ජාතික ජන බලවේගයේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පවත්වන සමුළු මාලාවේ කළුතර දිස්ත්‍රික් සමුළුව ඊයේ (28) හොරණ මහජන ක්‍රීඩාංගයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර එයටද අති විශාල කාන්තාවන් පිරිසක් සහභාගී වී සිටියහ.
එම අවස්ථාවට ජාතික ජන බලවේගයෙ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනී අමරසූරිය, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයෙ ජාතික විධායක සභික කළුතර දිස්ත්‍රික් සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස, කළුතර දිස්ත්‍රික් විධායක සභික ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වජිරා පීරිස්, ආර්ථික මිටුවේ සාමාජික මහාචාර්ය සීතා බණ්ඩාර, ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ, රංගන ශිල්පිනියන් වන දීපානි සිල්වා, නයනී මහේෂිකා, කළුතර දිස්ත්‍රික් විධායක සභික ඔෂානි උමංගා සහ කළුතර දිස්ත්‍රික් විධායක සභික නීතීඥ නිලන්ති කොට්ටහච්චි ඇතුළු සමාජ ක්‍රියාකාරිනියන් සහ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරිනියන් මෙන්ම වෘත්තීයවේදිනියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.