වකුගඩු රෝගී දීමනාව රුපියල් 7500 සිට රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය පැවසීය.Sri Lanka Latest News
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් තෝරාගත් වකුගඩු රෝගීන් 47,244 ක් මේ වන විටත් එම දීමනාවක් ලබා සිටින බවද එම අමාත්‍යංශය පැවසීය.
වකුගඩු රෝගී දීමනාව අතිහිටුවා ඇතැයි කෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය ඒවා බවත් වකුගඩු දීමනාව, ‘අස්වැසුම’, පොහොර සහනාධාරය සහ ධීවර සහනාධාරය සියල්ලම සියලුම දීමනාවල ගෙවීම් මුදල ඉහළ දමා ඇති බවත් එම අමාත්‍යංශයේ සඳහන් කරයි.










