ජනතාවට වග නොකියන ජනතාව වග නොවෙන රාජ්‍ය පාලනයක් නොමැති වීම නිසා රට බංකොලොත් වූ බවත් නීතිගරුක දේශපාලන යාන්ත්‍රණයක් පවති නම් මේ තත්ත්වය වෙනස් කළ හැකි බවට යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණයට පවා විශ්වාසයක් පවතින බවත් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා පැවසීය.
එතුමා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා එක්වූ අවස්ථාවේ දීය.
නීතියට ගරු කරන දේශපාලන යාන්ත්‍රණයක් පවතී නම් මේ රට වෙනස් කළ හැකි බවට ජනතාවට පවා විශ්වාසයක් ඇතිව තිබෙන බවත් මේ සාධනීය වෙනස ඉදිරියටත් ගෙන යාමට කටයුතු කල යුතු බවත් ඒ තුලින් පිරිසුදු ජනතාවට වගකියන රාජ්‍ය පාලනයක් බිහි කළ හැකි බවත් සමගි ජන බලවේගය එය ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවත් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා පැවසීය.
Sri Lanka Latest News











