• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාල්කාන්ත කියනවා බලය ගත්තාම අනිවාර්යයෙන්ම රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනවා කියලා! තව කෙනෙක් කියනවා එල්ලා මරනවා කියලා! සුජීව අද මාධ්‍ය හමුවට ඇවිත් හඬපටයක් ක්‍රියාත්මක කරයි! ජවිපෙ මෙහෙමද ආණ්ඩු කරන්න හදන්නේ? ජවිපෙ කොහොමද ඩොලර් බිලියන 90ක ණයක් ගෙවන්නේ? හදපු ෆයිල් ගෙදර අරන් ගිහින් කොහොමද හොරු අල්ලන්නේ? සජිත්ගෙයි අනුරගෙයි වෙනස මොකද්ද? VIDEO I Sri Lanka Latest News

January 18, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුර කුමාර කියනවා එයා ආපුවාම හොරු අල්ලනවා කියලා! එයා අපේ ආණ්ඩුව කාලෙ දූෂණ කමිටුවේ සභාපති! අල්ලපු එක හොරෙක් කියන්නකෝ..! මොන රෙද්දකටද හොරු අල්ලන්න බැරි නම් සභාපතිකම ගත්තේ! එයාට වැඩ බෑ! සුජීව අමු සිංදුවල භාෂාවෙන්ම අනුරට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතාව ජීවත්වන අසීරුතාවය භාවිතා කර ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු සිදුකරන බවත් ඒ පිළිබඳව රටේ ජනතාව බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතු බවත් මෙවරත් වැරදි පුද්ගලයකුගේ පාලනයට රට ගියොත් නැවත ගොඩ ගැනීමට නොහැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (17) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මේ බව සඳහන් කළේය.

සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ , රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට ආර්ථික අගාධයෙන් ගොඩගැනීමේ ශක්තිට තිබෙන බවත් නමුත් ඒ සඳහා ඔහුට උවමනාවක් නැති බවත් ඔහු කල්පනා කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා පරාජය කර බලය ගන්නා අකාරය පමණක් බවත්ය.

සජිත් ප්‍රේමදාස මහතාට හොද දේශපාලන පරිනතභාවයක් තිබෙන බවත් ඔහුට වැරදි ඉතිහාසයක් නොමැති බවත් හුස්ම , සක්වල සහ සුබසාධන වැඩසටහන් සිදුකරන්න ව්‍යාපාරිකයන් ඔහුට මුදල් ලබාදෙන්නේ ඒ නිසා බවත් සුජීව සේනසිංහ මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 90 ක්. ඩොලර් බිලියන 90 ක් වැනි ණය ප්‍රමාණයක් ගෙවන්න තිබෙන රටක ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන පක්ෂයක් කොහොමද ඒ ණය ප්‍රමාණය ගෙවන්නේ .ඒ නිසා ජනතාවට වගේම අපිත් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාදාමය පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ බලය ගත්තොත් රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනවා කියලා ලාල්කාන්ත කියනවා. ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණෙන්නේ නැතිව සිදුකළ කෲර පාලනය බලයට පැමිණ කරනවා කියන පණිවිඩය තමයි ඒ ලාල්කාන්ද ප්‍රකාශ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ යළියත් රට තුළ භිෂයක් ඇති කරන්නද උත්සහ කරන්නේ කියන ගැටලුව අපට මතුවෙනවා. රටේ ඉන්න ව්‍යාපාරිකයෝ , රාජ්‍ය සේවකයෝ එල්ලලා මරලද ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු කරන්න හදන්නේ. ඒ පිළිබඳව රටේ ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු කාලය එළඹිලා තිබෙනවා.

රට අගාධයට ඇඳ දැමීමට කටයුතු කළ රාජ්‍ය සේවකයන් හෝ අනෙත් අංශවල නිලධාරින්ට දඩුවම් දෙන්න අපට බෑ. ඒ සඳහා රටේ අධිකරණ පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ හරහා ඔවුන්ට දඩුවම් ලබාදීම සිදුකළ යුතුයි. ගෝත්‍රික තීන්දු තිරණවලින් රටක් පාලනය කරන්න බෑ.

අනුර කුමාර දිසානායක දූෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස අවුරුදු 4 ක් සිටියා. ඔහු සිදුකළේ නිලධාරින් පත් කරලා ෆයිල් ටිකක් හදාගෙන ඒ ෆයිල් ටික අරගෙන ගෙදර ගියපු එක. ඒ වෙලාවේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ නෑ.

