ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද (28) පස්වරුවේ පැවැත්වුණි.
ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 120 ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමිවිය.
මෙහිදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ ගිවිසුමට පක්ෂව ඡන්දය භාවිත කිරීමට පියවර ගෙන තිබිණ.
ඉන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව සම්මත වූ බවය.
කෙසේවෙතත් අයවැය අවසන් ඡන්ද විමසුමේදී ආණ්ඩුවට ඡන්ද 123ක් හිමිව තිබිණ.










