• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“මම දැනන් හිටියේ නැහැ ගහන්නේ කැරොකේ වසන්තට කියල. පෝරේ ගෙදරට ගියේ ඉස්සරින් දවසේ! එදා හවස එක්කෙනෙක් ඇවිත් වෙපන් දෙක දුන්නා! ෆොටෝ එකක් පෙන්නල මූ තමයි මෑන් කියල පෙන්නුවා! මම දැනගෙන හිටියේ නැහැ ඒ කැරොකේ වසන්ත කියල! ටී.වී. එකෙන් තමයි දැක්කේ කැරොකේ වසන්තටයි තියල තියෙන්නේ කියල! කැරොකේ වසන්ත මරා දැමූ ‘බහිරවයා’-‘පොඩි බලයා’‌ වමාරන්න පටන් ගනී! හැබැයි සම්පූර්ණ කතාවේ සැකසහිත තැන් රැසක්! I Sri Lanka Latest News

September 2, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගෙන්වාගෙන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් කැරොකේ වසන්ත ඝාතනය කිරීමට සම්බන්ධ අපරාධකරුවෝ එක වැලට හසුවෙමින් සිටිති. මාධ්‍ය හමුවලදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙන්ම පොලිස් ප්‍රධානීන් ද දිගින් දිගටම කී ආකාරයට මෙම ඝාතනයේ වෙඩික්කරුවෝ දෙදෙනා රටින් පලා ගොස් තිබුණේ ද නැත. ඒ නිසාම පොලීසිය ඔවුන් දෙදෙනා ඉතා පහසුවෙන්ම ඉකුත් සතියේ ස්ථාන දෙකකදී අල්ලා ගත්තේය.Sri Lanka Latest News

වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් දෙමින් රැකවරණය හා පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන සිංහාර අමල් පුෂ්පකුමාර සිල්වා ද අත්අඩංගුවට පත් විය. මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුවකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඔත්තුව දුන් බව කියැවෙන්නේද මෙම පළාත් සභා මන්ත්‍රීවරයා වීම විශේෂත්වයකි. අන්තිමේදී ඔහු අත්අඩංගුවට ගැනෙන්නේ එම පාතාලයේ අපරාධකරුවන් දෙදෙනාට රැකවරණය දීම සම්බන්ධයෙනි. දකුණු ඉන්දියානු දෙමළ චිත්‍රපටයක තිර පිටපතක් මෙන් විසිරුණු කැරොකේ වසන්ත ඝාතනයත් එහි ඝාතකයන් අත්අඩංගුවට ගැනීම දක්වා සිදුවීම් පෙල දිගහැරෙන්නේ මෙසේය.

පසුගිය ජූලි 08 වැනිදා කැරොකේ වසන්ත ඝාතනය කරනු ලබන්නේ අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකට ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගි වෙමින් සිටියදීය. පොලිසිය එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඒ පිටුපස සිටින්නේ ලොකු පැටී සහ කංජිපානි නමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් බව හෙළි කර ගත්තේය. කැරොකේ වසන්ත ඝාතනය මාකඳුරේ මධුෂ් ඩුබායි පොලිසියට කොටු කර දීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක් බව කීවද එය ඊට එහා ගිය යම් සිදුවීමක් වසා දැමීමේ අරමුණින් කළ හුදු ප්‍රචාරයක් විය හැකි බවට සැක කරන්නෝද නැත්තේම නැත. ඒ, මාකඳුරේ මධුෂ් සමඟ තමන් ඩුබායි පොලිසියට කොටුකර දුන්නේ කවුරුන්දැයි කැරොකේ වසන්ත ඝාතනය මෙහෙය වූ බව කියන කංජිපානි මෙන්ම ලොකු පැටී හොඳින් දන්නා බැවිනි.

