වකුගඩු රෝගීන් සඳහා භාවිත කරන AVF needle උපකරණය රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේද අවම මට්ටමක පවතින බැවින් වකුගඩු කාන්දු පෙරණය සඳහා දෛනිකව බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් රැසකගේ ජීවිත දැඩි අනතුරට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.Sri Lanka Latest News
මෙරට වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ එන්නත් සහ එන්නත් කටු නොමැති තත්ත්වය දැනට මාස කිහිපයක සිට රෝහල් පද්ධතිය තුළ උග්‍ර අතට පත්වෙමින් පවතී.
කල් ඇතුව පුරෝකථන කොට වැඩි සමාගම් ප්‍රමාණයකට ඇණවුම් ඉදිරිපත් කිරීමට හැකිවන අන්දමට වෛද්‍ය සැපයුම් ක්‍රියාවලිය කාර්යක්ෂම කරගැනීමට මේ දක්වා අසමත් වීම නිසා දිවයිනේ රෝහල් රැසක විවිධ ඖෂධ, ශල්‍ය ගෝස්, පුළුන් සහ රසායනාගාර පරීක්ෂණ ඇතුළු සේවා රැසක හිඟයක් නිර්මාණය වී තිබේ.
වකුගඩු රෝගීන්ගේ ගැටලුව උග්‍රවීම නිසා එම රෝගීන්ට ඉතා විශාල මුදලක් අමතරව දැරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
රාජ්‍යයන් අතර සාකච්ඡා මගින් හෝ මේ තත්ත්වයන් කඩිනමින් විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උනන්දු වියයුතු බවද ඔහු පවසයි.










