• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයේ ප්‍රහාරයට එරෙහිව එල්ලවුණු ජාත්‍යන්තර ප්‍රහාරය…

July 31, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
අරගලයේ ප්‍රහාරයට එරෙහිව එල්ලවුණු ජාත්‍යන්තර ප්‍රහාරය…
Share on WhatsAppShare on Facebook

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේ හරිත තණ පලස මත වට පිනිබිඳු රත් පැහැයට හරවමින්, නිරායුද අරගලකරුවන්ගේ ඔළු පළාදැමූ නින්දිත ප්‍රහාරය ඉතිහාසයට ලේ පැල්ලමක් ලෙසින් එක්ව හමාරය. කෝටු කැබැල්ලක් පවා නොමැතිව කුඩා කූඩාරම් තුළ වකුටුව නිදා සිටි අරගලකරුවන් වෙත කඩාපිනූ මැර හමුදාවෝ ඔවුනට දිගට හරහට පහර දෙමින් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් එළවා දැම්මෝය. ඉන්ද නොනැවතී පණ බයේ දුවන තරුණ තරුණියන් හඹා යමින් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් පිටතදීද ඔවුනට පහර පිට පහර දීමට මැර හමුදාව කටයුතු කළහ. එකී පරිශ්‍රයෙන් පිටත ඉදිකර තිබූ කූඩාරම් පවා කඩාබිඳ දැමුවේ ආණ්ඩු විරෝධී ජනමතයට කිසිම ඉඩක් නොදෙන බව ලෝකයට පෙන්වමිනි.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ මිලිටරි ප්‍රහාරය දියත් කළේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය හැර යන්නට ඔන්න මෙන්න තිබියදීය. නීතිඥ සංගමය ප්‍රමුඛ පාර්ශ්ව ගණනාවක් කළ අනතුරු ඇඟවීම් නිසා අත්පත් කරගත් පොදු දේපළ හැර යාමට ඔවුන් තීරණය කර තිබූ අතර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන්ද ප්‍රහාරය එල්ල වූ දින (22) දහවල් 2 වන විට ඉවත් වීමට ඔවුහු සූදානමින් සිටියහ.

යන බව දැනසිටි අරගලකරුවන්ට යන්නට පෙර පහර දීම වූ කලී හුදු අහම්බයක් නොව පූර්ණ සැලසුම්සහගත ප්‍රහාරයකි. ඔවුන්ගේ අරමුණ වූයේ ගාලුමුවදොර රැඳී සිටින අරගලකරුවන් සහ අනාගතයේ අරගල කරන්නන්ද පමණක් නොව සමාජයටම සිය මැර පාලනය ගැන අනතුරු ඇඟවීමය. කෙසේ වෙතත් මේ ඉන්නේ තර්ජනයෙන් හෝ ඝාතනය කිරීමෙන් බියගැන්විය හැකි පරම්පරාවක් නොවන බව රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව තේරුම්ගත යුතුය. ඔවුන් එළියට බැස්සේ රටක් බියයවද්දාගෙන සිටි රාජපක්ෂ රෙජීමයට එරෙහිවය. එවන් රෙජීමයකට අභියෝග කළ මේ තරුණ බල මුළුවට පාර්ලිමේන්තුවේ තනි අලියෙක්ව සිටිනා රනිල් වික්‍රමසිංහ යනු මහා ලොකු තර්ජනයක් නොවේ.

ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන්ගෙන් මුදාගන්නට පමිණි පිරිස පහර දුන්නේ අරගලකරුවන්ට පමණක් නොවේ. මාධ්‍යවෙදීන්ටද, අරගල බිමට නිකමට පැමිණි පිරිසටද ඔවුහු එළව එළවා පහර දුන්හ. ගුටිකා රෝහල්ගත වූ පිරිස අතර බී.බී.සී. මාධ්‍යවේදීහු දෙදෙනකුද වීම පහර දීමේ අසංවිධිතභාවයට හොඳම උදාහරණයකි. කෙසේ වෙතත් තම මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරය බී.බී.සී. පුවත් සේවය ලෝපුරා විකාශය කළේ ශ්‍රී ලංකාවේ අලුත් ජනාධිපතිගේ ප්‍රතිරූපය කුඩුපට්ටම් කරමිනි.