කැරොකේ වසන්ත ඝාතන විමර්ශන සිදු වන්නේ අතුරුගිරිය පොලිස් ස්ථානයේ සහ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙනි. එහිදී බොහෝ පිරිසක් අත්අඩංගුවට ගත් අතර, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය, පලා ගිය වෑන් රථය සහ බස් රථය ද සොයාගත්තේය. එම වාහන මිලදී ගැනීමට හා කුලියට ගැනීමට මැදිහත් වූවෝද අත්අඩංගුවට ගැනිණි. එසේම ලකුණු දා ගැනීමට පොලිස් ලොක්කෝ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු මාධ්‍ය ඉදිරියේ තබාගෙන ප්‍රශ්න කරමින් ඔහු කළ පාපො­්ච්චාරණයක් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කළ අතර, එම විවෘත මාධ්‍ය ප්‍රචාරණයෙන් අනතුරුව රෙදි කඩකින් ඔහු වසාගෙන අධිකරණයට රැගෙන යමින් අමුතුම ආකාරයේ මාධ්‍ය සංදර්ශනයක් ද පැවැත්විය.

සමාජයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් එම නාඩගම පාර්ලිමේන්තුව තුළද කතාබහකට ලක්ව උණුසුම් වන විට ජාතික පොලිස් කොමිසම විසින් එම නාඩගම නැටූ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස පොලිසි බලධාරීන්ට නියෝග කර මාසයකට වඩා ගතවී තිබුණද එම වාර්තාව තවමත් පොලිස් කොමිසමට ලැබී ඇති බවක් දැනගන්නට නැත.

එදා කැරොකේ වසන්තට වෙඩි තැබූ වෙඩික්කරුවන් පෙර දිනයේ රැඳී සිටියේ යැයි කීවේ අතුරුගිරියේම තැනකය. ඒ තැනද වෙඩි ප්‍රහාරයෙන් පැය 48ක් යන්නට මත්තෙන් පොලිස් විමර්ශකයෝ දක්ෂ ලෙස සොයාගත්හ. එම නිවෙස කුලියට ගත් ගණන් මිනුම් මෙන්ම ඊට මැදිහත් වූවෝද අත්අඩංගුවට ගත්හ. එදා ඒ සොයාගත් එම නිවෙස පොලිසිය සෝදිසි කර තිබුණා දැයි ගැටලුවක් මතු වන්නේ පසුගිය සතියේ වෙඩික්කරුවන් අල්ලා ගැනීමෙන් අනතුරුව එම නිවසේ තිබී කේ.පී.අයි. ලෙස සටහන් කර ඇති ටී 56 වර්ගයේ පත­‍ෙරාම් 15ක් සහ රිවෝල්වරයක් ද සොයාගත් බව පොලීසිය නිල වශයෙන් කියූ බැවිනි. අතුරුගිරිය පොරේ ගල්පොත්ත පාරේ පිහිටි එම නිවෙස මුලින්ම හඳුනාගත් අවස්ථාවේදී එහි තිබී මෙම පත‍ෙරාම් සහ ගිනිඅවිය සොයාගන්නට නොහැකි වූයේ ඇයිදැයි දන්නේ විමර්ශකයන් පමණි.

කේ. සුජීවාගේ සැමියාට වෙඩි තබා ඇත්තේ ඔහු කැරොකේ වසන්තගේ ආරක්ෂකයෙක් යැයි සිතා බවද විමර්ශකයෝ පැවසූහ. එහෙත් කැරොකේ වසන්ත ළඟ සිටි ආරක්ෂකයන් ඔහු හැර ගොස් ඇති බව මෙම ප්‍රහාරය මෙහෙයවූ බව කියන කංජිපානි හෝ ලොකු පැටී නොදැන සිටින්නට විදිහක් නැත. එසේ තිබියදී අත්අඩංගුවට ගත් වෙඩික්කරුවෝ ද දැන් කියන්නේ මුලින්ම තමන් වෙඩි තැබුවේ කැරොකේ වසන්තගේ ආරක්ෂකයාට බවය. ඒ වෙඩි තැබීමෙන් පැය 24ක් යන්නට මත්තෙන් විමර්ශකයන්ගේ අනුමාන තහවුරු කරමිනි.

