• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආවා! ආවා! ආවා! උගන්ඩා කුමාරිගෙ අලුත්ම එක ආවා! Sri Lanka Latest News

December 30, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය සැලකෙන්නේ දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන තැනැත්තියක ලෙසය. මහ මැතිවරණ සමයේදී ඇය සඳහන් කළ ‘උගන්ඩාවේ ඩොලර් තියෙනවා, ඒවා ලංකාවට ගේන්න ඕනේ නැද්ද?’ යන ප්‍රකාශය ඇතුළත් වීඩියෝව අදටත් සමාජ මාධ්‍යවල විශාල වශයෙන් හුවමාරු වෙමින් තිබේ. මේ අතර, ඇය පසුගියදා තවත් එවැනි ප්‍රකාශයක් පසුගිය සතියේ සිදුකරමින් දේශපාලනඥයන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන සඳහන් කළාය. පහත පළවන්නේ නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිදුකළ එම කතාවය. (Sri Lanka Latest News)

‘දේශපාලනය අද සංස්කෘතිකමය වශයෙන් යම් තැනකට එන්නත් මේ අධ්‍යාපනය විශාල හේතුවක් බවට පත්වෙලා තියෙනවා. අපි වෙනදට දේශපාලන නායකයන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඔබ හොරකම් කීයක් කරලා තියෙනවද? ඔබට විරුද්ධව තියෙන චෝදනා මොනවද? ඔබ කොච්චර ගසාකෑම් කරලා තියෙනවද? ඔබ මේ ව්‍යාපෘතියෙන් කොච්චර හොරකම් කළාද? කියලා තමයි අපි දේශපාලන නියෝජිතයන්ව අඩුවැඩි වශයෙන් හඳුනාගැනීමක් සහ නම්කිරීමක් කරන්නේ. හැබැයි මේ සංස්කෘතිය දැන් ඉතා දියුණු උසස් තැනකට ඇවිල්ලා තියෙනවා. දේශපාලන නායකත්වයන් දැන් ප්‍රශ්න කරන්නේ ඔබට රට කරන්න තියෙන සුදුසුකම මොකක්ද? ඔබ ලබාගත්ත අධ්‍යාපන සුදුසුකම මොකක්ද කියන තැනකට මේ රටේ දේශපාලන සංස්කෘතිය පරිවර්තනය වෙලා තියෙනවා.

අපි දන්නවා අධිකරණයකදී විභාග වෙන නඩු කටයුත්තකදී විශේෂඥ සාක්ෂියක් විමසනකොට ඒ විශේෂඥ නිලධාරියා අධිකරණයේ සාක්ෂි කූඩුවට නැගලා සාක්ෂි දෙන්න එනකොට අපි මූලික ප්‍රශ්නවලදී අහනවා ඔබේ පළපුරුද්ද වසරවලින් කොච්චරද කියලා. ඔබ මේ වගේ සිදුවීම් කොපමණකට සාක්ෂි දීලා තියෙනවද, ඔබේ වෘත්තීය සුදුසුකම්, අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. ඒවා විමසලා තමයි විභාග වන නඩු කටයුත්තට අදාළව ඒ විශේෂඥ මතය මොකක්ද කියලා ප්‍රශ්න කරන්නේ. ඒ ගරු අධිකරණයේ. ඔය සංස්කෘතිය දැන් රටේ නීති හදන තැනට ආපු එක ගැන, ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයට, පාර්ලිමේන්තුවට ආපු එක ගැන අපි සතුටු වෙන්න ඕනේ නැද්ද? අපි සතුටු වෙන්න ඕනේ.

හොරකමට, දූෂණයට, වංචාවට, නාස්තියට, අකාර්යක්ෂමතාවට වැටිච්ච රටක්, එහෙම ඇදවට්ටපු රටක් දැන් වංචාවෙන් තොරව, දූෂණයෙන් තොරව, හොරකමෙන් තොරව අපි බලාපොරොත්තු වෙච්ච ඒ සාධාරණ රට, ඒ ලස්සන රට අපි බලාපොරොත්තු වෙච්ච නීතියේ පාලනය, ආධිපත්‍යය සහිත සැමට සමානව සලකන රට බවට පත්කරන්න මේ රටේ ප්‍රතිපත්ති සැලසුම් කරන තීන්දු තීරණ ගන්න ඒ ව්‍යවස්ථාදායකය තුළදී ඒවා කරන්න ආපු නියෝජිතයන්ගේ සුදුසුකම් මොනවද කියලා ප්‍රශ්න කරන තැනකට මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වීම ඉතාම හොඳයි කියන තැනක තමයි ආණ්ඩුවක් විදියට අපි ඉන්නේ. ජනතාවට පූර්ණ අයිතිය තියෙනවා අපිව ප්‍රශ්න කරන්න. ඒකට හේතුව අපි මේ බලයට ආවේ ජනතාවගේ 100%ක් නිදහස් හා නියම කැමැත්තෙන්. ඒ කියන්නේ කාගෙවත් බලපෑමකට තර්ජනයකට, අවනිවේශනයකට, ඒ කියන්නේ සත්‍ය අසත්‍ය විදියටත්, අසත්‍ය සත්‍ය විදියටත් හුවාදැක්වීමකින් තොරව ගොඩනගපු කැමැත්තකින් තමයි අපි මේ වරම ලබාගත්තේ.

