• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ජනාධිපති පුටුවේ වාඩිවෙලා දින 100යි! කරනවා කියලා කියපුවාගෙන් කරපු දේවල් මොනවාද? නොකරපු දේවල් මොනවද? මෙන්න ප්‍රගති වාර්තාව! I Sri Lanka Latest News

January 2, 2025
in Exclusive
Reading Time: 29 mins read
A A
අනුර 2025 අයවැය හදන්න පටන් ගනී! මුලින්ම අරන් තියෙන්නේ අධ්‍යාපනය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 23 වන දා ජනාධිපති ධූරයේ වැඩ භාරගත් දින සිට මේ වන විට දින 100ක් ගෙවී ගොස් තිබේ.Sri Lanka Latest News

ජනාධිපතිවරණයට පෙර ජනාධිපතිවරයා බීබීසී සිංහල සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහුගේ පළමු දින 100 තුළ කිරීමට බලාපොරොත්තු වන කරුණු 5ක් ඉදිරිපත් කළේ ය.

ඊට අමතරව ඔහු ඇතුළු ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් මේ වන විට ඉටු කරනු ලැබ ඇති කාර්යයන් ප්‍රමාණයක් තිබෙන අතර, ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තවත් පොරොන්දු රැසක් අන්තර්ගත විය.

ජනාධිපතිවරයාගේ පළමු දින 100 කාලය තුළ ඔහු සිදු කර ඇත්තේ මොනවා ද? මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයාබැලීමකි.

ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අතර, එහි දී බීබීසී සිංහල විමසූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පළමු දින 100 තුළ ඉහත කාර්යයන් කරන බව පැවසුවේ ය.

ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් පසු නොවැම්බර් 14 වන දා මහමැතිවරණය පවත්වා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හිමි කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය.

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු දිවුරුම් දීම අධිකරණ පද්ධතියේ මෙතෙක් සිදු වූ වෙනස්කමකි.

එමෙන් ම බදු වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මෙන්ඩිස් සමාගම මෙතෙක් හිඟ බදු නොගෙවා ඇති බැවින් එහි බලපත්‍රය අත්හිටුවීම ද සිදු විය.

තව ද අඩු අදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම සහනාධාරය ලබා දීම අඛණ්ඩව සිදු කෙරෙන අතර, අස්වැසුම හිමි පවුල්වල පාසල් යන දරුවන්ට පාසල් උපකරණ මිලට ගැනීමට රු. 6000ක දීමනාවක් ලබා දීමට ද කැබිනට් අනුමැතිය හිමි විය.


ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා කඩිනමින් ඉවත් කිරීමඉටු කර නැත
යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් බලාත්මක කිරීමඉටු කර නැත
රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට කඩිනමින් රාජ්‍ය සේවයේ රැකියා ලබා දීමඉටු කර නැත
හිඟ බදු කඩිනමින් අය කරගැනීමක්‍රියාත්මක වෙමින් පවතියි
මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට ඇති බාධා ඉවත් කිරීම සඳහා කාර්යක්ෂම හා කඩිනම් ක්‍රමවේදයක්ඉටු කර නැත
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභාවල නිර්දේශ අනුව අදාළ දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමක්‍රියාත්මක වෙමින් පවතියි
කලක් තිස්සේ නොවිසඳුණු මාධ්‍යවේදීන්ගේ, ක්‍රීඩකයන්ගේ දේශපාලන ඝාතන සහ පැහැරගැනීම් පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කර අපරාධකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමක්‍රියාත්මක වෙමින් පවතියි

මූලාශ්‍රය: BBC

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතුරින් දීර්ඝතම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ය.

ඔහුගේ එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබුණේ “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ලෙසයි.

එහි අංශ කිහිපයක් යටතේ එක් එක් අංශයේ සිදු කිරීමට බලාපොරොත්තුවන වෙනස්කම් සඳහන් කර තිබිණි.

ඒ අතර කඩිනමින් ඉටු කරණ බවට වූ පොරොන්දු කිහිපයක් සඳහන් විය.

හිඟ බදු අය කරගැනීම පිළිබඳව මේ වන විට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති අතර, මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අත්හිටවූයේ ද එහි දිගුවක් ලෙසයි.