වෙඩික්කරුවෝ කල්තියා අතුරුගිරිය පෝරේ පිහිටි කුලී නිවෙසක රැඳී සිට ඇති බවත් එහි සිට මෝටර් රථයකින් පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් අතරමඟින් වෑන් රථයකට ගොඩවී ටික දුරක් ගොස් බස් රථයකට ගොඩවී කතරගම දක්වා පලා ගිය බව ද විමර්ශකයෝ පවසා තිබිණි. ලොකු පැටීගේ උපදෙස් මත බස් රිය මිලදී ගත් තරුණිය ද අත්අඩංගුවට ගත් විමර්ශකයෝ බස් රථය සොයා කතරගම පීරන්නට ද වූහ. බස් රථයේ ඡායාරූප මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරන විට එය මිලදී ගත් පුද්ගලයා විසින්ම පොලිසියට භාර දී තිබිණි. ඒ බස් රථය කතරගම පුද්ගලයකුට විකුණා තිබියදී හමුවූ බව පොලිසියේ නිල දැනුම්දීම්වලින් කියැවිණි.

ඒ සමඟම කැරොකේ වසන්ත ඉලක්ක කරගෙන අතුරුගිරියේ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා හා රටින් පිට රැඳෙමින් මෙම ප්‍රහාරය මෙහෙය වූ බව කියන කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී හැරුණු කොට සෑම අපරාධකරුවකුම කොටුකරගත් බව පොලිසිය නිල වශයෙන් පැවසීය. වෙඩික්කරුවන් රටින් පලා ගොස් ඇතැයි නිල නොලත් තොරතුරු ඔස්සේ ප්‍රසිද්ධ වන විට පොලිසිය නිල වශයෙන් පැවසුවේ තවමත් වෙඩික්කරුවන් රට තුළ රැඳී සිටින බවය. වෙඩික්කරුවන් හඳුනාගෙන සිටින බව පවා පොලිසිය නිල වශයෙන් කියන්නට වූයේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවන්ගේ ඡායාරූප කිහිපයක් ද මාධ්‍යට මුදාහරිමිනි. එහි කොතනකවත් ඒ අතර වෙඩික්කරුවන් සිටින බව නොකියවුණත් වෙඩික්කරුවන්ගේ මුහුණු ඒ අතර ඇති බව දැන සිටියේ කිහිප දෙනෙකු පමණි.

එම වෙඩික්කරුවන් අතරින් එක් අයකු අත්අඩංගුවට ගන්නේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකි. කැරොකේ වසන්ත ඝාතන විමර්ශනයට කිසිදු සම්බන්ධකමක් නොතිබුණත් ත්‍රස්ත මර්දන අංශයේ සිටින නිලධාරීන් දෙහිවල පල්ලියදොර පාරේ කුලී නිවෙසක් වටලන්නේ පාතාලයේ පිරිසක් අවි ආයුධ ඇතිව එහි රැඳී සිටින බවට වූ තොරතුරක් මතය. පසුගිය අගෝස්තු 27 වැනිදා කළ එම වැටලීමේදී තිදෙනෙක් අත්අඩංගුවට ගත්තේය. නිල නොලත් ආකාරයට වගකිව යුතු අංශ නිකුත් කළ තොරතුරුවල සඳහන් වූයේ ප්‍රධාන වෙඩික්කරු ඒ අතර සිටින බවය. පොලිසියේ ඇති නිල ලේඛනවලට අනුව එකී වෙඩික්කරු වූයේ 31 හැවිරිදි අජිත් රෝහණ නමැති අයෙකි. හිටපු හමුදා සෙබළෙකු වූ ඔහු අහුංගල්ල මාකුඹුරේ පදිංචිකරුවෙකි. ලොකු පැටීගේ ඥාතියකු බවද කියැවිණි. අනෙකා ඉන්දික ද සිල්වා නොහොත් සංඛය. අවුරුදු 29ක් වයසැති ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි. අහුංගල්ල ලෝකන් වත්තේ පදිංචිකරුවෙකි. අතුරුගිරියේ නිවෙස කුලියට ගැනීමට හා වෙඩික්කරුවන් බස් රථයකින් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා ලෙස හැඳින්වූයේ මොහුවය. මෙහිදී අත්අඩංගුවට ගත් තෙවැන්නා වූයේ මොහොමඩ් ඉම්රාන්ය. දෙහිවල කවුඩානේ පදිංචිකරුවෙක් වූ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මුල් වන්නේ වෙඩික්කරු සහ අනෙක් පුද්ගලයාට සැඟව සිටීමට ආධාර හා අනුබල දීම හේතුවෙන් මිස කැරොකේ වසන්ත ඝාතනයට ඇති සෘජු සම්බන්ධයක් නිසා නොවේ.

