වවුනියාව තොනිකල් සර්කියුලර් මාර්ගයේ නිවසකට කඩු සහ පොලු රැගෙන අද (23) අලුයම කඩාවැදුණු පිරිසක් වැසියන්ට පහරදී නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා වවුනියාව රෝහලට අැතුළත් කොට අැතැයි වවුනියාව පොලිසිය කියයි.Sri Lanka Latest News
උපන්දින සාදයක් අතරතුර මුහුණු අාවරණයකොට කඩු සහ පොලු රැගෙන පැමිණි පිරිස සාදයේ සිටි පිරිසට පහරදී නිවසේ සිරකොට අැතැයි පොලිසිය කියයි.
අදාල පිරිස නිවසේ සිරකොට සිටියදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට අැති අතර එ සමගම නිවස ගිනිගැනීමකට ලක්ව අැති බවත් ගින්නෙන් නිවස අැතුලත සම්පූර්ණයෙන් හානි සිදුව අැති බවත් පොලිසිය පැවසීය.
ගින්නත් සමඟ සාදයේ සිටි නවදෙනකු නිවසින් පිටතට පැන දිවිබේරාගෙන ඇති අතර වවුනියාව තෝනිකල්, සර්කියුලර් මාර්ගයෙ පදිංචි ෆාතිමා සම්මා සෆීදීර් (21) තරුණිය පහරදීමෙන් හා ගිනිගැනීමෙන් තුවාල ලබා නිවසතුල මියගොස් අැතැයිද පොලිසිය වැඩිදුරටත් පැවසීය.