රට ආර්ථික වශයෙන් ගොඩගන්නේ කොහොමද , රටේ තිබෙන දේශිය ණය විදේශීය ණය ගෙවන්නේ කොහොමද
සමගි ජනබලවේගයට උත්තර තිබෙනවා. ඒ උත්තර හොයා ගත්තේ හොද අධ්‍යනයන් සිදුකරලා. රට ගොඩගැනීමේ අවශ්‍යතාවය තිබෙන පිරිසකට බලය දුන්නොත් විතරයි රට වැටිලා තිබෙන අගාධයෙන් ගොඩගන්න පුලුවන් වෙන්නේ. ඒ ශක්තිය සහ අවශ්‍යතාවය සමගි ජනබලවේගය සතුව තිබෙනවා.
නමුත් ජනතා විමුක්ති පෙරමුණට රටේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව , රට පාලනය කිරිම පිළිබඳව , වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම පිළිබඳව , කිසිඳු අවබෝධයක් නෑ.

ජනතාව ජීවත්වන අසීරුතාවය භාවිතා කරලා ජනතා විමුක්ති පෙරමුණ සිදුකරන ප්‍රචාරයට ජනතාවට අහුවෙන්න එපා කියලා අපි කියනවා. රැල්ලට ගිහින් වැල්ලේ අතරමං වෙන්න එපා. වැරදි පුද්ගලයෙක් අතට මේ පාර රට ගියොත් රටට නැවත ගොඩ ඒමක් නෑ. මේ ඇවිත් තියෙන්නේ අන්තිම අවස්ථාව.

එක් අයෙකුගෙන් ඩොලර් 500 ක් එකතු කරගත්තාම රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා කියලා අනුර කුමාර දිසානායක කියනවා. එහෙම ආණ්ඩුවක් රටක් කරන්න බෑ. අනුර කුමාර දිසානායක වේදිකාවල කතා කරනකොට ඒ කතාව අහන්න පිරිසක් යනවා. ඒ කතා ලස්සනයි. එහෙම කතා කළාට රටේ ප්‍රශ්න විසඳන්න බෑ.

ඩොලර් බිලියන 90 ක ණයක් ගෙවනවා කියන දේ ලේසි නෑ. නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කරලා ගණුදෙනුව බේරා ගැනීමේ හැකියාව තිබෙනවා. රනිල් වික්‍රමසිංහටත් රට ආර්ථික අගාධයෙන් ගොඩගන්න පුලුවන් නමුත් ඔහුට උවමනාවක් නෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ රටවල් 25 කට විතර ගිහින් තිබෙනවා. සජිත් ප්‍රේමදාසව පරාජය කරලා බලය ගන්නේ කොහොමද කියලා තමයි රනිල් වික්‍රමසිංහගේ ඔලුවේ වැඩ කරන්නේ.

සජිත් ප්‍රේමදාසට හොද දේශපාලන පරිනතභාවයක් තිබෙනවා. සජිත් ප්‍රේමදාසට වැරදි ඉතිහාසයක් නෑ. හුස්ම සහ සක්වල වැඩසටහන් කරන්න වෙනත් සුබසාධන කටයුතු කරන්න සජිත් ප්‍රේමදාසට සල්ලි දෙන්නේ ව්‍යාපාරිකයන්. ව්‍යාපාරිකයන් ඔහුව විශ්වාස කරනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙලා විදෙස් රටවලින් ආධාර ඉල්ලුවොත් ඔවුන් අනිවාර්යෙන්ම උදව් කරනවා. රටේ නායකයා සුපිරිසුදු නායකයෙක් නම් විදෙස් රටවල් උදව් කරනවා.‘‘

SendShareShare
Previous Post

යුක්තියට මාසයයි! පොලිස් ඇමැති ටිරාන් ප්‍රතිපලත් අරන් මල්වතු-අස්ගිරි මහනාහිමිවරු-අනුනාහිමිවරු හමුවෙන්න මහනුවර යයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

දියර පොහොර වංචාව සිදුවුණේ මගේ කාලේ ‌නෙමෙයි! අමරවීර රටට කියන්නකෝ ඔය වංචාව කරපු කෘෂිකර්ම ඇමැතියා කව්ද කියලා! I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.