මේ වැටලීම මෙම තිදෙනා අත්අඩංගුවට ගැනීමෙන් සීමා වන්නේ නැත. ටී 56 ගිනිඅවියක්, විවිධ වර්ගයේ පත‍ෙරාම් 283ක්, පිස්තෝලයක්, අත්විලංගුවක් සහ සයනයිඩ් කරල් දෙකක්ද සොගත් බව නිල නිවේදනවල සඳහන් විය. ටී 56 ගිනිඅවියේ අංක තිබෙන්නේ මකා දමාය. එසේම එම ගිනිඅවිය තරමක් අලුත් එකකි. ප්‍රශ්න කිරීම් හමුවේ වෙඩික්කරු බව කී තැනැත්තා පවසා තිබුණේ කැරොකේ වසන්ත ඝාතනයට යොදාගත් අවිය තරමක් පැරණි එකක් බවය. මෙම අවිය වෙනත් අවියක් බව ඔහු කියන්නට විය. පොලිසියේ නිල ප්‍රකාශවල සඳහන් වූ සුවිශේෂි කරුණක් වූයේ සොයාගත් පත­‍ෙරාම් අතර තිබී කේ.පී.අයි. ලෙස සටහන් වූ පත‍ෙරාම් 12ක් හමුවූ බවය. කැරොකේ වසන්තට වෙඩි තැබූ අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයේ තිබී සොයාගත්තේද කේ.පී.අයි. ලෙස සටහන් තැබූ හිස් පත­‍ෙරාම් කොපුය. එම පත‍ෙරාමේ සටහන් කර ඇති අකුරු හා සොයාගත් පත‍ෙරාම්වල සටහන්ව තිබුණු අකුරු එකකට එකක් සමාන බව බැලූ බැල්මට පෙනී ගොස් තිබිණි. අංක මැකූ ටී 56 ගිනිඅවියක්, පත­‍ෙරාම් විශාල ප්‍රමාණයක්, අත්විලංගුවක්, සයනයිඩ් කරල්, පිස්තෝලයක් මෙහි තිබී සොයාගන්නා විට සැකයක් මතුවන්නේ තවත් ඉලක්කයකට සූදානමින් මේ කණ්ඩායම මෙහි රැඳී සිටියේද කියාය. එසේම වෙඩික්කරුවෙක් සමඟ මෙතරම් ආයුධ තොගයක් අසාමාන්‍ය ලෙස තබා තිබීම ගැනද ඇත්තේ ගැටලුවකි. සයනයිඩ් කරල් දෙක කියාපාන්නේ මෙහි ඇති ආයුධ හා එල්.ටී.ටී.ඊ.ය අතර ඇති සම්බන්ධයකි. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට මෙම සැකකරුවන් තිදෙනා ත්‍රස්ත මර්දන පනතේ විධි විධානයන්ට අනුව දින 90ක් රඳවාගෙන පරීක්ෂණ පැවැත්වීමට අවස්ථාවක් උදාවන්නේ ඒ අනුවය.