සමහරු අපිට චෝදනා කරනවා අපි මැතිවරණ වේදිකාවල බොරු කියලා තමයි ජනාධිපතිවරයා ජනාධිපති පුටුවේ තිබ්බේ කියලා. මම හිතනවා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස ඒ පුටුවේ ඔසවා තබන්න මේ මැතිවරණ වේදිකාවල මා ඇතුළු කිසිම දේශපාලන නියෝජිතයෙක්ට බොරු කියන්න අසත්‍ය කියලා ජනතාව මුළාවේ දමන්න කිසිම වුවමනාවක් තිබ්බෙත් නෑ, එහෙම කරන්න ඕනෙත් නෑ. ඒකට හේතුව බොරු කියලා ඡන්දෙකින් ජනාධිපතිවරයෙක් පත්කරන්න හෝ ආණ්ඩු හදන තැනකට අපේ දේශපාලන ව්‍යාපාරය බංකොලොත් වෙලා තිබුණේ නෑ. බංකොලොත් වෙලා තිබුණේ මේ රට කරපු ආණ්ඩු සහ අනෙකුත් සියලු දේශපාලන පක්ෂ. ඒ අයගේ බංකොලොත්භාවය නිසා ජනතාවට විශ්වාසයක් තිබුණා ජාතික ජන බලවේගය සහ ජනාධිපතිවරයා කෙරෙහි. ඒ විශ්වාසය අපි අබ මල් රොණකින්වත් පලුදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.

ලෝකය වෙනස් කළ හැකි හොඳම බලගතුම අවිය අධ්‍යාපනයයි. ඒ අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් ලෝකයේ විශාල පෙරළියක් කරන මලාලා යුසුෆ්සායි වරෙක කියනවා ගෙලට සයනයිඩ් කරල දාගෙන පුංචි ළමයි ළමා සොල්දාදුවො විදියට ලෝකයේ රටවල යුද්ධවලට පාවිච්චි කරද්දී ගෙලට සයනයිඩ් කරල වෙනුවට ඒ අයගේ අතට දෙන්නේ පෑනක්. අතට පෑනක් දෙන්න, අතට පොතක් දෙන්න. ලෝකය වෙනස් කරන්න පුළුවන් යුද්ධවලට වඩා උගත්කමින්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා රජයක් විදියට මේ වැඩපිළිවෙළ අඛණ්ඩව සැලසුම්සහගතව කරගෙන යන්න.

ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය සාර්ථකව නිමා වුණා. ඒ ඉන්දීය සංචාරයේදී අපි බලාපොරොත්තු වෙච්ච ඒ ද්විපාර්ශ්වික සාකච්ඡා ඉතාම සාර්ථකව නිමාවට පත්වුණා. අද මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ යම් යම් ආයතන තුළ යම් යම් පුද්ගලයන් අතර දේශපාලන ව්‍යාපාර තුළ මිශ්‍ර ප්‍රතිචාර අපි දකිනවා. හැබැයි ඔබේ ප්‍රතිචාරය කුමක් වුණත් අපේ බලාපොරොත්තුව එකයි. අපේ පරමාර්ථය එකයි. රජයක් විදියට අපේ එකම බලාපොරොත්තුව මේ රටේ ජනතාවට පවතින ආර්ථික සමාජයීය දේශපාලන සන්ධර්භය තුළ එතැනින් ගුණාත්මක වශයෙන් ඉදිරියට පිම්මක් පනින්න මේ ද්විපාර්ශ්වික සබඳතා තුළ ලබාගත්ත ප්‍රතිඵල එකඟතා ධනාත්මකව යොදාගැනීම පමණයි. ඒ නිසා මම හිතනවා අතීතයේ ජන නායකයෝ හැම මාසෙකටම වරක් ලෝකයේ හැම රටවල් ගානෙම විදෙස් සංචාර පුරුද්දක් විදියට ගිහිල්ලා මේ රටේ ජාතික ධනය විශාල ප්‍රමාණයක් විදේශ සංචාර වෙනුවෙන් වැයකරලා මේ රටට අරගෙන ආපු දේවල් මොනවද කියලා නැණ නුවණින් කල්පනා කරලා බලන්න. අපි කරගෙන යන වැඩපිළිවෙළත් මොකක්ද කියලා නැණ නුවණින් කල්පනා කරලා බලලා සසඳන්න. සසඳලා බලලා ඔබ කල්පනා කරලා බලන්න ඒ ජන නායකයන් මොනවද කළේ, පොදු වැඩ එකක් කරනකොට තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රයේ දේවල්, තමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂාවන් කිහිපයක් ඉෂ්ට කරගන්නකොට අපි මොනවද කරන්නේ කියලා.’

SendShareShare
Previous Post

පාටියක් මැද්දට බලෙන් පැන්න හරීන් කුණුහරුප කියමින් යකා නටයි! කට්ටියම වැඩේ දෙන්න සෙට් වෙද්දී යන්තමින් ගුටි නොකා හැමෝගෙම හූ හඬ මැද්දේ පිටව යයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය ආදායම 15.1%ට නග්ගන්න ඕනෑ! ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3%ට වැඩිකරන්න ඕනෑ! අපනයන සේවා මත 15%ක බද්දක් එනවා! ඩිජිටල් සේවා මත 18%ක වැට් බද්දක් එනවා! ලීසිං මුද්දර ගාස්ත 2%කින් වැඩි කරලා! FD වලින් බදු කපන හැටි! Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.