ඩොලර් පහේ දියර පොහොර බෝතලයට දෙගුණයක් ගෙවා ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසියේ සහ අල්ලස් හෝ දූෂණ කොමිසමේ පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.Sri Lanka Latest News
අදාල සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය රහස් පොලිසියට මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරුණු වාර්තා කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමරිකා ඩොලර් පහට ආනයනය කළ හැකිව තිබූ දියර පොහොර බෝතලයක් සඳහා අවස්ථා දෙකකදී ඇමරිකා ඩොලර් 12.5ක් හා ඩොලර් 10ක් බැගින් ගෙවා ඉන්දියා සමාගමකින් ආනයනය කර රජයට රුපියල් කෝටි හැත්තෑ එකකට වැඩි පාඩුවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අදාළ සිද්ධිය තමා අමාත්‍ය ධුරය දරන සමයේ සිදුවූ දෙයක් නොවන බවද අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් පැවසීය.