පොලිසියේ නිල කියැවීමට අනුව එකී ප්‍රධාන වෙඩික්කරු ඇතුළු පිරිස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් දින 05ක් ඉක්ම යන්නට මත්තෙන් පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සෙසු වෙඩික්කරු සහ එදා වෙඩික්කරුවන් ගමන් කළ මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත්තේය. ඒ පාණදුරේ පොලිස් ලොක්කෙකුට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා විසින් ලබාදුන් තොරතුරකට අනුවය. අමල් සිල්වා යනු අවස්ථා කිහිපයකදීම පාතාලයේ ඉලක්කයක් බවට පත්ව සිටි මේ වන විටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින, පාතාලයෙන් ජීවිත තර්ජන පවා එල්ල වී තිබෙන අයෙකි. ඒ,ගොනා කෝවිලේ රොහාගෙනි. ඊට මුල් වූයේ ගොනා කෝවිලේ කුඩු අංජු සමඟ ඇති ඇයිහොඳයියකි. කුඩු අංජු අදටත් ප්‍රංශයේ රැඳී සිටින්නේ අමල් සිල්වා සමඟ හිතවත්කම් ඈත්කර නොගෙනය.

අමල් සිල්වා පාණදුරේ පොලිස් ලොක්කාට කියා ඇත්තේ ඔහුට අයත් පාණදුර පිංවත්තේ පිහිටි නිවෙසක සැකකටයුතු දෙදෙනෙක් නවාතැන් ගෙන සිටින බවය. සති තුනක පමණ කාලයක් තිස්සේ ඔවුන් එම නිවසේ රැඳී සිට ඇත්තේ කුලී පදනම මත බව ද කියා තිබිණි. ඒ අනුව පොලිස් ලොක්කා විසින් ඔහු යටතේ ඇති විමර්ශන අංශයක් වූ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් යොදා වැටලීමක් සිදු කරනු ලබන්නේ පසුගිය 29 වැනිදා සවස් කාලයේදීය. පොලිසියේ නිල වාර්තාවල සඳහන් වන ආකාරයට පාණදුර පිංවත්ත පිරිවෙන මාවතට හැරෙන හන්දිය අසලදී සිදු කළ වැටලීමකදී මුලින්ම අත්අඩංගුවට ගන්නේ දෙදෙනෙකි. අමල් සිල්වාට අයත් නිවෙස පිහිටා ඇත්තේ ද ඒ ළඟපාත පිංවත්ත පාසල් මාවතේය. තමන් මේ අත්අඩංගුවට ගෙන සිටින්නේ කැරොකේ වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙක් සහ මෝටර් රථය පැදවූ පුද්ගලයා බව පොලිසිය දැනගත්තා යැයි කියැවෙන්නේ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය. ගිනිඅවි හා පත­‍ෙරාම් සොයා ගත්තේ යැයි කියන්නේද එම ප්‍රශ්න කිරීම් හමුවේදී හෙළිවූ තොරතුරු මතය. කේ.පී.අයි. ලෙස සටහන් කළ පත‍ෙරාම් 15ක් උණ්ඩ 05ක් පිරවිය හැකි රිවෝල්වරයක්ද ඒ අතර තිබී ඇත. මේ දේවල් සොයා ගන්නේ යැයි කියැවෙන්නේ අතුරුගිරිය පෝරේ ගල්පොත්ත පාරේ නිවසේ සඟවා තිබියදීය. ඒ වන විටත් දහ පහළොස් වතාවක් පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබුණු එම නිවසේ තිබී ගිනිඅවියක් සහ පත‍ෙරාම් රැසක් සොයාගන්නා විට පාණදුරේ පොලිස් ලොක්කාට ඔත්තුව දුන් අමල් සිල්වාට ද සිදුවන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නටය. ඒ ඔහු සිය නිවසේ රැඳී සිටින පුද්ගලයන් කවුරුන්දැයි නොදැන සිටි බවට බබා පාට් දැමූවද සැබෑ ලෙසම එම අපරාධකරුවන්ට සිය නිවසේ රැකවරණය දී ඇත්තේ ඔහුගේ අනුදැනම මත බව විමර්ශනයේදී පෙනී යන්නට වූ බැවිනි.

