පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය රුපියල් බිලියන 2.2ක මුදලක් ඉල්ලා මහාභාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත යැවූ ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම සදහන් කරයි. Sri Lanka Latest News
ඒ අනුව ඉදිරියේදී කොමිසම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ලිපියක් යොමු කිරීමට සැලසුම් කර ඇතැයි දැනගන්නට ඇත.
කොමිසමේ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය ප්‍රතිචාර දැක්වූයේ දැයි ‘මෝනිං’ පුවත්පත කළ විමසීමකදී එහි සභාපති R.M.A.L. රත්නායක මහතා කියා ඇත්තේ ඔවුන්ට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
“අපට තවම ප්‍රතිචාරයක් ලැබී නැහැ. අපි තවත් දින කිහිපයක් බලලා ප්‍රතිචාරයක් නොලැබුණහොත්, ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගන්නවා’ යැයි රත්නායක මහතා එහිදී පවසා ඇත.