තවද පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සහ කලක් තිස්සේ නොවිසඳුණු මාධ්‍යවේදීන්ගේ, ක්‍රීඩකයන්ගේ දේශපාලන ඝාතන සහ පැහැරගැනීම් පිළිබඳ විමර්ශන කඩිනමින් පවත්වන ලෙස නැවත සේවයේ පිහිට වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වෙත පවරා තිබේ.

ඒ අනුව, චැනල් 4 නාලිකාව විකාශය කළ වීඩියෝව සම්බන්ධ විමර්ශනයකට අදාළව සාක්ෂි විමසීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ද සිදු විය.https://flo.uri.sh/visualisation/20993136/embed?auto=1

රජයෙන් ගත් කැබිනට් තීරණ කිහිපයක්

01/10/2024

Image copyright byGetty Images

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීම

11/10/2024

විශ්‍රාමිකයින්ට රු. 3000ක අන්තර්කාලීන දීමනාවක් ලබා දීම සහ ගොවියන්ට හෙක්ටයාර 2ක් දක්වා හෙක්ටයාරයකට රු. 25,000ක පොහොර සහනාධාරයක් ලබා දීම

Image copyright byGetty Images

25/11/2024

දේශීය වෙළෙඳපොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනයට සහල් ආනයනය කිරීම

25/11/2024

ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීම

02/12/2024

Image copyright byParliament of Sri Lanka

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

02/12/2024

රාජ්‍ය ආයතනවල අධිසුඛෝපබෝගී වාහන විධිමත් ක්‍රමයකට අපහරණය කිරීම

02/12/2024

අස්වැසුම හිමි පවුල්වල පාසල් දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය මිලට ගැනීමට දීමනාවක් ලබා දීම

18/12/2024

Image copyright byGetty Images

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ගවයන් ආනයනය කිරීම

18/12/2024

ලුණු හිඟය හේතුවෙන් ලුණු ආනයනය කිරීම

  • පළමු දින 100 තුළ සිදු වූ විශේෂ සිදුවීම් කිහිපයක්

23/09/2024

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කිරීම

24/09/2024

Image copyright byFacebook

දශක දෙකකට පසුව කාන්තාවක් අගමැති ධූරයට පත්වීම

10/10/2024

Image copyright byX

(විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනමින් යළි සේවයේ පිහිටුවීම

15/11/2024

මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ආසන 159ක ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීම

Image copyright byGetty Images

16/11/2024

ඉතිහාසයේ පළමු වරට කාන්තාවන් වැඩිම ප්‍රමාණයක් (21ක්) පාර්ලිමේන්තුවට තේරී පත්වීම

18/11/2024

කැබිනට් මණ්ඩලය 21කට සිමා කිරීම සහ රාජ්‍ය අමාත්‍යධූර අහෝසි කර නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරීම

02/12/2024

Image copyright byPMD

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු දිවුරුම් දීම

13/12/2024

Image copyright byParliament of Sri Lanka

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ එල්ල වූ චෝදනා නිසා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීම

15/12/2024

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීම

Image copyright byGetty Images

17/12/2024

නව කතානායක ලෙස ජගත් වික්‍රමරත්න පත් වීම

Image copyright byParliament of Sri Lanka

18/12/2024

උපයන විට ගෙවීම් බදු සහන සීමාව රු.100,000 සිට 150,000 දක්වා ඉහළ දැමීම

18/12/2024

Image copyright byGetty Images

අදියර තුනක් යටතේ වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීම

20/12/2024

ෆිච් රේටින්ස් ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ යාම

Image copyright byGetty Images

23/12/2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ සිව්වන වාරිකය සඳහා අනුමැතිය ලැබීම

23/12/2024

මූඩීස් ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ යාම

23/12/2024

හිටපු ජනාධිපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම

31/12/2024

ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ නව යුධ හමුදාපතිවරයා ලෙස සහ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ නව නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීම

31/12/2024

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විශ්‍රාම යාම

BBC සිංහල නිව්ස්

SendShareShare
Previous Post

අලුත් අවුරුද්දේ ආණ්ඩුව තවත් සහනයක් දෙයි! I Sri Lanka Latest News

Next Post

නිල්ගල කැලේ හැංගිලා හිටපු නිට්ටෑ මිනිස්සු! උස අඩි 4යි! මුළු ඇඟම ලොම්වලින් වැහිලා! මස් ඉරාදැමිය හැකි නියපොතු! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.