• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

4ක් නැතිවුණා! තවත් 4කට බරපතළයි! 34කට තුවාලයි! ‘ගොඩක් අයගේ කකුල් කැඩිලා! බස් එකේ හිටිය අයගේ කකුල් හිරවෙලා! එක්කෙනෙක්ගේ කකුල් දෙකම නෑ! ඒ අක්කා දන්නේ නෑ එයාගේ කකුල් නෑ කියලා! කිසිම වාහනයක් නැවැත්තුවේ නෑ! ඇම්බියුලන්ස් එක ආවේ පැය භාගෙකට පස්සේ! තෝරයාය බස් අනතුරේ අලුත්ම කතාව! I Sri Lanka Latest News

February 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී අද (10) අලුයම සිදුවූ මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවේ.Sri Lanka Latest News

අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගිය අතර, තුවාල ලැබූ 34 දෙනෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

අද අලුයම 5.10ට පමණ මාරක රිය අනතුරක් සිදුව තිබුණේ කුරුණෑගල නගරයට කිලෝමීටර 6ක් පමණ එපිටින් පිහිටි දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදීය.

මාර්ග අංක 48 යටතේ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා තෝරයාය ප්‍රදේශයේදී නවතා තිබීයදී ඊට පිටුපසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක් එහි ගැටී ඇත.

එම බස් රථය මාදුරුඔය සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුවූ බව පොලීසිය පැවසුවේය.

මගීන් නංවා ගනිමින් තිබූ බස් රථය, අනෙක් බස් රථයේ ගැටීමේදී ඒ අසල ගෙවත්තකට ඇදී ගොස් එහි ගසක වැදී ඇත. 

අනතුරට ලක්වූ බස් රථයේ සිටි මගීන් මෙලෙස අදහස් දැක්වීය.

“අපි නිදාගෙන හිටියේ. ලොකු සද්දයක් ඇහුණා. අපි එළියට ඇවිත් බලද්දි ගොඩක් තුවාල වුණ අය හිටියා. පොඩි ළමයි එහෙමත් හිටියා.”

“ගොඩක් අයගේ කකුල් කැඩිලා තිබුණා. බස් එකට නගින්න හිටිය කෙනාගේ කකුල් කැඩිලා. බස් එකේ හිරවෙලා හිටිය අයගේ කකුල් හිරවෙලා. දොරේ හිටිය කෙනා යටවෙලා හිටියේ.”

“එක්කෙනෙක්ගේ කකුල් දෙකම නෑ. ඒ අක්කා දන්නේ නෑ එයාගේ කකුල් නෑ කියලා. ප්‍රයිවට් බස් නම් ඇත්තටම අනතුරුදායකයි.”

“ගිලන්රථය එන්න පැය භාගයකට වැඩිය ගියා. හිතට දුක කියන්නේ කිසිම වාහනයක් නැවැත්තුවේ නෑ. අන්තිමට පොල්ලක් අරන් බය කරලා වාහන නැවැත්තුවේ. ලොරියක් නවත්තලා ලෙඩ්ඩු දාලා ඇරියේ.”

කඩිනමින් ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් වහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

අනතුරින් මියගිය අය අතර කාන්තාවක් සහ පුරුෂයින් තිදෙනෙකු සිටී.

පිටුපසින් පැමිණි බස් රථයේ අධික වේගය අනතුරට හේතුව  වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දොරටියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

SendShareShare
Previous Post

බලු වැඩක් සහ අලි ලෙඩක්! බල්ලා කැලේ ගියාද? බල්ලො කැලේ ගියාද? කැලේ බල්ලට ගියාද? Sri Lanka Latest News

Next Post

මහින්දත් තුනෙන් දෙක හදාගත්තා ගෙදර ගියා! ගෝඨාත් තුනෙන් දෙක හදාගත්තා ගෙදර ගියා..! මාලිමාවට වෙන්නෙත් ඒකමයි! මේ උද්දච්ඡකම තමයි විනාසයේ මුල! කතානායකටත් උඩින් ඉන්න ආණ්ඩුවේ තෝල්කයා කව්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.