බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර ජුබිලි බුලස් හංදියේ දී කොළඹ සිට කතරගම බලා ධාවනය වන පුද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරියක ගැටී අද (14) අළුයම අනතුරක් සිදු වී තිබේ. Sri Lanka Latest News
මෙම අනතුරින් බස් රථය ලොරියේ ගැටී පෙරලී ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙයි
බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සැක පළ කරන බව බම්බලපිටිය පොලිසිය පවසයි.










