ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ධුරය පුරප්පාඩු වී මාස තුනක කාලයක් ගත වී ඇතත් ජනාධිපතිවරයා ඒ සඳහා සභාපතිවරයකු මෙතෙක් පත්කර නැත.Sri Lanka Latest News
එම කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මාර්තු 06 වැනිදා ඉන් ඉල්ලා අස්විය.
ඊට පෙර එහි සාමාජිකාවක ලෙස කටයුතු කළ හිටපු අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම ඉල්ලා අස්වූ අතර ඒ සඳහා ජනමාධ්‍ය සංවිධාන විසින් නම් කරන ලද හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඩීඑන් සමරකෝන් ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කිරීමෙන් පසු මැයි මාසයේදී ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය. එහෙත් ඔහුද එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා පත්කළේ නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව උපාලි අබේරත්න ගේ පුරප්පාඩුව පිරවීම සඳහා අප්‍රේල් 01 වැනිදායින් අවසන් වන ලෙස නාම යෝජනා කැඳවනු ලැබීය.
ඒ සඳහා සුදුස්සෙකු තෝරාගෙන පත්කිරීම සඳහා ජනාධිපතිවරයාට යොමු කළේ දැයි විමසීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න දූරකථනයට සම්බන්ධ කර ගත්තද, ප්‍රශ්නයවත් නොඅසා ඔහු කීවේ මාධ්‍ය ලේකම්ගෙන් අවශ්‍ය දෙයක් විමසන ලෙසය.