මේ ප්‍රහාරය ලංකාවේ විපක්ෂ නායකයා හඳුන්වා දුන්නේ බියසුළු ප්‍රහාරයක් ලෙසිනි. මේ බියසුළු පහරදීම නිසා ලෝකය ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි චිත්‍රයක් මවාගන්නා බව විපක්ෂ නායකයා පවසයි. විපක්ෂ නායකයාගේ මෙම ප්‍රකාශය ‘ද හින්දු’ ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යයන්හි උපුටා දක්වා තිබුණු අතර ලෝපුරා විශාල අවධානයක් එකී ලිපි සඳහා ලැබී තිබිණි. එහෙත් අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය වඩාත් බරපතළ ලෙස හෙළාදැක තිබුණේ ශ්‍රී ලංකාවේ නොව ජාත්‍යන්තරයේය. ජාත්‍යන්තර ආයතන සහ රාජ්‍ය නායකයන් විසින් මේ නින්දිත ප්‍රහාරය ක්ෂණිකව හෙළාදැක තිබූ අතර ප්‍රහාරයෙන් සතියකට පසුත් ඒ පිළිබඳ අදහස් පළකිරීම් දැකගත හැකිය.

අරගලකරුවන්ගෙන් ගැලූ රුධිරය වේළෙන්නටත් පෙර මේ ප්‍රහාරය හෙළාදක්මින් ට්විටර් සටහනක් තැබුවේ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හූල්ටන්ය. ‘ගාලුමුවදොර විරෝධතා භූමියෙන් ලැබෙන වාර්තා ගැන දැඩි අවධානයක් යොමුකර ඇත. සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියේ වැදගත්කම අපි පැහැදිලිව පෙන්වා දී තිබෙනවා’ යැයි ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය පවසන්නීය. මේ ප්‍රකශය හුදු එක කාන්තාවකගේ ප්‍රකාශයක් නොව ශ්‍රී ලංකාව සම්බන්ධව සමස්ත යුරෝපා ප්‍රජාවේම අදහස බව පැවසිය හැකිය. එමෙන්ම බි්‍රතාන්‍යයේ මතය බොහෝ විට යුරෝපයේ බොහෝ ආයතනවලට බලපෑමක් කරන්නට සමත් වන බව පැවසිය හැක.

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන නිබඳව ඇස ගසාගෙන සිටිනා එක්සත් ජාතීන්ගේ සංවිධානයද මේ ප්‍රහාරය වහා හෙළා දැක්කේය. එම සංවිධානයේ නේවාසික නියෝජිත හානා සිංගර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැර ප්‍රහාරය හෙළාදකිමින් නිවේදනය නිකුත් කළාය. ගාලුමුවදොර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව ඇය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.

එමතුදු නොව මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙනීසිටින්නන් හට විරෝධතා සහ එහි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට හැකියාව තිබෙන බව රජයට සිහිකරන ඇය, කිසිම පාර්ශ්වයක් ඊට බාධා එල්ල නොකළ යුතු බවද අවධාරණය කරන්නීය. එමෙන්ම සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය යටපත් කිරීමට උත්සාහ කිරීම තුළින් රටේ දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය තවත් නරක අතට හැරිය හැකි බවත්, ජනතාව සමග සහයෝගයෙන් සාමකාමී විසඳුමකට යාම ඉදිරියට යා හැකි එකම මාර්ගය බවත් ආණ්ඩුවට සිහි කැඳවන්නට ඇය තම පණිවුඩය යොදාගෙන තිබුණාය.