පොලිසිය පාර්ශ්වයෙන් කියැවෙන්නේ අමල් සිල්වා මෙම අපරාධකරුවන් දෙදෙනා සිය නිවසේ සඟවාගෙන රැකවරණය දී ඇත්තේ ඩුබායි සිට පාතාලයේ අපරාධකරුවෙකුගෙන් ලද දුරකතන ඇමතුමකට අනුව බවය. අමල් සිල්වා පවසා ඇත්තේ ජූඩ් ප්‍රියන්ත විසින් කංජිපානිගේ නම කියා මෙම අපරාධකරුවන් දෙදෙනා සිය නිවසේ නවතා ගන්නා ලෙස දැනුම් දුන් බවය. එහෙත් ජූඩ් ප්‍රියන්ත නමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරු හා ගොනාකෝවිලේ අංජු අතර ඇත්තේ නයි මුගටි වෛරයකි. අංජුගේ සමීපතමයෙක් වන අමල් සිල්වා විසින් ජූඩ් සමඟ එතරම් හොඳ හිතක් වර්ධනය වූයේ කෙසේද යන්න සියල්ලන්ටම ගැටලුවකි. විමර්ශනවලින් හෙළි වී ඇති ආකාරයට අනුව විදේශ රටවලින් අමල්ගේ දුරකතනයට ලැබී ඇති ඇමතුම් බොහෝය. ඒ හැම දෙයක්ම අත්අඩංගුවට ගත් දෙදෙනාද වමාරා අවසන්ය. ඒ අනුව අමල් සිල්වා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කැරොකේ වසන්තගේ ඝාතනයට යම් සම්බන්ධතාවක් ඇති බව පෙනී ගොස් හමාරය. අමල්ව අත්අඩංගුවට ගන්නේ ඔහුගේ නිවසේ රැඳී සිටි බව කියන වෙඩික්කරු හා රියැදුරු පොලිස් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා සඟවා තබා ගනිමින් නවාතැන් පහසුකම් ලබා දීම, විදේශගතව සිටින අපරාධකරුවන් සමඟ ජංගම දුරකතන ඔස්සේ සම්බන්ධතා පවත්වා ගනිමින් අතුරුගිරියේ වෙඩි තැබීමට ආධාර හා අනුබල දීමේ චෝදනා මතය.

අමල්ගේ ඔත්තුවෙන් අල්ලාගත් වෙඩික්කරුත් රියැදුරාත් වෘත්තියෙන් රියැදුරන්ය. වෙඩික්කරු සජිත් ප්‍රියන්ත හෙවත් පොඩි බලයා යැයි කුප්‍රකට 32 හැවිරිදි අයෙකි. නාගොඩ පදිංචිකරුවකු වන ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ ලොකු පැටී විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව තමන් අතුරුගිරියේ වෙඩි තැබීමට සම්බන්ධ වූ බවය. අමල්ගේ ඔත්තුවෙන් ඇල්ලූ දෙවැන්නා වූ 33 හැවිරිදි මධුෂංඛ ද සිල්වා හෙවත් බහිරවයාගේ පදිංචිය අහුංගල්ල බව පැවසේ.

