අද පස්වරුවේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිවිසුමට අදාළ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කළ ඒ.එච්.එම්. ෆවුසි මහතා ඊට පක්ෂව ඡන්දය ලබා දීමට පියවර ගෙන තිබේ.
ඒ ඡන්ද විමසුම වර්ජනය කළ යුතු බවට පක්ෂය ගෙන තිබූ තීන්දුවට එරෙහිව යමිනි.
පසුගිය සදුදා පැවැති සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව විනය කමිටුවක් පත් කළ අතර එහි නායකත්වය ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා වෙත ලබා දීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව බොහෝ දෙනා මේ වනවිට බලා සිටින්නේ පක්ෂ තීන්දුවට පිටින් ගිය ෆවුසි මහතා සම්බන්ධයෙන් සජබ විනය කමිටුව ගන්නා තීන්දුව පිළිබදවය.
ෆවුසි මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ මුජිබර් රහුමාන් මහතාගේ හිස්වූ අසුනටය.