ගාලුමුවදොර අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරයෙන් තමන් දැඩි කැලඹීමකට පත්වූ බව යුරෝපා සංගමයද පවසන්නේය. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසනුයේ රට තුළ ඇති වූ සංක්‍රාන්තික දේශපාලනික වෙනස්කම් සඳහා ප්‍රකාශනයේ නිදහස ඉවහල් වූ බවත්, හිටි හැටියේ එය අවහිර කිරීම, රට මුහුණදී සිටින ආර්ථික හා දේශපාලන අර්බුද ජයගැනීම සඳහා පිටිවහලක් වේ යැයි සිතිය නොහැකි බවද ඔවුන් පවසයි. යුරෝපා සංගමයේ ප්‍රකාශය ලංකාවේ ආණ්ඩුව ඉතා බරපතළ ලෙස වටහාගත යුතුය. මන්දයත් ශ්‍රී ලංකාව දැනටමත් යුරෝපා වෙළෙඳපොළේ ඉහ ගසා සිටින්නේ ජී.එස්.පී. සහනය නිසාය. යම් හෙයකින් ඔවුන් එකී සහනය අවලංගු කළහොත් ශ්‍රී ලංකාවේ භාණ්ඩ යුරෝපා වෙළෙඳපොළෙන් ඉවතට විසිවීම අනිවාර්ය වෙයි. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ රැකියා ලක්ෂ ගණනක් අහිමිව යා හැකිය. රාජපක්ෂ ආණ්ඩුව මානව හිමිකම් නොතකා කටයුතු කිරීම නිසා අහිමිව ගිය ජී.එස්.පී. සහනය 2017 යළි දිනාගන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව සිටි කාලයේය. එබැවින් ආණ්ඩුව මේ පිළිබඳ දැන්වත් බැරෑරුම් ලෙස සිතිය යුතු වේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් නිවේදනයක් නිකුත් කිරීමෙන් නතර වූයේ නැත. ඕ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසී සිය විරෝධතාව මුහුණටම පළ කළාය. ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරන තානාපතිනිය සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව දියත් කළ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පිළිබඳ තම කනස්සල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ පළකළ බව පවසන්නීය. මෙය පුරවැසියන්ට එරෙහිව රජය සිය මර්දනය දියත් කළ යුතු කාලයක් නොවන බවත්, ජනතා විශ්වාසය දිනාගැනීමට කටයුතු කළ යුතු කාලයක් බවත් තමා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සිහි කැඳවූ බව ඇමෙරිකානු තානාපතිනිය පවසන්නීය.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී ටි්‍රනි එස්කිඩාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනුයේ නීතිඥයන් සහ මාධ්‍යවේදීන්ට පවා තුවාල සිදුකරමින් ශ්‍රී ලංකාවේ සාමකාමී විරෝධයට පහරදීම තමා හෙළාදකින බවයි. නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර සාමකාමීව රැස්වීමට සහ අදහස් ප්‍රකාශයට ජනතාවට ඇති අයිතිය තහවුරු කරන මෙන් ඇය ඉල්ලා සිටින්නීය.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනුයේ අදහස් දක්වීමේ සහ රැස්වීමේ අයිතිය සෑම සමාජයකටම අනිවාර්යයෙන් තිබිය යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයද නිවේදනයක් නිකුත්කරමින් කියා සිටිනුයේ අරගලකරුවන්ට එරෙහිව රජයේ හමුදා බලය යෙදවූ බව අසා තමන් තැතිගත් බවයි. ජනාධිපති කාර්යාලය අසල විරෝධතා කඳවුර විසුරවා හැරීමට ආරක්ෂක අංශ යෙදවීම අනවශ්‍ය බලය යෙදවීමක් බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමක් වන කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ගාලුමුවදොර අරගලයට මුදාහළ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අසා තමන් කලබල වූ බවත්, මානව හිමිකම් සහ නීතියට ගරුකරන ලෙස එකී රටවල් සාමූහිකය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බවයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවත් පාර්ශ්ව සහ දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකා හමුදාවට කරන චෝදනාවට සාක්ෂියක් බඳු ගාලුමුවදොර ප්‍රහාරය නිසා ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනදා මුහුණ නොදුන් අභියෝගයකට මුහුණ දෙනු නොඅනුමානය.

ගාලුමුවදොර ප්‍රහාරය සම්බන්ධ වඩාත් බරපතළ තත්ත්වයක් මතුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුවේදීය. ඒ පිළිබඳ අදහස් දක්වන ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන ඩෙබෝරා බ්‍රෝටින්ගැම් පවසනුයේ ලංකාව, සිය රට තුළ පවතින අවුල් විසඳාගන්නා තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය පහසුකම් ලබා නොදෙනු ඇති බවයි.

රට තුළ අර්බුදයක් මතුව ඇති විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජයට ඩොලර් බිලියන ගණනක ණය සහනයක් ලබාදිය නොහැකි බවත් ජනතාව අරගල කරනුයේ ආණ්ඩුවේ අදූරදර්ශී මූල්‍ය කළමනාකාරණයට එරෙහිව බවත් ඇය පවසන්නීය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පැය 24යි! තෙල් පෝලිමේ තවත් මරණ 2ක්! (VIDEO)

Next Post

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අස්සන් 1640ක විශේෂ නිවේදනයක්! (VIDEO)

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.