ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ පවතින බදු ක්‍රමය ඉදිරි රජයකදී වෙනස් කරන බව සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News
මෙවැනි යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට කොන්දක් තිබෙන බවත් මරික්කාර් මහතා සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ව මුණ ගැසී තිබෙන බවත් නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා එම නියෝජිතයන්ව හමුවී නැති බවත් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ කතා කළ දේවල් මාධ්‍යයට නිකුත් කර නැති බවත් මරික්කාර් මහතා හෙතෙම පැවැසීය.
රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරිමට සහ යෝජනා ඉදිරිපත් කිරිමට හැකි වන්නේ දැක්මක් , සෘජු ප්‍රතිපත්තියක් , සැලැස්මක් තිබෙනවානම් පමණක් බවද මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඊයේ (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව පැවැසූ අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමගි සේවක සංගමයේ ලේකම් පී බී නිශාන්ත මහතා ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ එස් එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය.
බදු අඩු කරන්න ආදායම් වැඩි කළ යුතුයි. බදු අඩු කලොත් පමණයි බිල් සහ භාණ්ඩ වල මිල ගණන් අඩු වෙන්නේ. එහෙම වුණොත් තමයි ජනතාව බලාපොරොත්තු වන සහනය ලැබෙන්නේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුම් දුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එවැනි යෝජනා ඉදිරිපත් කරන්න සමගි ජන බලවේගයට කොන්දක් තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ව මුණ ගැහැලා තිබෙනවා. අනුර කුමාර ඒ නියෝජිතයන්ව හමුවෙලත් නෑ. ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතා කළ දේවල් මාධ්‍යයට නිකුත් කරන්නෙත් නෑ. රටේ ආර්ථිකය ගොඩගෙන ජනතාවට සහන ලබාදෙන ක්‍රමවේදය පිළිබඳව රටේ තිබෙන විකල්ප බලවේගයක් විදිහට ජනාතා විමුක්ති පෙරමුණ ජනතාවට කියන්න ඕන. දැක්මක් තිබෙනවානම් , සෘජු ප්‍රතිපත්තියක් තිබෙනවානම් , සැලැස්මක් තිබෙනවානම් රට තිබෙන තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න පුලුවන් වෙන්න ඕන.