෂ 50ක 60ක වාහනයක්, 70ක් දක්වා, කෝටියක විතර වාහනයක්, කෝටියයි ලක්ෂ 20ක් විතර දක්වා, කෝටි 5ක විතර වාහනයක්, කෝටි 6ක් විතර දක්වා ඉහළ යන්නට දැන් නියමිතයි. ඒ නිසා ලංකාවට අලුතෙන් වාහන ගෙන්නුවත් ඒවා ගන්න නම් සාමාන්‍ය මිනිස්සුන්ට ඉඩ ලැබෙන්නේ නෑ.
මේගොල්ලොත් අපේ තරුණ තරුණියන්ගේ හීනය බොඳ කළා. දැන් අපිට වාහනයක් කියන්නේ හීනයක්. කිසිදා ළඟාවිය නොහැකි තරමේ දුර තියෙන හීනයක්. යම් පැලැන්තියකට වාහන පදින්න පුළුවන් තැනට අපේ රට පත්වෙනවා. ඒ පරිසරය තමයි මේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනි, දැන් අපිට දෙපාරක් තුන්පාරක් නෙවෙයි හය හත් වතාවක් හිතන්න සිද්ධ වෙලා තියෙනවා කවුද අපේ හීනවලට මෙහෙම කළේ කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලසන්තගේ ඝාතකයා හොයනවා! යටගහපු තවත් 11කුත් හොයනවා! I Sri Lanka Latest News

Next Post

ඇල්ල කෝච්චි ටිකට් තත්පර 42න් අතුරුදන් කරපු මහමොළකරු මාකුඹුර ස්ටේෂන් එකේ නිලධාරියෙක්! ඥාතියෙකුගේ නමින් කොම්පැනියක් පටන් අරන් ටිකට් ඔක්කොම බුක්කරගෙන! 1200 ටිකට් එක සුදදන්ට විකුණලා තියෙන්නේ 16000ට! I Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද වන විට බලතල ත්‍රිත්වයක් මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරන්නටත් අධිකරණ...

Read more
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.