• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘නුවරඑළියේ ඉඩම දුන්නේ නැත්නම් බලාගමු’ කියලා තර්ජනය කරලා සද්දේ දාපු මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායකගේ සැමියා පොලිසියට ඇවිත් ප්‍රාදේශීය ලේකම්ගෙන් සමාව ගනී! I Sri Lanka Latest News

September 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
‘නුවරඑළියේ ඉඩම දුන්නේ නැත්නම් බලාගමු’ කියලා තර්ජනය කරලා සද්දේ දාපු මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායකගේ සැමියා පොලිසියට ඇවිත් ප්‍රාදේශීය ලේකම්ගෙන් සමාව ගනී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අඹේවෙල ප්‍රදේශයේ රජයේ ඉඩමක් ලබා නොදුන්නා යැයි පවසමින් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට දුරකථනයෙන් තර්ජනය කළ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායකගේ සැමියා නුවරඑළිය මූලස්ථාන පොලිසියට ඊයේ (01 වැනිදා) පෙරවරුවේදී පැමිණ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සමාව ගත්තේය.Sri Lanka Latest News

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කරන ලද සමයේදී නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව තිබූ රජයේ ඉඩමක්ද ඇය සහ සැමියා විසින් භාවිතා කළ අතර, පසුව එම ඉඩම නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ව්‍යාපාරිකයෙකුට විකුණා තිබේ.

එම ඉඩම වෙනුවට, නුවරඑළිය අඹේවෙල ප්‍රදේශයේ පිහිටා තිබෙන අක්කරයක පමණ ඉඩමක් සංවර්ධන කටයුත්තකට ලබාදෙන ලෙස හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ.පී. දනන්සූරියගෙන් ඉල්ලීමක් කර ඇත. එම ඉඩම ලබාදීමට තමාට නීත්‍යානුකූල අයිතියක් නොමැති බව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියාට දැනුම් දී තිබේ.

මෙම සිදුවීමෙන් පසුව, අදාළ ඉඩම ලබාදීමට කටයුතු නොකළහොත් ලබන 21 වැනිදායින් පසු වෙනදේ බලාගමු යැයි ප්‍රාදේශීය ලෙකම්වරයාට ඔහු දුරකථනයෙන් තර්ජනය කර ඇත. ප්‍රාදේශීය ලේකම්වරයා මෙම තර්ජනය කිරීම සම්බන්ධව නුවරඑළිය මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කළේය.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාවන ලෙසත්, සැමියාට සමාව ලබාදෙන ලෙසත් මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩට සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට දුරකථනයෙන් පවසා තිබේ. ඇයගේ සැමියාද ප්‍රාදේශීය ලේකම්වරයාට දුරකථනයෙන් පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තමා සමාව ගැනීමට සූදානම් බවය.

ඒ අනුව, හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා නුවරඑළිය පොලිසියට පැමිණ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සමාව ගත්තේය. දුරකථන ඇමතුම ලබාගත් අවස්ථාවේ තමා බීමත්ව සිටි බවද ඔහු පොලිසියට පවසා ඇත. නැවත කිසිදු දිනෙක මෙවැනි ආකාරයෙන් තර්ජනය නොකරන බවට පොලිස් පොතේ ලියා, ප්‍රාදේශීය ලේකම්වරයාගෙන්ද සමාව ගෙන ඔහු පිටව ගියේය.

තර්ජනාත්මක දුරකථන ඇමතුමක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයාට ඉකුත් සිකුරාදා (30 වැනිදා) ලිපියක්ද යොමුකර තිබිණි.

SendShareShare
Previous Post

“මම දැනන් හිටියේ නැහැ ගහන්නේ කැරොකේ වසන්තට කියල. පෝරේ ගෙදරට ගියේ ඉස්සරින් දවසේ! එදා හවස එක්කෙනෙක් ඇවිත් වෙපන් දෙක දුන්නා! ෆොටෝ එකක් පෙන්නල මූ තමයි මෑන් කියල පෙන්නුවා! මම දැනගෙන හිටියේ නැහැ ඒ කැරොකේ වසන්ත කියල! ටී.වී. එකෙන් තමයි දැක්කේ කැරොකේ වසන්තටයි තියල තියෙන්නේ කියල! කැරොකේ වසන්ත මරා දැමූ ‘බහිරවයා’-‘පොඩි බලයා’‌ වමාරන්න පටන් ගනී! හැබැයි සම්පූර්ණ කතාවේ සැකසහිත තැන් රැසක්! I Sri Lanka Latest News

Next Post

‘මේ පාර මාලිමාවට’! ත්‍රීවීල්වල බලෙන් ස්ටිකර් ගහලා! ගම්මු මාලිමාවේ ස්ටිකර් ගලවයි! ‘අපි මේ පාර සජිත් ප්‍රේමදාසට’! බය නැතිව මෙන්න කියනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.