බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ.Sri Lanka Latest News
ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා දිනයේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ අදාළ චක්‍රලේඛයට විරෝධතා මතුවූ බැවින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කළ බවය.
මේ අතර ගුරු කාර්යක්ෂමතා කඩයිම් වැඩසටහනට අදාල මොඩියුල සම්බන්ධයෙන් පසුගිය 17 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයද තාවකාලිකව අත්හිටුවූ බව මහින්ද ජයසිංහ සදහන් කළේය.