“මම දැනන් හිටියේ නැහැ, ගහන්නේ කැරොකේ වසන්තට කියල. පොරේ ගෙදරට ගියේ ඉස්සරින් දවසේ. එදා හවස එක්කෙනෙක් ඇවිත් වෙපන් දෙක දුන්නා. ෆොටෝ එකක් පෙන්නල මූ තමයි මෑන් කියල පෙන්නුවා. මම දැනගෙන හිටියේ නැහැ ඒ කැරොකේ වසන්ත කියල. ටී.වී. එකෙන් තමයි දැක්කේ කැරොකේ වසන්තටයි තියල තියෙන්නේ කියල“ පොඩි බලයා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ එවැන්නකි. කැරොකේ වසන්ත සමඟ ආරක්ෂකයන් සිටින බැවින් මුලින්ම ආරක්ෂකයාට වෙඩි තබන ලෙසට උපදෙස් ලැබුණු බවද කියා ඇත. එදා වෙඩික්කරුවන් මුලින්ම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නේ වසන්ත අසලම සිටි කේ. සුජීවාගේ සැමියාටය. පොලිසිය පවසන ආකාරයට අනුව එදා ඉදිරියෙන්ම ගිය වෙඩික්කරුවා පොඩි බලයාය. ඔහු කියන්නේ තමා ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වූ ගමන් කැරොක් වසන්තගේ අසල සිටි ආරක්ෂකයාට වෙඩි තුනක් තැබූ බවය. අනතුරුව ටී 56 අවියේ පත‍ෙරාම් අවසන් වන තුරු කැරොකේ වසන්තට වෙඩි තැබූ බවය. පසු පස සිටි අනෙක් වෙඩික්කරු ඉදිරියට විත් තවත් වෙඩි වරුෂාවක් එල්ල කර පසුව පලායන ඔවුන් අතරමඟදී වෑන් රථයකට ගොඩවූ බවත් කඩවත සිට අධිවේගී මාර්ගය ඔස්සේ මාතරට පැමිණි බවත් කියති. එහිදී ගිනිඅවි දෙක මාතරට පැමිණි දෙදෙනෙක් විසින් රැගෙන ගිය බවද මෙම අපරාධකරුවෝ පවසති. එම අවි දෙක රැගෙන ගියේ කවුරුන්දැයි ඔවුන් දන්නේ නැත. කැරොකේ වසන්ත මරා දැමුවාට පොඩි බලයාට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකහමාරක් වැනි මුදලක් පමණි.

තැන් තැන්වලින් කොටුකරගත් අතුරුගිරියේ වෙඩි තැබීමට සම්බන්ධ අපරාධකරුවන් කියන අමුතු කතා අතර එකිනෙකට පරස්පර කතාද බොහෝය. මේ හැම දෙයක්ම තෝරා බේරාගෙන නීතිය හමුවට නොගියහොත් සිදු වන්නේ ඔවුන් යම් දවසක නීතියෙන් ගැලවී නිදහස ලැබීමය. ඊට ඉඩ නොදී මෙම අපරාධයේ සැඟවුණු තවත් චරිත සිටී නම් ඔවුන් ද නීතියේ රැහැනට හසුකරගෙන කැරොකේ වසන්ත ඝාතනයට මුල්වූ සැබෑ හේතුව සොයා බැලීම විමර්ශන කණ්ඩායම්වල වගකීමකි.

ඡායාරූප – මීගොඩ බී. කේ. කත්‍රිආරච්චි

ගයාන් කුමාර වීරසිංහ -සිළුමිණ

SendShareShare
Previous Post

දිනන්න ඕන ඡන්ද ලක්ෂ 70 සජිත් ගන්නේ මෙන්න මෙහෙමයි! උතුරෙන්-දකුණෙන්-නැගෙනහිරින්-බස්නාහිරෙන්-කඳුකරයෙන් සජිත්ට ඡන්දෙ වැටෙන්නෙ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘නුවරඑළියේ ඉඩම දුන්නේ නැත්නම් බලාගමු’ කියලා තර්ජනය කරලා සද්දේ දාපු මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායකගේ සැමියා පොලිසියට ඇවිත් ප්‍රාදේශීය ලේකම්ගෙන් සමාව ගනී! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.