විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා පොලිසිය යුද හමුදාවේද සහාය මත පසුගිය දෙසැම්බර් 17 දා සිට ජනවාරි 04 දා දක්වා දීපව්‍යාප්තව සිදුකරගෙන යන යුක්තිය මෙහෙයුමේදී වැටලීම් 25,151ක් සිදුකොට සැකකරුවන් 24,968 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය. (Sri Lanka Latest News)
එම සැකකරුවන් අතරින් 807 දෙනකු කාන්තාවන් බවද පොලිසිය පැවැසීය.
ඒ අතරින් රඳවාගැනීමේ නියෝග ලබාගැනීමට 1,362 දෙනකු වෙන්කොට තබාගෙන ඇති බව සඳහන්ය.
පුනරුත්ථාපනය සඳහා සැකකරුවන් 1,547දෙනකු යොමුකර ඇති අතර, සැකකරුවන් 203 දෙනකුගේ වත්කම් පරීක්ෂා කරගෙන යන බවද පොලිසිය පැවැසීය.
මෙම වැටලීම් අතරින් හෙරොයින් වැටලීම් 8,574ක් සිදුකොට එම මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,579.458ක් සොයාගෙන තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 4,785ක් සිදුකොට අයිස් මිලිග්‍රෑම් 8,853.37ක් සොයාගෙන ඇති අතර, ගංජා වැටලීම් 9,462ක් සිදුකොට ගංජා ග්‍රෑම් 3,23,421ක් සහ ගංජා පැල 11,78,307ක් සොයාගෙන ඇති බවද පොලිසිය පැවැසීය.
අදාළ වැටලීම්වලදී සොයාගෙන ඇති මත් පෙති සංඛ්‍යාව 72,745කි.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ප්‍රේමලාල් විජේරත්න










